Moving Average මගින් Trend හදුනා ගැනිම

කලින් ලිපියේ මම Moving Average ගැන හොද පැහැදිලි කරීමක් කරා. ගොඩක් අයට ඒක හොදට පැහැදිලි බව මට තෙරැමි ගියා. දැන් අපි යන්න හදන්නේ මෙි Moving Average කියන එක භාවිතා කරලා කොහෝමද වෙළද පොළ වැඩ කරන්නේ එහේමත් නැත්තං යන්නේ කොයි දිසාවටද කියන එක අදුන ගන්න. අමාරැ නැ. ඒ වගේම විවිධ ක්‍රම ගණනාවක් තියෙනවා. අපිට ගණිතමය වශයෙන් ගණනය කරලා හදුනා ගන්නත් පුලුවන්, එහේම නැත්තං අපිට ලබා දෙන Moving Average ඉන්ඩිකේටර් හරහා හදුනා ගන්නත් පුලුවන්. හැබැයි මතක තියා ගන්න ඔනි වැදගත්ම දේ තමයි කිසිම දෙයක් 100% ක්නමි සාර්ථක වෙන්නේ නැති බව. මොකද මම හැම තිස්සේම කියනවා වගේ Forex Market එක වැඩ කරන්නේ විවිධ මුළ්‍ය සිදුවීමි එකක්. ඉතින් ඒක වෙනස් වෙන්න පුලුවන්. හැබැයි අනුමාන කරන්න පුලුවන් බොහෝ දුරට සාර්ථක තත්වය දක්වා. දැන් අපි මෙි කථා කරන්න ආව මාතෘකාවට යන්න කලින් තව දැන ගන්න ඔනි දෙවල් ටිකක් තියෙනවා මෙි Moving Average ගැන. ඒ ටිකත් දැන ගෙනම ඉමු. කලින් ලිපිය අමතක නමි ආයෙත් කියවලා එන්න. මෙි මම කියන ඒවා ටිකෙන් පස්සේ උදාහරණ චාර්ටි එහේම දාන හින්දා ඔයාලට වඩාත් පහසුයි මෙවා හදුනා ගන්න. 

Lengths and Time frames

මෙි Moving Average වල දිග ඒ කියන්නේ බලවත් කම තීරණය වෙන්නේ අපි මෙික ගණනය කරන්න භාවිතා කරන කාල පාරාසයන් අනුව. ඒ කියන්නේ දවස් 1, 2 , 3 ..... 5 ක් වගේ ආදි කාල පාරාසයසන්(කලින් ලිපියේ මෙි කාල පාරාසයන් ගැන දාලා තියෙනවා. ) අපි හිතමු අපි භාවිතා කරන්නේ කෙටි කාල පරාසායන් කියලා, ඒ කියන්නේ කාල පාරාසයන් 5- 20 ත් අතර වගේ කියලා. මෙිකට අපි කියනවා Short Moving Average කියලා. මෙන්න මෙි Short Moving Average අපිට හොදින්ම යොදා ගන්න පුලුවන් කෙටි කාලීන දිශාවන් හදුනා ගන්න හා ගණුදෙනු සදහා. එකතොට ඔය චාර්ටි එහේම ඇනලයිස් කරන අය බොහෝ වෙලාවට භාවිතා කරන්නේ Medium Term Moving Average කියන එක. සාමාණයෙන් කාල පාරාසයන් 20-60ත් අතර අරගත්තම තමයි මෙක හදන්න පුලුවන්. එතකොට දිර්ඝකාලීන ආයෝජකයන් හා ගණුදෙනු කරන්නන් බලන්නේ Long Term Moving Average කියන එක. මොකද ඒ අය ගණුදෙනු කරන්න විශාල කාල පාරාසයන් එක්ක හින්දා. ඔය කාල පාරාසයන් 10 ක් වගේ අරගෙන කරන Short Moving Average තමයි ඔයාලා වගේ අය අතර ගොඩක්ම ජනප්‍රිය. මොකද ඒක ගණනය කරනත් ලේසි. 

Moving Average මගින් Trend හදුනා ගැනීම

ඔන්න දැන් අපි වැදගත්ම තැනට එන්නයි යන්නේ. හොදින් අධ්‍යනය කර ගෙන යන්න. දැන් අපිට අපේ MT4 එකේ ඔනෑම චාර්ටි එකකට ඔනෑම ගානක් Moving Average දා ගන්න පුලුවන්. ඉන්ඩිකේටර් වලින්. ඒ කොහෝමද ? ඔය අපි භාවිතා කරන MT4 එකේ Navigator එකේ( Market Watch කියන එකට යටින් තියෙන එක.) තියෙනවා Trend කියලා එකක්. + මාර්ක් එකක් එකක්. + මාර්ක් එකෙන් කියන්නේ එ ඇතුලේ තවත් ඉන්ඩිකේටර් තියෙනවා කියන එක.  දැන් සාමාණයෙන් ඔය චාර්ටි එකේ දිගේට ඉරක් වගේ ඇදිලා තියෙනවා වගේ පෙනවනමි ඒක තමයි Moving Average ඉන්ඩිකේටර් එක. ඒක නැත්තං මෙතනින් දා ගන්න පුලුවන්. සාමාණයෙන් MT4 මුලින් විවෘත කර ගන්න අවස්ථාවෙිදීම ඔකත් තියෙනවා. හැබැයි එකක් වගේ තමා තියෙන්නේ. මං ඉදිරියට දාන තව ක්‍රම පුහුණු කරන්න යනකොට මෙි Moving Average දෙකක් වගේ ඔනි වෙනවා , ඒ වගේම ඒවා එඩිටි කරන්නත් ඔනි වෙනවා. ඒක නිසා මේ කොටසත් වැදගත්.


දැන් මම ඔය ඊතලයකින් පෙන්නලා තියෙන Moving Average කියන එක ඩබල් කිලික් කරාම අපි දැනට විවෘත කරලා තියෙන චාර්ටි එකට ඒක ඇඩි වන්න තමයි හදන්නේ. ඒ එක්කම වෙනම වින්ඩෝ එකකුත් විවෘත වෙනවා. එකේ Parameter කියන ටැබි එකේ තියෙනවා Period කියන එක. මෙන්න මෙි Period කියන එක තමයි මම කලින් ලිපියෙන් සදහන් කල කාල පාරාසයන් ගණන. ඒ ඒ කාල පාරාසයන් දැමිමම මොකද වෙන්නේ කියලා මම ඒ ලිපියෙත් , අද ලිපියෙත් දෙකෙදිම කියලා තියෙනවා. ඒක නිසා දැනට 10 ක් වගේ දැමිමට කමක් නැ.


එතකොට මෙකේ තව තියෙනවා MA Method කියලා එකකුත්. එකේ තමයි මම කලින් ලිපියේ සදහන් කළ SMA , EMA කියන එක තියෙන්නේ. දැනට සිමිපල් තිබුනාවෙි. දැන් ඔකේ කරාම ඒක චාර්ටි එකට ඇඩි වෙනවා. දැන් යමි හෙයකින් අපිට මේ Moving Average එකේ වෙනස් කමක් එහේම කර ගන්න ඔනි වුනොත්, අපි Moving Average එක දාලා තියෙන චාර්ටි එකේ Right Click කරලා, එකේ තියෙන Indicator List කියන එකට ගිහිල්ලා, Moving Average කිලික් කරලා එතකොට අනිත් පැත්තේන් ඇක්ටිවි වන EDIT කියන එක කිලික් කරාම මෙි උඩින් දාලා තියෙන වින්ඩෝ එකටම එන්න පුලුවන්. එහේමත් නැත්තං වාර්ටි එක තම කිල්ක් කරලා CTRL+I කියන කිබොඩි සොටි කටි එක ගහපු ගමන් මෙතනට එනවා. දැන් මෙි ටික පැහැදිලිනේ. 

දැන් ඔන්න මෙි අපි දාගත්ත Period 10 , SMA එකක් මගින් සරලව Trend හදුනා ගන්නේ කොහෝමද කියන එක බලමු. මම දැන් මෙි විස්තර දාලා තියෙන්නේ පහත චාර්ටි එකට. 

සාමාණයෙන් සරල ක්‍රමවේදයකට අනුව, වෙලද පොළ මිල ගනන්. (චාර්ටි එකකදි අපිට මේක පෙන්වන්නේ Candlestick  වලින්නේ.) පෙන්වන Candlestick වලට උඩින් Moving Average එක තියෙනවනමි, වෙළද පොළ පහළ යෑමක් , ඒ කියන්නේ Down trend එකක්. ඔය මම පහල දාලා තියෙන් චාර්ටි එකේ A කියලා නමි කරලා තියෙන රවුමි වලින් පෙන්නලා තියෙන්නේ අන්න ඒ අවස්ථාවන්. 

ඒ වගේම තමයි Candlestick වලට පහළින් Moving Average එක තියෙනවනමි ඒකෙන් අපිට කියන්නේ දැන් වෙළද පොළ Uptrend එකක් කියලා. හොදින් බලන්න පහළ චාර්ටි එක දිහා. එකේ BB කියලා නමි කරලා තියෙන්නේ අන්න ඒ අවස්ථාවන්. 


මෙි දෙක සරලම ක්‍රම දෙයක් පහසුවෙන්ම trend එක හදුනා ගන්න. හැබැයි මෙ ක්‍රමය සුළු වෙනස් වීමකට ලක් වෙන්න පුලුවන්, වෙළද පොළ විශාල එහා මෙහා යාමක් එක වර පෙන්නවන්න ගත්තොත්. ඒ කියන්නේ ක්ෂණික High Movement අවස්ථාවන්. මොකද අපි මෙි දාලා තියෙන්නේ 10 Period, SMA එකක්. ඒ කියන්නේ කෙටි කාලීන තොරතුරැ තියෙන එකක්. මෙි සරල ක්‍රම දෙක පැහැදිලියි නේද ? දැන් මෙි ක්‍රම තව දුරටත් චාර්ටි බලලා වටහා ගන්න උත්සහ කරන්න ඔනි. 

ඒ වගේම තමයි මෙකෙන්ම විතරක් අපිට trend එකක් අදුන ගන්න බැ හරියටම. මොකද වෙළද පොළ වෙනස් විමි වලත් විවිධ අවස්ථා තියෙනවා. සමහර අවස්ථා වල මෙි එකකින් විතරක් කරන්න ගියොත් trend එක වැරදෙන්න පුලුවන්. මොකද වෙළද පොළ කියන එක හැමවෛලේම එක විදියටම ඉහළට  පහළට යන්නේ නැනි හින්දා. සමහර අවස්ථාවන් වලදි මෙික වෙනස් අතකට හැරෙන්න පුලුවන්. ඒ පිළිබදවත් අපි දැන ගෙන ඉන්න එක වැදගත්. අන්න ඒ අවස්ථාවන් වලදි හරියටම (අනුමාන වශයෙන්) Trend එක අදුන ගන්න අපිට තවත් Moving Average එකක් දා ගන්න අවශ්‍ය වෙනවා. 

දැන් මෙි මොකක්ද කිවිවේ කියලා ප්‍රශ්ණ්‍යක් ඇති. අඩු කාල පාරාසයක ඒ කියන්නේ 10 Period වගේ SMA එකක් දාගෙන ඉන්නකොට අපිට එකෙන් පෙන්නන් පුලුවන් දැන් ඉහළ යාමක්. නමුත් වෙළද පොළ පහළ යාමක් වුනොත් ඇත්තටම. අන්න ඒ වගේ අවස්ථාවක් 

ඉතින් මෙන්න මෙි වගේ අවස්ථාවක් එන්න පුලුවන් හින්දා, අපිට කරන්න පුලුවන් දෙයක් තමයි තවත් Moving Average එකක් දාගෙන තියා ගන්න කාල පාරාසයන් 20 - 30 ක වගේ අතර. ඒකක් දැමිම ගමන් බලාගන්න පුලුවන්. අර කලින් තිබිබ එකට වඩා සිග්නල් දෙන එක තරමක් වෙනස් වෙලා තියලා. ඒක එහේම වෙන්නේ වැඩි කාල පාරාසයක් එකක් දාලා තියෙන Moving Average එකේ තොරතුරැ ප්‍රමාණය වැඩි හින්දා. අනික 20-30 කාල පාරාසයන් දැමිමම, අපිට සිග්නල් හමිබෙන්නේ 10 වගේ කාල පාරාසයටක වඩා වැඩි කාලයකට. ඒක හින්දා, මෙි දෙකම දාගෙන තියාගත්තට ප්‍රශ්ණයක් නැ. මොකද ඒ දෙකෙන්ම ලැබෙන තොරතුරැ ගැන හිතලා බලලා, ඊළගට යන trend එක මොකක්ද කියලා අවබෝධයට ගන්න පුලුවන්. මොකද මෙි සමිබන්ධව මම නිවිස් Trading ලිපි පෙළ ඉදලා දාලා ඇති. ඒවත් කියවලා අවබෝධයට ගන්න.  

Double Crossovers

Moving Average දැන් අපි මෙි මුල තොරතුරැ වලින් ඔබිබට ගිහිල්ලා තවත් ටිකක් වෙනස් සිදුවීමක් හා ක්‍රමයක් ගැන කථා කරන්න තමයි සුදානමි වෙන්නේ. මොකද එකම ක්‍රමවෙිදයට ගනුදෙනු කරන්න ගියොත් ආමාරැවෙි වැටෙන්න පුලුවන් හින්දා. ඒක නිසා අපි හැම දෙයක් ගැනම දැනගෙන සිටිම ඉතා වැදගත්. දැන් අපි මෙ මාතෘකාවට කලින් කථා කරපු විදියට Moving Average දෙකක් භාවිතා කරන්න පුලුවන් කියලා කිවිවනේ. අන්න ඒ වගේ දෙකක් භාවිතා කරලා අපිට හදා ගන්න පුලුවන් තවත් සිග්නල් වර්ගයත් තමයි මෙි Crossovers සිග්නල් කියලා කියන්නේ. සරලවම කියනවනමි Moving Average දෙකක් එකි නෙකට කැපෙන ස්ථානයන්. හැබැයි මෙකට අපි දාලා තියෙන Moving Average දෙකම එකම කාල පාරාසයන් වලින්නමි වෙන්න බැ. මොකද එහේම වුනොත් යන ලයින් එක දෙකම එකයිනේ. ඒක නිසා කාල පාරාසයන් 10 එකයි 20 හෝ 30 එකයි වගේ තිබිබනමි ඇති. මොකද මෙි Double Crossovers කියන එක හැදෙන්න අපිට එක කෙටි කාල පාරාස Moving Average එකකුයි, දිග කාල පරාස Moving Average එකකුයි අවශ්‍ය වෙන නිසා. සාමානෙයන් අපි භාවිතා කරන්නේ කාල පරාස 5 ක එකකුයි, කාල පරාස 20 ක Moving Average එකකුයි නමි අපිට කෙටි කාලින සිග්නල් ලබා ගන්න හැකියාවත් තියෙනවා. එහේම නැතිව 50 , 200 වගේ භාවිතා කරනවනමි මධ්‍යම හෝ දිගු කාලින සිග්නල් ලබා ගන්න පුලුවන්. 

ඉහළ යන අවස්ථාවක් ඒ කියන්නේ bullish crossover එකකදි, අපි දාලා තියෙන කෙටි Moving Average එක දිගු Moving Average එකට උඩින් කපාගෙන යනවනමි ඒකට අපි කියනවා, golden cross එකක් කියලා. ඒ වගේම තමයි පහළ යන අවස්ථාවක ඒ කියන්නේ bearish crossover එකකදි කෙටි Moving Average එක දිගු Moving Average එකට පහළින් කපාගෙන යනවනමි ඒකට අපි කියනවා dead cross එකක් කියලා. ඔය මම පහතින් දාලා තියෙන පින්තුරය හොදින් බලන්න. 


දැන් මම මෙි ඉහත ඡායාරැපය ගත්තේ මම මෙි ලිපිය ලියපු දවසේමයි, ඒ කියන්නේ 2015/6/16 දින. එදින මට හරිම පහසුවෙන් මෙි මම උඩින් කියපු crossover ක්‍රම දෙකම හදුනා ගන්න පුලුවන් වුනා. ඒක ඔයාලටත් හොදන පේනවා. ඔය මම රතු පාටින් රවුමි කරලා තියෙන්නේ ඒක තමා. 

A - මෙතින්න පෙන්නලා තියෙන්නේ bullish crossover එකක්. සාමාණයෙන් bullish crossover එකක් ආවොත් ඒක වෙළද පොළ ඉහළ යවන්න හේතුවෙක් වෙනවා. ඒකනේ මෙි bullish crossover එකට අපි golden cross එකක් කියලත් කියන්නේ. පැහැදිලිද ?

B - මෙතන තියෙන්නේ bearish crossover එකක්. දැක්කේ එකෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ කියලා. වෙළද පොළ ඩවුන්. ඒකෙන් අපිට පෙන්වා bearish crossover එකක් ගියොත් වෙළද පොළ පහළ යන්න හේතුවක වෙන බව. අන්න ඒක නිසා තමා මෙිකට කියන්නේ dead cross එකක් කියලා. මොකද වෙළද පොළ පහළ යන්න හේතුවක් හින්දා. 

දැන් දිගට හරහට මෙවයින් ට්‍රෙිඩි කරන්නද හිතාගෙන ඉන්නේ. ඔවි මෙවත් භාවිතා කරලා කරන එක හොදයි තමයි. හැබැයි දැන ගන්න ඔනි දෙවල් ටිකකුත් තියෙනවා. මෙි crossover ක්‍රම වලින් හොද සිග්නල් ගන්න පුලුවන් වුනත් ඒක pips, 10, 50 ,100 ඒවා වෙයිද කියලානමි කාටවත් කියන්න බැ. මොකද ඒ තමයි වෙළද පොලේ හැටි. ඒක නිසා තම තමන්ගේ අභිමතය පරිදි, දැනුම භාවිතා කරලා ඒක තිරණය කර ගන්න. කොහොමත මම අනුමත කරනනේනමි එන ලාභය ඇරගෙන වහාම ගනුදෙනුව ඉවර කරලා දාන්න කියලා තමයි. 

Support and Resistance

Moving Average ඉහත ක්‍රම වගේම ඉහළ යන අවස්ථාවක Support එකක් විදියටත්, පහළ යන අවස්ථාවක Resistance එකක් විදියටත් භාවිතා කරන්න පුලුවන්. සාමාණයෙන් කාල පාරාසයන් 20 ක වගේ Moving Average අපිට කෙටි කාලීන ඉහළ යාමක් අදුනා ගන්න පුලුවන් කම ලැබෙනවා මෙි Support භාවිතා කරලා. ඒ වගේම තමයි කාල පාරාසයන් 200 ක වගේ Moving Average එකකින් අපිට දිගු කාලින ඉහළයාමක් අදුන ගන්න පුලුවන් වෙනවා Support භාවිතා කරලා. 

 

සාමාණයෙන් ඔය අපි භාවිතා කරනවා වගේ කාල පාරාසයන් 10, 20 Moving Average එකක් Support අවස්ථාවන් වල පිහිටලා තියෙනවනමි ඒක බොහෝ විට ඉහළ යාමක් (UP TREND) එකක් විදියට අනුමාන කරන්න පුලුවන්. ඒ වගේම තමයි මෙි Moving Average එක Resistance අවස්ථාවල පිහිටලා තිබෙනවනමි ඒක බොහෝ විට පහළ යාමක් (DOWN TREND) ඒකක් විදියට අදුනා ගන්න පුලුවන් කම ලැබෙනවා. ඔන්න ඔහෝම තමයි Moving Average අපි Support and Resistance විදිටයත් භාවිතා කරන්නේ. පහත ඡායාරෑපය බලන්න. 


Moving Average ලිියෙිදි මම දාලා තියෙන සියලුම ඡායාරෑප Live Trading Chart වලින් ලිපිය ලියන අවස්ථාවන් වලිදිම ගත්ත ඒවා නිසා මෙිවා 100% ප්‍රාෙයා්ගික බව දැන ගන්න ඔනි. ඒක නිසා මෙි කිසිවක් ප්‍රාෙයා්ගික නැති ඒවා නැ. 

දැන් මෙි ලිපියෙන් ඔයාලා බොහෝ කරැණු හා අතිශය වැදගත් ක්‍රම කිහිපයක්ම ඉගෙන ගත්තා. මොකද මම නමි හිතන්නේ නැ ලංකාවෙි කිසිම Forex වෙබි අඩවියක් මෙි විදියට පැහැදිලි කරලා දෙයි කියලා. ඒක ඒ ඒ අයගේ දැනුමෙි හැටි. අපි වෙනස් නිසා තමයි, හරි දේ හරියට තෙරෙන විදියට දෙන නිසා තමයි අද වෙනකන් කිසිදු ගැටලුවක් නැතිව අවුරැදු 3 ක් තිස්සේ ඉතාමත් හොදින් අපි මෙි වැඩෙි කර ගෙන එන්නේ. කොහෝම වුනත් Moving Average ලිපිය මෙතනින් අවසානයි. මෙික වැටහෙන්නේ නැතිනමි නැවත නැවත කියවලා අවබෝධයට ගන්න උත්සහ කරන්න ඔනි. මොකද මෙවා ඉතාමත් වැදගත් සාර්ථක ලෙස ලාභ ලබන්න. 

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.