කොහොමද Forex කරන්න පටන් ගන්නේ ?
Forex කියන්නේ මොකක්ද ? - What is Forex ?
මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග
මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verify කිරීම
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න
Basic Trading - 1 (ගණුදෙනු කරමු)
Basic Trading - 2 (ගණුදෙනු කරමු)
Basic Trading - 3 (Lots , Leverage , Margin)
Demo Account තව දුරටත් පුහුණු වෙමු.
මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
Economic Calendar භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
Candlestick Pattern - සදහා ආරමිභයක්
ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
Technical Analysis සදහා ඇරඹුමක්
Support and Resistance
Moving Average හදුනා ගැනීම හා ගණනය කිරීම
Moving Average මගින් Trend හදුනා ගැනිම
RSI භාවිතා කරන්නේ කෙසේද ?
Fibonacci Retracements භාවිතා කිරීම
Bollinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
Chart Pattern 01
Inside Bar Trading පිළිබදව
Price Action - ගැන මුල සිට
Price Action With Trend Line
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
මතක තබා ගත යුතු වැදගත් කරැණු.
Consumer Price Index (CPI) News වැදගත් වීමට හේතු
Fibonacci Retracements මෙි වගේ නමක් ඇහුනම ඇත්තටම අපේ ට්‍රෙඩින් කරන අය ටිකක් විතර බය වෙනවා. මොකද නමත් ටිකක් ගැඹුරැයු වගේනේ. නමුත් මම හැමදාම කියනවා වගේ ඔනිම දෙයක් ඉගෙන ගත්තම අමාරැ නැ. හැබැයි අවබෝධයෙන් අධ්‍යනය කරන එකනමි අත්‍යාවශ්‍යම වෙනවා. මෙ කාරණය මම හැම ලිපියක් ආරමිභයේදිම වගේ කියන්නේ එකේ තියන වැදගත් කම හින්දා. හොදයි. මෙකත් එ වගේම තමයි. හරියට ඉගෙන ගන්න කෙනාට ඉතාමත් හොද ප්‍රෙයා්ජනයක් මෙකෙන් ලබා ගන්න පුලුවන්.
මොකක්ද මෙි Fibonacci Retracements කියන්නේ ?
මුලින්ම කියන්න ඔනි මෙි Fibonacci Retracements කියන එක ටිකක් දිග මාතෘකාවක්. මොකද මෙි Fibonacci Retracements අපිට අපි කලින් කථා කරපු , Candlestick Pattern, Support And Resistance , Trend Line, ආදි ක්‍රම සමගත් භාවිතා කරන්න පුලුවන් හින්දා. ඒක නිසා මම මෙි ලිපිය හැකි උපරිම අයුරින් සරල කරලා වටහා ගන්න පුලුවන් විදියට මෙි ඔක්කෝම ඇතුලත් වෙන විදියටත් ලියන්න තමයි කල්පනා කරේ. ඒක නිසා ටිකක් දිග වැඩි වෙන්නත් පුලුවන්. කෙටි වෙන්නත් පුලුවන්. ඒක අපි බලමු ලිපිය අවසාන වුනාම.
කොහෝම වුනත් මෙි Fibonacci Retracements කියන එක Leonardo Fibonacci කියන ගණිතඥයා විසින් 12 වන සියවසේදි තමයි හදුන්වලා දිලා තියෙන්නේ. හැබැයි ඒක එචිචර ප්‍රසිද්ධ වුනේ නැ. පස්සේ Ralph Elliot කියන පුද්ගලයා විසින් මෙි ක්‍රමය දියුණු කරලා තමයි අද වන විට අපි භාවිතා කරන තත්වයට පත් කරලා තියෙන්නේ. මෙි ක්‍රමයේ එහේමත් නැතිනමි Fibonacci Retracements කියන ක්‍රමයේ ප්‍රධානම අරමුණ තමයි, මුදලේ අගයන් ඉහළට හෝ පහළට තල්ලු විම පිළිබද ඒවායේ ප්‍රතික්‍රියා මටිටම (ඇතිවන බලපෑම නැතිනමි Support and Resistance) ගැන අනාවැකි (Forecast ) පළ කිරිම. මෙ ක්‍රමය මුලික වශයෙන් අපි හදුනා ගන්නේ ගණිතමය ක්‍රමයක් මගින්. ඒකට ප්‍රධාන වෙලා තියෙන්නෙත් අංක ක්‍රමයක්. Fibonacci අංක කියලා හදුන්වන්නෙත් එක තමා. ඒ කියන්නේ. 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 611… ආදි ලෙස. මෙ අංක ක්‍රමය හැදිලා තියෙන්නෙත් හරි අපුරැ විදියට. දැන් ඔය මම උඩින් දාපු අංක වල පළමු 1,1 එකතු කරාම 2 වෙනවා, (1+1) ඊට පස්සේ 1+2 එකතු කරාම 3 වෙනවා. 2+3 එකතු කරාම 5 වෙනවා. ඔන්න ඔය ආදි වශයෙන් තමයි මෙි අංක පිළිවෙළ හැදිලා තියෙන්නේ. මෙික මතක තියා ගන්න.
කොහෝමද මෙි Fibonacci Retracements භාවිතා කරන්නේ ?
බොහෝ විට පොදුවෙි Fibonacci Retracements හදුනා ගැනීම සදහා අපි භාවිතා කරන්නේ ප්‍රතික්‍රියා මටිටම අවසානයේ අපිට ලැබුනු ඉහළම හා පහළම මටිටමි භාවිතයෙන්. සරලවම පැහැදිලි කලොත් මොකක් හරි මුදල් වර්ගයක අපි භාවිතා කරන කාල සීමාවෙි ඉහළම හා පහළම අගයන්. (Support and Resistance) මෙි අගයන් අපි හොයා ගත්තට පස්සේ අපිට පුලුවන් Fibonacci අදින්න. මෙික ඇන්දම අපිට භාවිතා කරන්න පුලුවන් ප්‍රධානම මටිටමි තමයි 61.8%, 50% සහ 38% කියන්නේ. හරියට අපි RSI වල භාවිතා කරපු 30, 50 , 70 වැනි අගයන් වගේ.
ඒ වගේම තමයි අපිට මෙි දෙන 61.8%, 50% සහ 38% අගයන් කොහෝමද එන්නේ කියන එක අපිට ගණනය කරන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැ. මොකද අපි භාවිතා කරන MT4 මෘදුකාංගය ඒක ස්වංක්‍රියව ගණනය කරන හින්දා. අපිට අවශ්‍ය වෙන්නේ කෛාහෝමද මෙික හරියට ඇදගන්නේ කියන එක. අනිත් වැදගත්ම කාරණය තමයි මෙි Fibonacci Retracements අපිට හැම අවස්ථාවකම භාවිතා කරන්නත් බැ. එත් එකක්ම අපිට අවශ්‍යනමි Fibonacci Retracements අදින්න, එක අපිට ඔනි ඔනි තැන අදින්නත් බැ. මොකද එහේම අදින්න ගියොත් Fibonacci Retracements වරදිනවා. අන්න ඒක නිසා අපිට Fibonacci Retracements අදින්න සුදුසුම ස්ථානයන් හොයා ගන්න වෙනවා.
Fibonacci Retracements සදහා භාවිතා කරන ස්ථානයන්.
මෙතනදි ප්‍රධාන වශයෙන් අපි අවස්ථා දෙකක් හදුනාගැනිම කළ යුතුයි. ඒ තමයි Swing High, Swing Low කියන ස්ථානයන් දෙක. මොකක්ද මෙි. Swing High, Swing Low කියන්නේ. Swing High කියන්නේ අපි භාවිතා කරන චාර්ටි එකක් තියෙන කැන්ල්ඩිස්ටික් වල Resistance ස්ථානයන්. මෙික Swing High එකක් වෙන්නනමි ඉහළට දිගු ෂැඩෝ එකක් එකක් තියෙන Candlestick එකකුයි, ඒක දෙපැත්තේ මීට වඩා පොඩි ෂැඩෝවි එකක් තියෙන Candlestick දෙකකුයි තියෙන්නේ ඔනි. දෙපැ්තතෙ එකක් හෝ දෙකක් තිබුනාට කමක් නැ. ඔය මම පහතින් දාලා තියෙන්නේ මෙි Swing High කියන එකට උදාහරණයක්.
එතකොට Swing Low කියන්නේ මෙකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ පහළ අවස්ථාවක, දිගු ෂැඩෝ එකක් සහිත Candlestick ඒක දෙපැත්තේ මීට වඩා පොඩි ෂැඩෝවි එකක් තියෙන Candlestick දෙකකුයි තියෙන්නේ ඔනි කියන එකයි. මෙි Swing Low කියන එකට උදාහරණයක් මම පහතින් දාලා තියෙනවා.
දැන් මෙින්න මෙි වගේ Swing High, Swing Low දෙකක් නැතිව අපි වෙන වෙන තැන්වල Fibonacci අදින්න යන්නේ නැ. මොකද මම උඩින් කිවිවා වගේ එහේම අදින්න ගියොත් තමයි මෙික වරදින්න. ඒක නිසා අපි Fibonacci අදින්න කලින් අපිට අපේ චාර්ටි එකේ පැහැදිලිව පේන මෙි වගේ ස්ථානයක් දෙකක් අනිවාර්යෙන්ම හොයාගන්න වෙනවා. එහේම නැතිව මෙි වැඩෙි කරන්න බැ.
දැන් මෙි Swing High, Swing Low කියන කථාව පැහැදිලිනේ. මම උඩින් කිවිවා වගේ මෙවැනි අවස්ථා නොමැතිව මෙ ක්‍රමය භාවිතා කරන්න යන්න එපා. ඒක අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු දෙයක්. මොකද ඔබ එහේම කරන්න ගියොත් වෙන්නේ. මෙි ක්‍රමයට අදාලව නිසි සුදුසුකමි සමිපුර්ණ වෙලා නැති හින්දා , අවසන් තිරණ වැරදි වෙන්න පුලුවන් කියන එක. එහේම වුනොත් දන්නවනේ. අනිවාර්යෙන්ම ලොස් තමයි. අනික් වැදගත්ම කාරණය තමයි Fibonacci Retracements සදහා අපිට නිවැරදි අපි සොයන ආකාරයෙන්ම දත්ත නැතිනමි ඒත් භාවිතා කරන්න යන්න එපා. දැන් අපි මෙි Fibonacci Retracements කොහෝමද ගනුදෙනු සදහා යොදා ගන්නේ කියන ආකාරය ගැන බලන්න කලින් අපි බලලා ඉමු කොහෝමද අපේ MT4 එකෙන් මෙි Fibonacci Retracements චාර්ටි එකට දා ගන්නේ කියන එක. මොකද ඒක දන්නේ නැතිව Fibonacci Retracements ගැන කථා කරලා වැඩක් නැනේ.
ඔය මම උඩ පින්තුරයේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ මෙි Fibonacci අපි චාර්ටි එකට ගන්න තැන. මෙතන කිලික් කරලා අපිට පුලුවන් කම ලැබෙනවා අපි චාර්ටි එකේ තොරාගත්ත Swing High, Swing Low එකක් අතර මෙි Fibonacci අදින්න. ඒ කියන්නේ මෙි Fibonacci අයිකන් එක අපි කිලික් කරලා චාර්ටි එකේ උඩ ස්ථානයක් ඉදලා මවුස් එකේ කිලික් එක අත අරින්නේ නැතිව චාර්ටි එකේ පහල තැනකට ඇවිල්ලා අතහැරියම අපිට මෙි Fibonacci ඇද ගන්න පුලුවන්. එක ඇදගෙන යනකොට රතුපාටින් කඩ ඉරක් මතු වෙන හින්දා අපිට පහසුවෙන්ම අපි අදින ස්ථාන දෙක අතර මෙික ඇද ගන්න පුලුවන් කම ලැබෙනවා මම පහතින් දාලා තියෙන ආකාරයට.
දැන් මෙිකරන විදිය හොදට පුරැදු වෙන එක තමා මුලිකවම කරන්න ඔනි දේ. පුරැදු වීම සදහා ඔනෑම ස්ථානයක මෙි Fibonacci ඇදලා පුරැදු වුනාට ප්‍රශ්ණයක් නැ. මොකද ඒ පුරැදු වෙන්න අවශ්‍ය නිසා. අපි අදින Fibonacci එකක් අපිට ඉවත් කරන්න ඔනිනමි අපි ඇන්ද චාර්ටි එකේ මැද Right click කරලා එන ලිස්ටි එකේ Object List කියන එක කිලික් කරාම අපිට අපි දැනට ඇදලා තියෙන Fibonacci ටික එනවා. එතනින් ඒක අයින් කරගන්න පුලුවන්. ඒහේමත් නැතිනමි චාර්ටි එක උඩ කිලික් කරලා. CTRL+B කීබෝඩි කී භාවිතා කරත් මෙි තැනටම එන්න පුලුවන්. ඒක නිසා සත්‍ය ගණුදෙනු සදහා භාවිතා කරන්න කලින් මෙික ටිකක් හොදට පුරැදු වෙන්න හැමෝම මතක තියා ගන්න අවශ්‍යයි.
දැන් අපි බලමු කොහෝම මෙි Fibonacci භාවිතයෙන් Trade කරන්නේ කියන එක ගැන. ඔන්න මම ආයෙත් කියනවා ඉහත අපි ඉගෙන ගත්ත ආකාරයෙන් විස්තර නැතිනමි මෙි Fibonacci භාවිතා කරන්න යන්න එපා කියලා. ඒක ඉතාමත් හොදින්ම මතක තබා ගන්න.
දැන් අපි Fibonacci ඇදීම සදහා Swing High, Swing Low කියන දෙක තෝරා ගැනිමෙදි අපි බලන චාර්ටෙි එකේ අපිට මෙිවැනි අවස්ථා ගොඩක් හමුවෙනවානමි එතනදි එක ළග ඇති හොදින්ම හදුනා ගත හැකි Swing High, Swing Low කියන දෙක තෝරාගන්න මතක තබා ගන්න. අනික සාමානයෙන් ගොඩක් ගණුදෙනු කරැවන් මෙි Fibonacci ඇදීම සදහා භාවිතා කරන්නේ සාමණයෙන් H4, D1, W1, කියන චාර්ටි. මොකද ඒවයෛ් වඩාත් පැහැදිලිව අතීත විස්තරත් දර්ශණය වන හින්දා. හැබැයි මතක තියා ගන්න. ඔබ තෝරාගන්නා කාල රාමුව වැඩි වෙන්න වැඩි වෙන්න. Fibonacci මගින් සිග්නල් එකක අපි හදුනාගත්තත් ඒක ක්‍රියාත්මක වන කාලසීමාව වැඩි බව. ඒ කියන්නේ දිගු කාලීන සිග්නල්. පැහැදිලිද ?
BUY ගණුදෙනුවක් සදහ Fibonacci භාවිතා කරන අන්දම.
සාමාණයෙන් අපි Fibonacci දාන්න කලින් අපි අපේ චාර්ටි එක යන දිශාව අපි අදුර ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. සාමානයෙන් වෙළද පොළ තිබිය යුතු ආකාරය UP Trend එකක් සදහා පහත් ආකාරය තමයි අපි බලාපොරොත්තු විය යුත්තේ.
මොකද මෙහේම වෙළද පොළ තිබෙන අවස්ථාවන් වලදි අපට පහසුවෙන් Swing High, Swing Low කියන දෙක අදුන ගන්න පුලුවන් කමක් තිබෙන හන්දා. මෙ කථාව හොදින් මතකයේ තබා ගන්න. දැන් අපි කරන්න ඔනි වෙන්නේ මෙින්න මේ වගේ අවස්ථාවත් අපි තෝරාගත් වෙළද පොල චාර්ටි එකේ තියෙනවනමි එතනින් හොදම Swing High, Swing Low කියන දෙක තෝරා ගන්න එක. පහතින් මම ඒ ආකායෙන් H4 චාර්ටි එකක Swing High, Swing Low කියන දෙකක් තෝරාගෙන Fibonacci එකක් ඇදලා තියෙනවා. ඒක හොදින් අධ්‍යනය කරන්න.
දැන් ඔයාලට පැහැදිලි පේනවා ඇති මම තෝරාගෙන තිබෙන Swing High, Swing Low කියන අවස්ථාවන් දෙක තමා ඔය කොළ පාටින් රවුමි කරලා තියෙන්නේ. සාමාන්‍යෙන් අපි වෙළද පොළ ඉහළ යන අවස්ථාවක ඒ කිය්නේ UP Trend එකක Fibonacci අදින්න Swing High එකේ ඉදලා Swing Low එකට. ඒක මතක තබා ගන්න.
දැන් මොකක්ද අපිට මෙකෙන් ගන්න පුලුවන්. හොදින් බලන්න මම දාලා තියෙන පින්තුරය දිහා. අපි Fibonacci එක ඇන්දට පස්සේ අපේ 100 ලයින් එකෙන් පසුව නැවතත් වෙළද පොළ පහළට ඇවිල්ලා තියෙනවා කියන එක ඔයාලට පෙන්වා ඇති. මොකද මෙි චාර්ටි එක මම තෝරගෙන තියෙන්නේ 2015 අගොස්තු 13 ඉදලා 27 දක්වා කාල පාරසයක් පෙන්වන ආකාරයෙන්. මෙික EUR/USD චාර්ටි එක. දැන් මෙකෙන් අර 100 ලයින් එකෙන් පස්සේ වෙළද පොළ පහළට එන අවස්ථාවන් වලදි Down Candlestick එකක ෂැඩෝ එකකින් 50 ලයින් එක Cross කරලා තියෙනවා ඔබට පෙන්වා ඇති. අන්න ඒ වගේ අවස්ථාවක් අපිට ආවොත් අපිට අනුමාන කරන්න පුලුවන් වෙළද පොළ එතනින් පස්සේ තව සුළු දුරක් ඉහළට ගමන්න කරන්න පුලුවන් කියන එක. ඒක ඔයාලට චාර්ටි එකෙන් හොදටම පෙන්වා. මෙි වගේ අවස්ථාවන් වල අපිට Short term BUY Signal භාවිතා කරන්න පුලුවන් කියන එක තමයි මගේ මතය. ඒ වගේම තමයි මෙි වෙළද පොළ මෙයාකාරයෙන් නැවත ඉහළට ගොස් පැහැදිලිව අපිට පේන ආකාරයට 100 ලයින් එක UP trend Candlestick එකකින් කැපුනොත් එතනින් එහාට වෙළද පොළ තව දුරටත් ඉහළ යාවි. අන්න ඒ අවස්ථාවේ අපිට Long Term Buy signal එකකට මග පාදා ගන්න පුලුවන් කම ලැබෙනවා. එතනදි 100 ලයින් එකෙද් at Price එකත්, 161 ලයින් එකෙදි හෝ ඊට පහළින් Take Profit එකත් , 61 ලයින් එකේදි හෝ ඊට ටිකක් ඉහළදි Stop Loss එකත් අපිට දා ගන්න පුලුවන්. ඔන්න ඔක තමයි Fibonacci භාවිතා කරලා BUY එකකට යන්න පුලුවන් පහසුම විදිය. ඒ වගේම තමයි අපි බලාපොරෙතාතු වුන ආකාරයට වෙළද පොළ 161 ලයින් එකත් පසු කරොත් වෙළද පොළ නැවතත් වරක් පහළට එන්න තියෙන සමිභාවිතාවය ඉතාමත් ඉහළයි. එවන් අවස්ථාවත් අවශ්‍යනමි Sell ගණුදෙනුවක් බාවිතා කරන්නත් පුලුවන්.
Sell ගණුදෙනුවක් සදහ Fibonacci භාවිතා කරන අන්දම
ඉහතින් අපි BUY ගණුදෙනුවක් සදහා භාවිතා කරන අන්දම කථා කරා වගේම දැන් අපි SELL ගණුදෙනුවක් සදහා කොහෝම භාවිතා කරන්නේ කියන එකත් බලමු. මම උඩින් කිවිවා වගේ Down Trend එකක අදින Fibonacci එකකින් තමයි අපි SELL ගණුදෙනුවක් දා ගන්න අවස්ථාවත සකසා ගන්නේ. එවැනි අවස්ථාවක අපි Fibonacci අදිනවානමි වෙළද පොළ තිබිය යුතු වන්නේ පහත ආකාරයෙන්.
දැන් මෙවැනි ආකාරයේ අවස්ථාවක් අපිට හදුනා ගන්න පුලුවන් වුනාම. මෙතෙක් අපි අර උඩින් කථා කරපු Swing High, Swing Low අවස්ථාවන් දෙක පැහැදිලිවම හදුනා ගන්න පුලුවන් එක ළග අවස්ථා දෙකක් හදුනා ගන්න එක අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා. එහේම අපි හදුනා ගත්තට පස්සේ, අපිට පුලුවන් මෙි Fibonacci එකක් පහසුවෙන් ඇද ගන්න. හැබැයි මතක තබා ගන්න අපි Fibonacci අදින්නේ Down Trend එකකනමි එක අදින්න ඔනි Swing Low එකේ ඉදලා Swing High එකට. මම පහතින් දාලා තියෙනවා මෙි වගේ අවස්ථාවක මම ඇදපු Fibonacci එකක්.
දැන් මෙි උඩින් මම දාලා තියෙන චාර්ටි එක දිහා හොදින් බලන්න. මම අර උඩින් BUY ගණුදෙනුවෙිදි කිවිව ආකාරයටම තමයි මෙි Down Trend එකේදිත් වෙලා තියෙන්නේ. දැන් මෙතන පහළට එන Candlestick 50 ලයින් එකෙ අතර අර උඩින් කියපුවා වගේ රැදිලා නැ. ඒකට හේතුව තමයි මෙි Down Candlestick එක තනි Candlestick එකකින්ම 50 ලයින් එක කැපිලා තියෙන හන්දා. එක ෂැඩෝ එකකින් කැපුනානමි 50 ලයින් එකයි, 61 ලයින් එකයි අතර යමි කාලසීමාවක් රැදිලා තියෙන්න පුලුවන්. අපි කලින් කිවිවා වගේ මෙි Down Trend එකේ 100 ලයින් එක කැපුන ගමන් වෙළද පොළ තව දුරටත් පහළට ගිහිල්ලා තියෙන ආකාරය ඔබට පෙන්වා ඇති. එතනදි 161 ලයින් එක දක්වාම පහළට ගිහ්ලාල නැති වුනත් බොහෝ දුරට තවත් පහළට ගිහිල්ලා තියෙනවා. අන්න එවන් අවස්ථාවකදි 100 ලයින් එක කැපුන ගමන් ඔබට පුලුවන් Sell ගණුදෙනුවක් ආරමිභ කරන්න. Take Profit 161 ලයින් එක හෝ ඊට ඉහළින්, Stop Loss එක 61 ලයින් එක හෝ ඊට පහළින්. ඒ වගේම තමි අපිට හදුනා ගන්න පුලුවන්නමි 100 ලයින් එකෙනුත් පහළට ආපු Down trend එක දැන් අවසානයි වගේ කියලා, අපිට පුලුවන් කම ලැබෙනවා නැවත BUY Trade එකත් විවෘත කරන්නත්. ඒ එක්කම ඔබට පෙන්වා ඇති 100 ලයින් එකේ පහළ ගිය වෙළද පොළ 61 ලයින් එකයි, 50 ලයින් එකයි අතර යමි කාලයක් දෝලනය වෙලා තියෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මම උඩින් BUY ගණුදෙනු කතාවෙදිත් කිවිවෙි.
මෙන්න මෙි ක්‍රමය තමයි මෙි වගේ ගනුදෙනු සදහා යොදා ගන්න පුලුවන් පහසුම විදිය. මෙි ලිපිය කියවමු ගමන් සත්‍ය ගනුදෙනු වලට නොයා, අතිත කාලයන් වල චාර්ටි එකක හොදට මෙි Fibonacci ඇදලා පුරදු වෙන්න අවශ්‍යයි. මොකද පුරැදු පුහුණු වීමකින් තොරව කාටවත් නිසි අවබෝධයක් ලබන්න බැරි නිසා. ඒක නිසා මෙි ලිපිය කියවන අතරම ඉතාමත් හොදින් පුරැදු පුහුණු වෙන්න වග බලා ගන්න.
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.