Welcome to Lakforex Logo,
100% Free Forex Course.

Forex නිවසේ සිට අමතර ආදායමක් කරගන්නා ආකාරය පියවරෙන් පියවර සරලවම ඉගෙන ගන්න.

පිවිසෙන්න

තවත් අලුත් මාතෘකාවක් තමයි අද මම මේ ලිපියෙන් ලියන්න කල්පනා කරේ. Bollinger Bands ගැන ගොඩක් අය අහලා ඇති. හැබැයි මන් දන්නවා හරියට ඉගෙන ගන්න කොහෙන්වත් ලිපියක් හමිබ වෙන්න නැතිව ඇති. අන්න ඒ කාරණාව හින්දා මම විශේෂයෙන් මෙ ලිිපියෙන් කල්පනා කරා මෙි Bollinger Bands භාවිතා කරලා අපේ ගණුදෙනු වලට කොහෝමද හරියාකාරව ඊළග වෙනස් විම හදුනා ගන්නේ කියන එක ගැන ක්‍රම වෙිද කිහිපයක් කියා දෙන්න. මෙික අනිත්වා වගේ එචිචර අමාරැ දෙයක් නොවුනට ඉතා වැදගත් මුල්‍ය වෙළද පොල සමග ගණුදෙනු කරනකොට. ඒවගේම මෙකත් MT4 Indicators List එකේම තියෙන තවත් ඉන්ඩිකේටර් එකක්. 

Bollinger Bands 1980 දි පමණ john Bollinger කියන පුද්ගලයා විසින් තමයි මුලින්ම හදුන්වා දුන්නේ. මෙි වෙනකොට අවුරැදු 30 ක වගේ කාලයක් තුල, මෙි Bollinger Bands ඉන්ඩිකේටර් එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ එකේ තියෙන ප්‍රථිපල දායක භාවය හින්දා. forex වගේම stock market ගනුදෙනු වලටත් මෙි Bollinger Bands කියන එක බහුලව අද භාවිතා වෙනවා. 

මොකකද් මෙි Bollinger Bands කරන්නේ ? 

මෙකත් අර අපි කලින් කතා කළ Moving Average වගේම අපේ චාර්ටි එකේ මුදල් අගයන් වෙනස්වීම මත අපිට තොරතුරැ සපයන් ඉන්ඩිකේටර් එකක්. හැබැයි MA වලට වඩා වෙනස්. MA වලින් මොනවද කරන්න පුලුවන් කියලා ඔයාලා දැන් දන්නවනේ. අමතකනන් අයෙත් කියවන්න. එහා සමාන වුනාට Bollinger Bands වලින් ඊට වඩා වෙනස් විදියටක අපිට තොරතුරැ සපයා ගන්න පුලුවන් අපගේ ඉදිරි ගනුදෙනු සදහා. මෙකෙත් තියෙනවා ගණිත ක්‍රමයක්. හැබැයි මමනමි ඒක මෙතන දාන්නේ නැ. හේතුව තමයි අපේ මාදුකාංගය ඒවා ඔක්කෝම ගනනය කරලා දෙන හින්දා. අයේ අමුතුවෙන් කාලය කා දමමින් ගනනය කරන්න අවශ්‍ය නැති හින්දා. කොහෝම වුනත් මෙි Bollinger Bands වැඩ කරන්නේ, අපේ චාර්ටි එකේ පෙන්නන මුදල් වෙනස් විමි වල නිශ්චල හා චංචල භාවය අනුව. නිශ්චල කියන්නේ ඔය වෙළද පොළ ලොකු වෙනස් විමි නැතිව හෙමින් වෙනස් වන අවස්ථාවන්. චංචල කියන්නේ වැඩි වෙනස් විමි පෙන්වමින් ගමන් කරන අවස්ථාවන්. 

සාමානයෙන් වෙළද පොළ නිශ්චල වෙනස් විමි පෙන්නවන අවස්ථාවන් වලදි මෙි Bollinger Bands එක කැන්ල්ඩිස්ටික් වලට ලං වෙනවා. ඒ කියන්නේ හැකිලෙනවා. වෙළද පොළ චංචල එහේමත් නැතිනමි වැඩි වෙනස් විමි පෙන්වන අවස්ථාවන් වලදි, Bollinger Bands එක දිග හැරනෙවා. තේරැනානේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ   Bollinger Bands එක අපේ චාර්ටි එකකට දා ගත්තට පස්සේ පෙන්වන විදිය. 


මෙික අපේ චාර්ටි එකට දා ගන්නෙත් අර Moving average එක දා ගන්නවා වගේම තමා. ඔය Mt4 එකේ Navigator Box එකේ Indicator ----> trend -----> Bollinger Bands එකේ ඩබල් කිලික් කරාම අපට අවශ්‍ය චාර්ටි එකකට මෙි දා ගන්න පුලුවන්. මුලින් මෙික එන විදියටමට දා ගන්න චාර්ටි එකට. එක ඩබල් කිලික් කරාම එන විස්තර මුලින් වෙනස් කරන්න අවහ්‍ය නැ. ඒ එන විදියම හොදයි. පහතින් මම දාලා තියෙනවා Bollinger Bands එක වෙළද පොලේ හැසිරෙන විදි දෙක ගැන උදාහරණ ඡායාරෑප දෙකක්. එකෙන් පස්සේ අපි බලමු කොහෝමද අපි Bollinger Bands භාවිතා කරලා ගනුදෙනු තිරණ ගන්නේ කියන එක ගැන. 


මෙි උඩින් තියෙන ඡායාරැපයෙන් තියෙන්නේ වෙළද පොළ නිශ්චල අවස්ථාව


මෙි උඩින් තියෙන ඡායාරැපයෙන් තියෙන්නේ වෙළද පොළ චංචල අවස්ථාව

The Bollinger Bounce

දැන් අපි කතා කරන්න යන්නේ මෙි Bollinger Bands ඉන්ඩිකේටර් එක බාවිතා කරලා අපිට ගනුදෙනු හදුනා ගන්න යොදා ගන්න පුලුවන් ක්‍රම ගැන කථා කරන්න. මෙි ක්‍රම වලින් එකක් තමයි Bollinger Bounce කියලා කියන්නේ. මොකක්ද මෙි Bollinger Bounce කියන්නේ ? හරිම සරලයි. අපි මෙි Bollinger Bands එක අපේ චාර්ටි එකට දා ගත්තට පස්සේ එකේ තියෙන උඩම ලයින් එක මැදින් කැපෙන විදියට Price trend එක එන එකට තමයි මෙි Bollinger Bounce කියන්නේ. මොකද එහේම ආවොත් තමයි මෙික සිද්ධ වෙන්නේ. කෙරැනේ නැද්ද. හරි එහේනමි මෙ Bollinger Bounce කියන එක මම පහත පින්තුරයෙන් පෙන්නලා දීලා තියෙනවා.


ඔය ඉහත රෑපයෙන් රතු පාටින් මම රවුමි කරලා තියෙන්නේ මෙි Bollinger Bounce කියන අවස්ථාව. මෙන්න මෙි වගේ අවස්ථාවක් අපේ චාර්ටි එකේ අපිට හමුවුවහොත් (ගොඩක් වෙලාවට හමුවෙනවා) වෙළද පොළ නැවතත් පහළ යනවා. ඒ කියන්නේ Down. දැන් ඔයාට පුලුවන් මෙවැනි අවස්ථාවන් ඔබෙි චාරටි එකෙන් පරික්ෂා කරලා බලන්න. මෙි කියන කථාව හරිද කියලා. ඔබටම පෙනෙයි මෙයාකාරයෙන්් තියෙන ගොඩක් අවස්ථාවන් වලට පස්සේ වෙළද පොළ පහළ වැටිලා තියෙන ආකාරය. හැබැයි හොදින් මතක තියා ගන්න උඩින් තියෙන Bollinger Bands එක අනිවාසර්යෙන් කැන්ඩිල්ස්ටික් එකක් එකක් මෙයාකාරයෙන් පැහැදිලිව Cross වෙන්න ඔනිමයි දැන් මෙි UP Bollinger Bands එකේ Bollinger Bounce කියන අවස්ථාව අපිට භාවිතා කරන්න පුලුවන් වෙළද පොළ Down වන අවස්ථාවන් හදුනා ගන්න. එතකොය මෙකෙන් අපිට පුලුවන්ද වෙළද පොළ ඉහළ යන අවස්ථා හදුනා ගන්න ? ඔවි පුලුවන්. 

වෙළද පොළ ඉහළ යන අවස්ථාවන් හදුනා ගන්න මමනමි මෙි ක්‍රමය පැහැදිලිව යටම Bollinger Bands එකත් එකක් භාවිතා කරනවා. එකත් Bollinger Bounce අවස්ථාවක් තමයි. හැබැයි වෙළද පොළ ඉහල යන අවස්ථාව හදුනා ගන්න. 


බලන්න ඔය මම අන්තිමට කියපු කතාව ඇත්ත නේද කියලා. යටම Bollinger Bands මුදලේ trend එකත් එක්ක කැපිලා Bollinger Bounce වෙලා තියෙන ආකාරය. ඒ වගේම එයින් පස්සේ වෙළද පොළ කොහේටද ගිහිල්ලා තියෙන්නේ කියන එක පේනවා නේද ? මෙි ටික පැහැදිලිනේ.

Bollinger Squeeze

මෙි ක්‍රමයත් ගොඩක් ප්‍රෙයා්ජනවත් අපිට. ඒ වගේම හොද ප්‍රථිපල ගන්න පුලුවන්. දැන් මොකක්ද මෙි Bollinger Squeeze කියන්නේ. මෙකෙන් අදහස් වෙන්නේ. උඩ Bollinger Bands එක Candlestick දෙකක් එක්ක එකට වීම. මෙහේම අවස්ථාවක් අපි අපේ චාර්ටි එකක් හමිබවුනොත් එතනින් එහාට ගොඩක් වෙලාවට Price Breakout  එකක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ විශාල වෙනසක්. පහත ඡායාරෑපය බලන්න. 


ඔය ඉහත ඡායාරෑපයේ මම "A" කියලා රතුපාටින් පෙන්වලා දීලා තියෙන්නේ මෙන්න මෙි මම උඩින් කියපු, Bollinger Bands එකට වෙලා තියෙන අවස්ථාව. මෙි චාර්ටි එකේ ඡායාරෑපය මම ලිපිය ලියන අවස්ථාවෙි වෙළද පොලේ අවසානම අවස්ථාවෙන් උපුටා ගත්ත එකක්. ඔයාලට පෙන්වා ඇති වෙළද පොල. දැන් මෙි මම උඩින් කිවිව විදියටම "A" අවස්තාවෙන් පස්සේ වෙළද පොළ Price Breakout එකක් වෙලා තියෙනවා. "B" අවස්ථාවෙිදි. මෙන්න මෙි A වගේ අවස්ථාවක් ආවොත් වෙළද පොළ අනිවාර්යෙන් සුළු දුරක් පහළ බහිනවා. ඒ කියන්නේ Down. එතනින් පස්සේ නැවත සළු ප්‍රමාණයක් ඉහට ගිහිල්ලා B වගේ අවස්ථාවත් ආවොත්. වෙළද පොළ තව දුරටත් ඉහළ යනවා. දැන් මෙි මම උඩින් දාලා තියෙන පින්තුරයේ ඒක හොදින්ම පැහැදිලි වෙනවා. මොකද මෙි Live chart Screenshot එකක්. එකේ UP trend එක ඉවර වුනාට පස්සේ ඔයාලට පෙන්වා ඇති නැවතත් මම අර උඩින් කිවිව විදියට Bollinger Bounce එකක් සිදුවෙලා තියෙන ආකාරය. එකෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ ? වෙළද පොළ Down වුනා නේද කිවිව විදියට. 

මෙන්න මෙි විදියට තමයි අපි Bollinger band එක භාවිතා කරන්නේ. සාමාණයෙන් මෙි Bollinger band එක භාවිතා කරන්න ඉතා හොද M15 , M30 වගේ චාර්ටි වල. ඔයාල මෙික ගනුදෙනු වලට යොදා ගන්නකොට ඉතාම හොදින් මම මෙි කියපුවා ඔලුවෙි තියාගෙන වැඩ කරන්න. මොකද මෙික අපිට ගනුදෙනු පිළිබදව තොරතුරැ ගන්න පුලුවන් ඉතාම හොද ඉන්ඩිකේටර් එකක් හින්දා.