ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස

ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස

කලින් ලිපියෙන් මේ අවදානම් කලාපය සමිබන්ධව විශාල ලෙස කථා කරා මතක ඇති. ඒ සමිබන්ධව මතක ඇතිව නැවත නැවත අධ්‍යනය කරන්න අමතක කරන්න එපා. මොකද සල්ලි දාලා ගණුදෙනු කරන්න හිතාගෙන ඉන්න අයට ඒ ලිපිය ආරමිභයක් විදියට ගොඩක් වැදගත්. මොකද මේ ලිපි පෙළ ලියන්නේ සැබැ ලෙසම මුදල් උපයන්න පුහුණු කරන්න මිසක් මුදල් නැති කර ගන්න නොවෙන නිසා. 

අවදානමි බැහැර කිරිම පිළිබදව තවදුරටත් 

මෙි ලිපියෙන් අවධානය යොමුකරන්නේ අවදානම් කලාපය සමිබන්ධයෙන් අපිට කතා කරන්න තියෙන ඉතුරැ ටික. දැන් අපි දන්නවා අපි යොදවන මුදලට සාපෙක්ෂව අපිට ලැබෙන අවදානම් කලාපය කොතෙක්ද කියන එක. නැවත මතක කිරීමක් කරනවනම්,

  • $ 50 - 500 pips 
  • $ 100 - 1000 Pips 
  • $ 200 - 2000 Pips

ආදි වශයෙන් ඉහළට. අපි යමි කිසි ගණුදෙනුවක් යමි කිසි මිළකදි 0.01 Lot Size එකෙන් Open කරන තැන ඉදලා අපිට ඒ ගණුදෙනු තියා ගන්න පලුවන් කලාපයට අදාල Pips ප්‍රමාණය තමයි මෙතනදි අදහස් කරන්නේ. ඒවගේම මෙ කලාපය අපිට වැදගත් වෙන්නේ ලාභ ලැබෙන පැත්තට නෙමෙයි. තවත් විදියකින් කිවිවොත් Take Profit පැත්තට නෙමෙයි. අනෙක් පැත්තට. ඒ කියන්නේ Stop Loss පැත්තට. අපි දාන්නේ Buy Order එකක් නමි අපිට මේ කලාපය වැදගත් වෙන්නේ පහළ පැත්තට. අපි දාන්නේ Sell Order එකක්නමි අපිට වැදගත් වෙන්නේ වෙළද පොළ ඉහළ යන පැත්තට. මොකද ඔයා දැන් හොදටම දන්නවා ලාබ ආලාභ ලැබෙන්නේ කුමන පැත්තටද කියලා.  

අවදානමි කලාපයේ වාසි

මේ අවදානමි කලාපය භාවිතා කිරීමේ හා දැනගෙන සිටිමේ ප්‍රධාන වාසි ගණනාවක් තියෙනවා. එකෙන් ප්‍රධාන එක තමයි අපේ ගිනුමේ (තැන්පත් කර ඇති ප්‍රමාණයට ) ගණුදෙනු දැමිය හැකි කලාපය හා ප්‍රමාණය පිළිබදව අවබෝධයක් ලැබිම. මෙි අවබෝධයත් එක්ක ගිණුම තුල අනවශ්‍ය ප්‍රමාණයට ගණුදෙනු යෙදීම වැලකෙනවා. මෙි වැලකීමෙන් නොදැනුවත්වම ඔයාගේ ගිනුම පාලනයක් ඇති වීමත් තවත් වාසියක්. මොකද ඔයා හොදට දන්නවා ගොඩක් අය තමන්ගේ ගිණුමි වල තියෙන මුදල් නැති කර ගන්නේ ඇයි කියලා. ප්‍රධානම කාරණය තමයි හරි අවබෝධයක් එක්ක සිමාව නොදැන සිටීම. ඊට පස්සේ තවත් අයට තමන්ගේ මේ වැරැද්ද ගැන එයාලා කියන්නේ නැ. කියන්නේ Forex වැරදි කියලා. 

අනෙක් කාරණය තමයි මේ අවදානමි කලාපය සමග ගණුදෙනු කරන ඔයාට ඉතා විශේෂ ක්‍රමයක් මගින් වෙළද පොළ ඉහළ පහළ යැමි පවා දැන් ගන්න පුලුවන්. ඒක බොහෝ වැදගත් ක්‍රමයක්. හැබැයි ඒක ටිකක් විශාල මාතෘකාවක් නිසා ඒක මට ලියන්න වෙන්නේ වෙනත් ලිපියකින්. 

අවදානමි කලාපය මගින් ගිණුම පාලනය කර හැටි 

හොදයි මෙකත් ඔයාට ඉතා අවශ්‍ය කාරණයක් මෙන්ම නිසි පරිදි නිතරම ලාභ ගන්න අතිශයින් වැදගත් දෙයක්. අපි සරල උදාහරණයකින් බලමු අපේ යොදවන මුදලට සාපෙක්ෂව ගිණුම කොහෝමද නිසි පරිදි පාලනය කර ගන්නේ කියලා. 

උදා - : යමි කිසි පුද්ගලයෙක් තමන්ගේ ගිනුමට $ 100 ක් තැන්පත් කරලා ගනුදෙනු විවෘත කරන්නේ 0.01 lot size එකෙන් නම්, මොහු විසින් පහත දැක්වෙන ආකාරයට 1.2800 දි 0.01 න් GBP/USD මුදල් කාණ්ඩයෙන් Buy Order එකක් විවෘත කළා යැයි සිතමු. (පහතින් තියෙන්නේ මෙි විස්තර ඇතුලත් කරලා නිර්මාණය කරපු ආදර්ශ චාර්ටි එකක්)



එවිට පහත විස්තර එම ගණුදෙනුවට අදාලව සිදුවේ. 

Opening Account Balance - $ 100
Lot Size = 0.01
Leverage = 500:1
වෙළද පොළට වැටෙන් මුදල් ප්‍රමාණය = සාමාන්‍ය $ 2.5 ක්. 
ගිණුමේ අවදානමි කලාපය = Pips 1000 

කලින් ලිපියේ සදහන් කරා වගේ ගිණුම සමිපුර්ණනේම නැතිවි යාම සදහා වෙළද පොළ‍ 1.1800 දක්වා පහත බැසිය යුතුයි. (හේතුව විවෘත කරලා තියෙන්නේ Buy Order එකක් නිසා. මේක Sell Order එකක් වුනානමි ගිණුම සමිපුර්ණයෙන්ම නැතිවි යාම සදහා වෙළද පොළ 1.3800 දක්වා ඉහළ යා යුතුයි. )

දැන් මේ විස්තර අනුව ඔයාට පේනවනේ මේ විවෘත කරන ලද ගණුදෙනුව පමණක් තිබුනොත් ගිණුමට කිසිම අවදානමක් පහසුවෙන් වෙන්නේ නැ වෙළද පොල අනපෙක්ෂිත ලෙස මෙි සදහන් කරලා තියෙන් සිමාව දක්වා නොයන තාක්. මොකද වෙළද පොළ ගමන් කරන්නේ මම අර කලින් ලිපියක කිවිව Mountain System එකට නිසා එක පාර වෙළපොළ පිප්ස් 1000 ක් තරමි විශාල වශයෙන් පහළ වැටෙන්නේ නැ. (එහේම අවස්ථා තියෙනවා. හැබැයි බොහෝ කලාතුරකින් වෙන දෙයක්.) පහල හෝ ඉහළ යනවනම් යන්නේ ටික ටික. දැන් මේ එක ගණුදෙනුවක් තියෙද්දි අපි නොදැනුවත්ම අපේ ගිණුමෙි පාලනයක් ඇති වෙනවා. නමුත් තව ගණුදෙනුවක් දැමිිමොත් මොකද වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදි තමන්ගේ ගිණුම අවදානමකට ලක්වෙනවා. අපි හිතමු මේ පුද්ගලයා මේ විවෘත කරපු ගණුදෙනුව මෙහෙමම තිබෙද්දි තවත් ගණුදෙනුවක් විවෘත කළා කියලා. ඒ කියන්නේ වෙළද පොළ තව ටිකක් පහළට ආවට පස්සේ තවත් Buy Order එකක් Open කළා නමි ,  දැන් මේ ගණුදෙනුවටත් 0.01 විවෘත වෙනවා වගේම තමයි අර උඩදි අපි ගත්ත ගණුදෙනුවේ විස්තරත් තාම තියෙනවා. මොකද මේ පුද්ගලයා මේ දෙවනි Order එක දාලා තියෙන්නේ පළමු ගණුදෙනුව ඉවර කරලා නෙමේ. එතකොට ගණුදෙනු දෙකක් නිසා ආසන්න වහයෙන් අවදානමි කලාපය පිප්ස් 500 ට බහිනවා. 

දැන් ඔබට අවශ්‍යනමි ආසන්න වශයෙන් තමන් යොදලා තියෙන ගණුදෙනු ප්‍රමාණයට අනුව අවදානමි කලාපය හදුනා ගන්න. ඒක ක්‍රම දෙකකට කරන්න පුලුවන්. පළමු එක තමයි යොදන ලද ගණුදෙනු ප්‍රමාණය මත හා යොදන ලද ගණුදෙනු වල ලොටි සයිස් එකතුව මත. 

උදාහරණයක් විදියට පිප්ස් 1000 ක අවදානමි කලාපයක් තියෙන ගිණුමකට ගනුදෙනු දෙකක් යෙදුවොත්

අවශ්‍යනමි 1000 / 2  = 500 කියලා ආසන්න වශයෙන් හොයාගන්න පුලුවන්. ඔබ ගණුදෙනු 3 ක් යොදලා තියෙනවානමි 1000/3 කියලා ගන්න පුලුවන්. 

මෙි කොහෝම උනත් වැදගත් වෙන්නේ මෙි ගණන් හද හද ඉන්න එක නෙවෙයි කියන එක ඔබ අවධාරණය කර ගත යුතුමයි. මොකද සත්‍ය ගිණුමි වලින් ගණුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ මෙවැනි ගණන් හද හද ඉන්න එක ඇත්තටම වැදගත් දෙයක් නෙවෙයි. වැදගත් වෙන්නේ අපි අනපෙක්ෂිත විදියට ගණුදෙනු යොදලා තියෙනවනමි අපේ අවදානම හදුනාගන්න එකට පමණයි. ඒක නිසා ඔයාලා නිතරම උත්සහ කරන්න ඔනි මෙන්න මෙි අවධානම හැකිතාක් අඩු කරගන්න එකට මිසක් වැඩි කරගන්න එකට නෙවෙයි. 

පැහැදිලියි නේද ? මේක හරි සරල දෙයක්. මම මෙතනදි උත්සහ කලේ අඩු අවදානමි කලාපයක් සහිත ගිණුම් වලදි වැඩි තන්හාවට වැඩි පුර ගණුදෙනු දාන්න හොද නැ කියන එක පෙන්වලා දෙන්න. මොකද මුලින් අපිට 1000 ක් තිබිබ අවදානමි කලාපය දෙවනි ගණුදෙනුවත් එක්ක 500 ක් වුනා. එතකොට මෙි දෙවැනි ගනුදෙනුවත් තියෙද්දි තවත් එකක් දැමිමොත් 500 ය 333 ට අඩු වෙනවා කියලා අමුතුවෙන් පෙන්වලා දෙන්න අවශ්‍ය නැ. අවදානමි කලාපය අඩුවෙනවා කියන්නේ අපේ ගිණුම නැතිවෙන්න තිබෙන ඉඩ කඩ වැඩි කියන එක. ඒකයි මම කියන්නේ වැඩි මුදලක් ගිණුමට දාන්නේ නැති අය ලක්ෂ ගනන්නමි හොයන්න සුදානම් වෙන්න එපා. 

අඩු මුදල් තැන්පතු සහිත ගීනුමක් ආරමිභ කරන්න අපෙක්ෂා කරන සාමාජිකයින් පිළිපැදිය යුතු කොන්දේසි

  • එක් ගණුදෙනුවක් එක්වරකට පමණක් යෙදවිම
  • ගනුදෙනුවෙක් ඉවර වු පසු තවත් එකක් යෙදීම
  • නිසි පරිදි අධ්‍යනය කර ගණුදෙනු යෙදීම
  • ඉවසිලි වන්ත වීම
  • අධික තන්හාවෙන් තොර විම
  • 0.01 Volume එක පමණක් එක් ගණුදෙනුවකට සදහා උපරිමය ලෙස භාවිතා කිරීම.
මෙි කරැණුත් එක්ක දැන් ඔයා Mountain System විතරක් භාවිතා කරලා පුහුණු ගිණුම් වලින් ගණුදෙනු කරන්න අනිවාරයෙන්ම පටන් අරන් තියෙන්න ඔනි. එහේම නැතිව ලිපි කියව කියවා ඉදලාත් වැඩක් වෙන්නැ පුහුණු වීමි කරන්නේ නැතිනමි. මට ඔබට නිවැරදි මාවතක රැගෙන යන්නේ පුලුවන් වෙන්නේ මෙි ලිපි කියවන ගමන් ඒවා භාවිතා කරලා පුහුණු ගිණුමි වලදි ගණුදෙනු කරනවනමි පමණයි. අනික මෙි ලිපි ඔක්කෝම කියවලත් සමහර ආයේ ආයේ ඇවිත් අහනවා කොහොමද පුහුණු වෙන්නේ කියලා. ඒ ලිපි උඩින් පල්ලෙන් කියවන අය. මොකද මෙි ලිපි ආරමිභයේ ඉදලා දාලා තියෙන්නේ පුහුනු වෙන ආකාරය නෙවෙයිනමි මොකකද් ?


© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.