කොහොමද Forex කරන්න පටන් ගන්නේ ?
Forex කියන්නේ මොකක්ද ? - What is Forex ?
මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග
මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verify කිරීම
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න
Basic Trading - 1 (ගණුදෙනු කරමු)
Basic Trading - 2 (ගණුදෙනු කරමු)
Basic Trading - 3 (Lots , Leverage , Margin)
Demo Account තව දුරටත් පුහුණු වෙමු.
මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
Economic Calendar භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
Candlestick Pattern - සදහා ආරමිභයක්
ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
Technical Analysis සදහා ඇරඹුමක්
Support and Resistance
Moving Average හදුනා ගැනීම හා ගණනය කිරීම
Moving Average මගින් Trend හදුනා ගැනිම
RSI භාවිතා කරන්නේ කෙසේද ?
Fibonacci Retracements භාවිතා කිරීම
Bollinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
Chart Pattern 01
Inside Bar Trading පිළිබදව
Price Action - ගැන මුල සිට
Price Action With Trend Line
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
මතක තබා ගත යුතු වැදගත් කරැණු.
Consumer Price Index (CPI) News වැදගත් වීමට හේතු
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
මෙි ලිපි පෙලත් එක්ක මෙි විදියට ඉදිරියට යනවා කියන්නේ අපි ටික ටික Forex Trading වල ගැඹුරට ඉගෙන ගන්නවා කියන එකයි. එ වගේම තමයි සමහර අය ඇවිල්ලා අහනවා මෙවැනි තියරි ආකාරයේ දේවල් ඉගෙන ගන්න එකෙන් Trade දානකොට ඇති වැදගත්කම මොකක්ද කියලා. ප්‍රධානම දේ තමයි වෙළද පොළ පිළිබදව ඉදිරි තිරණ ගන්න ඔබට අවබෝධයක් නැතිනමි MT4 එකෙන් කොයිතරමි ගණුදෙනු දැමිමත් වැඩක් වෙන්නැ. සමහර වෙලාවට වාසනාවට ලාභ ලැබෙන්න පුලුවන්. හැබැයි ඔබ ඒ කරන්නේ සමිපුර්ණ ආලාභයක් අත ලග තියාගෙන බවනමි අමතක කරන්න එපා.
ඒකට හේතුව තමයි මං කලින් ලිපි වලිදිත් කිවිවා වෙළද පොළ හැසිරෙන සාධක බොහෝමයක් තියෙනවා. සාර්ථක Forex Trader කෙනෙක් වෙලා ඉතා හොදින් මුදල් උපයන්න ඔනිනං සියල්ලම නැතත් මෙි වෙළද පොල හැසිරීමට මුලික වෙන සාධක කිහිපයක් හරි හරියට අධ්‍යනය කරලා ඉන්න ඔනි. එකෙන් වෙන වාසිය තමයි ඔබට වෙළද පොළ ඉදිරි හැසිරීම තීරණය කරන්න ලැබෙන අවබෝධය. ඒ අවබෝධය කියන්නේ ආලාභ අඩුකරගෙන ලාභ ගත හැකි ගණුදෙනු දමන්න ලැබෙන අවබෝධයක්. අද අපි ඉගෙන ගන්න යන්නෙත් Forex Trading වලදි අපි දැනගෙන ඉන්න ඔනි ඉතාම වැදගත් සාධයකයක් ගැන.
Forex News Trading සදහා ආරමිභයක්.
මොකක්ද ඇත්තටම මෙි Forex News Trading කියලා කියන්නේ. සාර්ථක Forex Trader කෙනෙක් විසින් භාවිතා කරන වැදගත්ම ක්‍රමයක්. එහෙමත් නැත්තං තොරතුරැ ලබා ගැනිමෙි මුලාශ්‍රයක් කියලත් කියන්න පුලුවන්. මොකද මුල්‍ය වෙළද පොළට ආදාලම නිකුත් වෙන නිවිස් වලින් අපි භාවිතා කරන මුදල් වර්ග වලට ආදාලව හෝ වෙනත් මුදල් වර්ගත් ඇතුලුව විශාල වෙනසක් ඇති කිරීමට සමත්. මෙි මුල්‍ය වෙළද පොළ නිවිස් කියන්නේ ලෝකේ බලවත් ආර්ථිකයන් සහිත රටවල ඔවුන්ගේ මුදල් වර්ගයන්ගේ තත්වය පෙන්වන හෝ තිරණය කරන්න ගන්නා ආර්ථික සිදුවිමි. බලවත් ආර්ථික දත්ත කිවිවම කවිරැත් දන්නවා ඒ ඒ රටවලට වැඩි බලපෑමක් කරන්න හැකියාවක් තියෙන ඒවා කියලා. බලපෑම වැඩිනං ඉතින් එ රටේ ආදාල මුදල් වර්ගයටත් ඒ සිදුවීමි බලපාන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ.
ඒක නිසා මෙි මුල්‍ය වෙලද පොල නිවිස් අපි හදුනාගන්නවා මුල්‍ය වෙළද පොළට බලපෑමක් කළ හැකි සාධක විදියට. මෙි නිවිස් වලින් සිදුවන බලපෑමි අපිට හරියටම අවබෝද කරගන්න පුලුවන්නං මෙකෙන් ලාභ ලබනා කියන්නේ ආමාරැ දෙයක් නෙවෙයි. ආමාරැ වෙන්න හෝ ආලාභ ලැබෙන්න පුුවන් අඩුම තරමෙි මෙි ලිපි ටිකවත් කියවලා අවබෝධයක් නොගන්න අයටනමි.
Forex News Trading වල ගැඹුරට යන්න කලින් ඒ කියන්නේ නිවිස් එකින් එක අරගෙන විමසලා බලන්න කලින් මම මෙි ගැන හොද පැහැදිලි කිරීමක් කරලා තමයි ඉදිරියට යන්න හදන්නේ. මොකද මෙි පාඨමාලාව කිසිම දෙයක් නොදැන එන අයත් කියවන නිසා. මුලාරමිභයක් වශයෙන් අපි දැන් කථා කරන්නේ යන්නේ ගණුදෙනු කළ යුතු වෙළාවන් හා ලෝක මුල්‍ය වෙළද පොලේ මුදල් වර්ග විශාල ලෙ වෙනස් වෙන්නේ මොන වගේ වෙළාවල් වලද කියන එක ගැන.
Forex Market time
සමහර අය දන්නැතිව ඇති, මුල්‍ය වෙළද පොළ සතියේ දින වල පැය 24 ක්‍රියාත්මකයි. ඒ කියන්නේ සදුදා සිට සිකුරාදා දක්වා මුලු දවසපුරාම මේක වැඩ. පැය 24 ම ක්‍රියාත්මකයි කිවිවම ලොකු දෙයක් වගේ නොපේනුනට මෙතතන් අපි අනිවාරයෙන්ම දැනගෙන සිටිය යුතු වැදගත් දෙයක් තියෙනවා.
එකට හේතුව තමයි කිසිම රටක ප්‍රධාන බැංකු වැඩ කරන්නැ පැය 24 ම. සාමාණයෙන් සෑම රටක වගේ තියෙනවා බැංකු කාලසීමාවක් කියලා එකක්. අපේ රටෙන්ම උදාහරණයක් ගත්තොත් උදේ 9 ඉදලා හැන්දැවෙි 3 වෙනක් වැඩ කරනවා. සමහර බැංකු තියෙනවා හැන්දැවෙි 6 වෙනකුත් විවෘත කරලා තියෙන. හැබැයි පැය 24 ම වැඩ කරන්නැ බැංකු. මෙික ලොකේ සෑම රටකම වගේ බැංකු වලට පොදු දෙයක්. ඒ උනාට අපි මුල්‍ය වෙළද පොළට ආවම දකිනවා පැය 24 ම අපිට අවශ්‍යනං ගණුදෙනු කරනන් පුලුවන් සතියේ දිනවලදි. කොහොමද මෙික වෙන්නේ ?
මොකද මුල්‍ය වෙළද පොල කියන්නේ එක් රටකට සීමා වුන දෙයක් නෙවෙයි. මෙික ලෝකේ පුරා විහිදිලා තියෙන බැංකු පද්ධතිය හරහා පාලනය වෙන දෙයක්. ඒ වගේම ලොකේ පුරා විහිදිලා තියෙන නිසාත් , එක් එක් රටවල බැංකු විවෘත වන වෙලාවන් වෙනස් නිසාත් මෙි වෙනස මත තමයි මුල්‍ය වෙළද පොල සතියේ දිනවල පැය 24 ම වැඩ කරන විදියට හැදිලා තියෙන්නේ. එක් රටක බැංකු විවෘත වෙලා වසා දමන වෙලාවන් එන කොට තවත් රටක බැංකු විවෘත වෙන වෙලාව. ඒ රටෙි බැංකු වසාදමන වෙිලාව එනකොට තවත් රටක බැංකු විවාත වෙන වෙිලාව. ඒ කියන්නේ මෙි පද්ධතිය එක් රටකින් තවත් රටකට සමිබන්ධයි. මෙි සමිබන්ධතාවය තමයි අපි ECN එහේමත් නැත්තං Electronic Communication Networks කියලා හදුන්වන්නේ. ඒ නිසා මතක තියාගන්න මුල්‍ය වෙළද පොලට එක් ප්‍රධාන ස්ථානයක් නැහැ. මෙික ලොකේ පුරා විහිදිලා තියෙන දෙයක්.
මෙහේම ගත්තම මුල්‍ය වෙළද පොල සතියේ මුලින්ම ආරමිභ වෙන්නේ New Zealand වෙිලාවෙන් උදෑසන 8 ට. ලංකාවෙි වෙලාවෙන්නමි සදුදා උදෑසන 12.30 AM. එතකොට අවසන් වෙන්නේ New York 5PM සිකුරාදා. අපේ වෙලාවෙන් ගත්තොත් සෙනසුරාදා 3.30 AM.
දැන් ඔයාලා දන්නවා මුල්‍ය වෙළද පොල විවෘත වෙන හා අවසන් වෙන වෙිලාව අපේ වෙලාවෙන්ම. අමතක කරන්න එපා අපි සමිබන්ධ වෙලා ඉන්න මුල්‍ය වෙළද පොළ තමයි Retails Forex market කියන්නේ. මීට අමතරව ලොකේ විශාලතම බැංකු වලත් තියෙනවා වෙනම Forex Market නෙටිවරක් එකක්. මෙක සතියේ දින 7 තුලම වැඩ. කොහෝම හරි මෙකේ තේරැම සාමාන්‍ය ජනතාව ගණුදෙනු කරන මුල්‍ය වෙළද පොළ ආරමිභ වෙන්නේ බැංකු වල විවෘත වීමි වෙලාවන් එක්ක. මෙි වෙලාවන්ම තමයි අපි ගණුදෙනු කරන්න භාවිතා කරන Retails forex Broker ලත් භාවිතා කරන්නේ. ඒක නිසා විවෘත වෙන වෙිලාව සුළු වශයෙන් එහා මෙහා වෙන්න පුලුවන් උනාට Retails Forex Market එකේ ගණුදෙනු නිල වශයෙන් ආරමිභ වෙන්නේ New Zealand වල ප්‍රධාන නගර දෙකක් වෙන Auckland සහ Wellington කියන නගර දෙකෙ බැංකු විවෘත කිරීමත් එක්ක. අවසාන වෙන්නේ ඇමෙිරිකාවෙි New York වලින්. එතකොට මෙික බැංකු වෙලාවන් එක්ක බැලුවොත්.
එතකොට New Zealand හිදි උදෑසන 8 AM වලින් බැංකු කටයුතු ආරමිභ වෙනවා කියන්නේ මෙි වෙලාව අනික් ප්‍රධාන රටවල් එක්ක බැලුවොත්,
මෙන්න මෙි කාලයන්වල වෙනස නිසා ඒ කාලය ඇමෙරිකානු වෙලාවෙන් බලලා තමයි බොහෝ Forex Broker ලා කියන්නේ සාමාන්‍ය විදියට ඉරිදා සවස 4 මුල්‍ය වෙළද පොළ කටයුතු ආරමිභ වෙනවා කියලා. පැහැදිලිද ?
දැන් මෙි විදෙස් රටවල වෙලාවන් අපිට වැදගත් උනාට මීට වඩා වැදගත් වෙන්නේ මෙි රටවල බැංකු විවෘත වෙන හා අවසන් වෙන වෙලාවන් අපේ ලංකාවෙි වෙලාවෙන් දැන ගන්න එක.
ඉහත දාලා තියෙන වෙලාවන් එකක් බලද්දි දැන් ඔබට ඉතා හොදින් පහැදැලි වෙනවා එක් එක් බලවත් රටවල බැංකු විවෘත වෙන වෙලාවන් එක්ක බලද්දි ලංකාවෙි වෙිලාව පිළිබදව. මෙ බැංකු විවෘත වෙන වෙලාවනුත් ඉතා වැදගත්.
බැංකු විවෘත වෙන වෙලාවල් වල ඇති වැදගත් කම
මම කලින් ලිපි වල පැහැදිලි කරලා දුන්නා ලෝක මුල්‍ය වෙළද පොළ පාලනය වෙන්නේ ලොකේ ප්‍රධාන රටවල තියෙන මහ බැංකු හා අනෙකුත් විශාල බැංකු වලින් සිදුකරන බලපැම නිසා කියලා. මොකද මුල්‍ය වෙළද පොළ කියන්නේ මුදල් හුවමාරැ වෙන තැනක්. මුදල් හුවමාරැ විශාල වශයෙන් සිදුවෙනකොට ඒ ස්ථානයට බොහෝ අවස්ථාවන් වලදි බැංකුවක් සමිබන්ධ වෙනවා.
අනෙක් අතට සතියේ දිනයක බැංකුවක් විවෘත වෙන වෙිලාවක් කියන්නේ කාර්යය බහුල අවස්ථාවක්. අපි හැමෝම දන්නවා සදුදා දිනයේ බැංකු විවෘත වෙන වෙලාවන්වලට තියෙන පෝලිම කොචිචරයක්ද කියන එක. මෙි කාර්ය බහුලත්වය සාමාන්‍ය බැංකු වල වගේම අති විශාල බැංකුවලත් ඒ විදියටම තියෙනවා. මෙි නිසා බලවත් රටක බැංකු විවෘත වෙන වෙලාව කියන්නේ විවෘත වෙළද පොලේ තියෙන මුදල් වර්ග වලට විශාල ඉල්ලුමක් හෝ පසුබෑමක් ඇති වෙන්න පුලුවන් අවස්තාවක්. අපි කලිනුත් කතා කරා යමි විශේෂිත රටක බැංකු පද්ධතිය ක්‍රියාකරන්නේ තම රටෙි මුදල අනෙකුත් ප්‍රබල විදේශිය මුදල් වර්ග සමග යහපත් මටිටමිකින් තියාගන්න. ඔනෑවට වඩා ඉල්ලුම වැඩි උනත් ගැටලුවක්, ඉල්ලුම අඩු උනත් ගැටලුවක්. මෙන්න මෙික පාලනය කරන්න තමා සාමානයෙන් බලවත් රටවල බැංකු විසින් විවෘත වෙළද පොලේ මුදල් වර්ග හුවමාරැ වෙන්න ඉඩ සලසලා තියෙන්නේ.
ඒවගේම සෑම සතියකම හෝ සතියේ දිනකම මෙි විවෘත වෙන වෙලාවන් එකක් බැලුවොත් අපිට හදුනාගන්න පුලුවන් විශේෂිත කාලයන් 4 ක්.
මෙන්න මෙි සේසන් එහේමත් නැත්තං කාල පරිචිඡේදයන් වල බැංකු කටයුතු ආරිමිභ වෙන වෙිලාවන් අපි Forex Trading වලදි විශේෂිත කරලා හදුනාගන්නවා මෙි මුදල් වලින් ලොකේට තියෙන බලපෑම වැඩි නිසා. සාමානයෙන් අපි ගණුදෙනු කරන්නෙත් මෙන්න මෙි ප්‍රධාන මුදල් වර්ග 4 ආසන්නයෙන් නිසා මෙි රටවල බැංකු විවෘත වෙන වොලවන් වලදි මුදල් වල වෙනස් වීම බොහෝ අවස්තාවන් වලදි බලවත් වෙන්න පුලුවන්. අපිටත් ලාභ ලබා ගන්න අවශ්‍ය වෙන්නේ මුදල් වල වෙනස්වීමි නිසා සෑම ගණුදෙනුකරැවෙක්ම මෙන්න මෙි වෙලාවන් සමිබන්ධයෙන් අවධානයෙන් ඉනන් ඔනි. හැබැයි මෙතැනත් අපි වටහා ගන්න ඔනි කරැණු කිහිපයක් තියෙනවා
අනෙක් වැදගත් දේ තමයි මෙි බැංකු විවෘත වෙන වෙලාවන් වලදි අපි තොරාගන්නා කාලය අනුව මුදල් වර්ග වලට වෙන බලපෑමත් වෙනස්. සරල උදාහරණයක් විදියට ජපානයේ බැංකු විවෘත උනාට පස්සේ JPY මුදල් වර්ගයේ ගණුදෙනු වීම වැඩි නිසා එම මුදල් වර්ගයට වෙන බලපෑම වැඩියි. Europe තුල බැංකු කටයුතු ආරමිභ වෙනවා කියන්නේ EUR හා ඒ සමිබන්ධ මුදල් වර්ග වලට වන බලපෑම වැඩියි. මෙි ආදි වශයෙන්.
බැංකු කටයුතු අවසන් කරන වෙිලාවන් වල ඇති වැදගත්කම
මෙිය දිනපතා වැදගත් වෙනවා වගේම සතියක අවසානයේදි ඊටත් වඩා වැදගත්. මොකද සතියක් අවසානයේ බැංකු කටයුතු අවසාන කරන වෙලාවන් බොහෝ විට කාර්ය බහුල වෙන්න පුලුවන්. කාර්ය බහුලයි කියන්නේ අධික වෙනස්කමි ඇති වෙන්න පුලුවන්. සමහර විට නොහිතන විදියට පවා. ඒක නිසා සාමාණයෙන් සිකුරාදා දිනයෙදි සවස 3 න් පසු ඔබ ගණුදෙනු කරන්න හිතාගෙන ඉන්නවනං බොහෝම පරිස්සමි විය යුතුයි.
දිනපතා ගණුදෙනු වලට යොදාගන්න ආකාරය.
අපි සාමානයෙන් ගනුදෙනු කරන්නේ බොහෝ විට Day Trading එහේමත් නැත්නමි දිනපතා ගණුදෙනු හැටියට. ඒක නිසා මෙවැනි ගණුදෙනු යොදන අය අනිවාරයෙන්ම බැංකු විවෘත වෙන වෙලාවන් හා අවසන් කරන වෙිලාවන් පිළිබදව හොදින්ම දැන සිටිය යුතුයි. සාමානෙයෙන් අපේ අය ගනුදෙනු කරන්න යොදාගන්නේ GBP/USD, EUR/USD නිසා
උපදෙස්.
මෙි ලිපිය සමිබන්ධයෙන් ඔබට ගැටලු තියෙනවනමි පහතින් කෙමෙන්ටි කරන්න.
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.