Forex Course

Basic Level Articles + Medium Level Articles +
  1. Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
  2. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
  3. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
  4. Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
  5. EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
  6. GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
  7. News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
  8. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  9. Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Advance Level Articles +
  1. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  2. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  3. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  4. Candlestick Pattern - සදහා ආරමිභයක්
  5. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  6. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  7. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  8. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  9. Thechnical Analysis සදහා ඇරඹුමක්
  10. Support and Resistance
  11. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  12. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  13. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  14. Fibonacci Retracements භාවිතා කිරීම
  15. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  16. Chart Pattern 01
  17. Inside Bar Trading
  18. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  19. Price Action With Trend Line

Money Deposit , Withdraw පිළබදව

අපි කලින් ලිපියකදි ගිණුම Verified කර ගන්නා ආකාරය කථා කලා. දැන් කොහෝමද මුදල් තැන්පත් කරන්නේ. කලින් තිබිබට වඩා නොර්ඩි ආයතනය දැන් මුදල් තැන්පත් කිරීම තවදුරටත් ඉතා පහසු කරලා තියෙන්නේ. ඒක නිසා කාලය අපතේ යැවීමකින් තොරව දැන් ඔයාට ඉතාම පහසුවෙන් මුදල් තැන්පත් කර ගන්න පුලුවන්. 

හැමෝම දන්නවා අපි Forex කරාට වැඩක් වෙන්නැ මුදල් තැන්පත් කරන්න හා විශේෂයෙන්ම අපි ලබා ගන්නා ලාභ මුදල් ගෙන්වාගන්නා ආකාරය දන්නේ නැත්තං. ඒක නිසා පුහුණු ගිණුමි වලින් පුහුණුව ආරමිභ කරලා කරගෙන යන අතරේම මම ඔයාලට මෙි ටිකත් සදහන් කරලම යන්න තමයි අදහස් කරන්නේ. මොකද ඒක වැදගත්. ඇයි කියලා පස්සේ වැටහෙයි. 

මීට කලින් අපිට තැන්පතු සදහා භාවිතා කරන්න පුලුවන් ක්‍රම ගණනාවක් තිබිබා. උදාහරණයක් විදියට Neteller , Skrill වැනි අන්තර්ජාල බැංකු මගින්. මෙි ක්‍රම තාමත් භාවිතා කළ හැකි නමුත් එකත් විශේෂිත පිරිසකට පමණයි කරන්න පුලුවන්. ඒ කිවිවෙි Credit Card තියෙන අයට පමණක් අවශ්‍යනමි උත්සහ කරලා බලන්න පුලුවන්(Debit card නෙවෙයි). ඒවගේම Debit card හා Credit card පත් හරහා මුදල් තැන්පත් කිරීමට නොහැකි ගැටවකුත් වාර්ථා වෙලා තියෙනවා. ඉතින් මෙි ඔක්කෝම සලකලා මම මෙි ලිපියෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ දැනට භාවිතා කරන්න පුලුවන් පහසුම ක්‍රම පිළිබදව. මෙි අනුව අපිට ක්‍රම 3 ක් දැනට භාවිතා කළ හැකියි.

01. Nordfx Local Deposit System (Working)
02. Card Deposit (Credit card වැඩ කළ හැකි නමුත් Debit card භාවිතා කළ නොහැකිය)
03. Neteller අන්තර්ජාතික බැංකු ගිණුම හරහා.

මෙි ක්‍රම 3 සම්බන්ධව පැහැදිලිව පහතින් දාලා තියෙනවා. සමිපුර්ණ ලිපියම හොදින් කියවන්න පිළිවෙලට.  

01. Nordfx Local deposit and Withdrawal system (දේශිය බැංකු හරහා සිදුකරන තැන්පතු හා මුදල් ලබා ගැනීම)

මෙය Nordfx ආයතනය මගින් දේශිය ගණුදෙනු කරැවන් වෙනුවෙන් හදුන්වා දි ඇති නවතම ක්‍රමයකි. දැනට ආසියාතික රටවල් අතර ඉන්දියාව, බංගලාදේශය හා ශ්‍රිලංකාව තුල පමණක් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර දේශිය බැංකු භාවිතයෙන් මුදල් තැන්පත් කිරීමෙි ඉදලා මුදල් ලබා ගැනීම දක්වා භාවිතා කරන්න පුුලුවන් පහසුම හා ඉක්මන්ම ක්‍රමයක්. මුදල් තැන්පත් කිරීම සාමාණයෙන් විනාඩි 10 ක් වගේ කාලයක් ඇතුලත කරන්න පුලුවන්. මුදල් ලබා ගැනීමෙි Request එක දැමිමට පස්සේ පැය 4 - 24 ත් ඇතුලත ගන්න පුලුවන්. ඒක නිසා තමයි මෙි ක්‍රමය ඉතා පහසු හා ඉක්මන්ම ක්‍රමය කියලා මම කිවිවෙි. මොකද මුදල් ලබා ගන්න සෘජු bank wire භාවිතා කරොත් ඒකට දින 5 ක් පමණ ගතවෙනවා මුදල් ලැබෙන්න. අනික Nordfx ආයතනය මගින්ම පාලනය කරන නිසා 100% විශ්වාස තියන්නත් පුලුවන්. කිසිදු ගැටලුවක් නැතිව. එ හේතුව නිසාම තමයි අපිත් මෙි ගැන සදහන් කලා තියෙන්නේ මෙි ලිපියෙන්.

දැන් lakforex හරහා සම්බන්ධවන , මුදල් තැන්පත් කරන සියලුම සාමාජිකයින්ට තැන්පත් කරන මුදලට සාපෙක්ෂව 25% ක බොනස් මුදලක් ස්වංක්‍රියවම ගිණුමට ලැබෙනු ඇත. උදා- $100 ක් සදහා $25 ක මුදලක් ආදීවශයෙන්. 
(මෙම බොනස්මුදල් $100-$25 =3lot සම්පුර්ණ කිරීමෙන් පසු නිදහසේ Withdraw කළ හැකිය. $500 ක් සදහා $100 ක බොන්ස් මුදල්කද , $1000 ක් සදහා $228 ක බොනස් මුදලක් ලෙස හිමිවෙි. මෙම බොනස් මුදල අවශ්‍ය නොවන්නේනම් මුදල් තැන්පත් කරන අවස්ථාවෙිදි Nordfx නියෝජිතයා වෙත දැනුම් දෙන්න.)

Local deposit හරහා මුදල් තැන්පත්කිරීම.

හරිම පහසුයි. ප්‍රථමයෙන් ඔබගේ Nordfx ගිණුම වෙත ලොගින් වෙන්න. එහි මුල් පිටුවෙි දිස්වෙන DEPOSIT කොල පාට බටනය කිලික් කරන්න. මෙය කිලික් කර සැනින් ඔබට තවත් පිටුවක් විවෘත වන අතර එහි

  • Type of Transaction : Deposit
  • Transfer Funds From : Local Deposit (මුලින්ම තිබෙන ඔප්ෂන් එක)

මෙහිදි Local Deposit කිලික් කර සැනින් ඔබට පහත ආකාරයේ පිටුවක් විවෘත වෙයි. 


මෙම පිටුවෙි You will Get කොටුව තුල ඔබට තැන්පත් කිරිමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ටයිප් කරන්න. (අවමය $100 ක් වන අතර උපරිමය සිමාවක් නැත). ඔබ ඩොලර් ප්‍රමාණය සටහන් කල සැනින් ලංකාවෙි මුදලින් ඒ සදහා කොපමන මුදලක්ද යන්න You will Pay ස්ථානයේ සදහන් වෙනු ඇත. ඉන් පසු පහත ආකාරයෙන් විස්තර පුරවා,

  • Phone : ඔබව සමිබන්ධ කරගත හැකි දුරකතන අංකයක්. 
  • E-mail : ඔබගේ නිවැරදි ඉමෙල් ලිපිනය
  • Comment : කිසිවක් සදහන් කල යුතු නැත.  

Execute කිලික් කරන්න. Local Deposit ක්‍රමය සදහා දැන් ඔබ සියලු විස්තර Nordfx වෙත යවා ඇති අතර, එ පිළිබදව තොරතුරැ ලබා දීමට Nordfx සිංහල සහයක කණ්ඩායෙමි නියෝජිතයෙක් විසින් ඔබව හැකි ඉක්මනින් සමිබන්ධ කරගනු ඇත. මෙය දේශිය බැංකු හරහා සිදුවන නිල තැන්පතු ක්‍රමයක් බැවින් පහසුයි, විශ්වාසදායකයි. 

Local Withdrawal හරහා මුදල් ලබා ගැනීම. 

මෙි සදහා දින 1 ක පමණ කාලයක් ගතවෙි. ක්‍රියාවලිය ඉතා පහසු අතර ඔබට මුදල් ලබා ගැනීමට අවශ්‍ය විට, සාමාන්‍ය පරිදි Nordfx MT4 Balance එකේ ඉදලා අවශ්‍ය මුදල Nordfx Account Balance එකට Transfer කරගෙන Nordfx Local Deposit/ Withdrawal නියෝජිතයාට දැනුමි දෙන්න. ඔහු ඔබට ආදාල විස්තර එවලේම ලබා දෙයි. 

02. CARD පත් හරහා මුදල් තැන්පත් (Deposit) කරන ආකාරය.

ඉතා වැදගත් - දේශිය බැංකු මගින් නිකුත් කරන ලද කාඩි පත් හරහා මුදල් තැන්පත් කිරීම කළ නොහැකි බව බොහෝ සාමාජිකයින් පිරිසක් දන්වා ඇති නිසාත් ඔබට දැනටමත් අන්තර්ජාතික ගණුදෙනු සදහා භාවිතා කළ හැකි Debit/Credit කාඩි පතක් ඇතිනමි පමණක් මෙම ක්‍රමය උත්සහ කර බලන්න. එසේ නොමැතිනමි නව කාඩි පත් සදහා අයදුමි කීරීම ඔබගේ කාලය අපතේ යැවීමකි. එවැනි අයට අප ඉහතින් සදහන් කර ඇති ක්‍රමය කිසිදු ගැටලුවකින් තොරව භාවිතා කළ හැකිය. 

දැන් මෙි ක්‍රමය ගැන කතා කරන්න කලින් මුලින්ම මෙි විස්තර ටික කියවලා ඉන්න. සාමාන්‍යෙයන් International Bank Transfer කියන ක්‍රමයට අනුව මුදල් තැන්පත් කිරීම ලංකාවෙි ඉදලා කොහෙමත් කරන්න බැහැ. නමුත් ඔයා භාවිතා කරන්නේ Credit Card , Debit Card (HNB, Seylan, BOC, People Bank, ) ආදි Card  පත් නමි ඒ කාඩි පත් අන්තර්ජාල ගණුදෙනු සදහා සක්‍රියද කියන එක මුලින්ම සහතික කරගෙන ඉන්න ඔනි. ඒ සදහා ඔයාගේ බැකුවෙි කාඩි සෙන්ටර් එකට කතා කරලා අහන්න පුලුවන්. හැබැයි ඔයාගේ Card එක American Express එකක් නමි මේ ක්‍රමයට සෘජුවම මුදල් තැන්පත් කරන්න බෑ. 

කාඩි පත් වලින් මුදල් තැන්පත් කරන්න මුලින්ම ඔයා ඔයාගේ ගිණුමට නැවත වතාවක් ලොගින් වෙන්න ඔනි. ලොගින් වෙලා ගිණුමේ මුල්ම පිටුවෙි තියෙන Deposit කියන කොල පාට බටින් එක කිලික් කරාම එනවා පහත ආකාරයේ පිටුවක්. ඒක පිටුවෙි කොටුවල තියෙන දේවල් පහත පරිදි තෝරාගන්න. 

  • පළමු පියවර - Type of Transaction - Deposit තෝරන්න.
  • දෙවැනි පියවර - Transfer Funds To: MT4 Account (ඔබගේ ගිනුමි අංකය සහිතව තියෙන එක තෝරාගන්න.)
  • තුන්වැනි පියවර - Transfer funds from - Visa And Mastercard via CardPay

මෙි විස්තර නිවැරදිව තෝරා දි Continue කිලික් කරාම ඔබට ලැබෙයි ඊළගට තැන්පත් කරන්න කැමති මුදල් ප්‍රමාණය සදහන් කරන්න පිටුවක්. අදාල මුදල සදහන් කරලා Add funds කිලික් කරන්න. එතකොට ඔයාට විවෘත වෙයි අලුත් පිටුවක් ඔයාගේ කාඩි පතේ විස්තර ඇතුලත් කරන්න. පහත ආකාරයෙන්. 



මෙි පිටුවෙිදි,

  • Card Number - ඔබේ කාඩිපතේ ඉදිරිපස ඇති අංක 16 ය මෙහි ඇතුලත් කරන්න.
  • Card Holder Name : මෙතැන ඔබගේ කාඩිපතේ සදහන් වෙලා තියෙන ඔබගේ නම යොදන්න. කාඩි පතේ නම සදහන් වෙලා නැත්තං ඔබෙි පළමු හා දෙවැනි නම යොදන්න. 
  • Expires - කාඩිපතේ ඉදිරිපස අංක 16 යටින් ඇති 00/00 ආදි විදියට මාසය අවුරැද්ද. අන්න ඒක මෙතැන ඇතුලත් කරන්න. 
  • CVV2 - මෙතැන කාඩිපතේ පිටුපස සුදුපාට තීරැව අසල අවසානයේ ඇති අංක 3 ක්. අන්න ඒක තමයි මෙතැන යොදන්නේ.

ඊට පස්සේ PAY කියන බටින් එක කිලික් කරන්න. එචිචරයි. දැන් ඔයාගේ සල්ලි ගිණුමට වැටිලා තියෙයි ගනුදෙනුව සාර්ථකව සිදුවුවානමි. 

(මෙතනදි හොදින් මතක තියා ගන්න. කාඩි එකේ විස්තර දාලා PAY කිලික් කරාට පස්සේ OTP හෝ එහේම නැතිනමි SEND PASSWORD කියලා අහලා පිටුවක් විවෘත උනොත් ඒ කියන්නේ මෙි ගනුදෙනුව සහතික කිරීමට අදාලව බැංකු විසින් අලුතින් හදුන්වා දුන් ක්‍රමයක්. ඒ එන වින්ඩෝ එකේ ඇති Send Password Or Send OTP කියලා එකක්. මෙික කිලික් කරාට පස්සේ කෝඩි එකක් එනවා ඔයාගේ ජංගම දුරකථනයට. ඒ දුරකථනයට එන කෝඩි එක අර අපිට කලින් ආපු වින්ඩෝ එකේ එන හිස් කොටුවට ඇතුලත් කරාම විතරයි ගනුදෙනුව සමිපුර්ණ වෙන්නේ. එහේම කරේ නැතිනං ගණුදෙනුව කිසි ලෙසකින්වත් සමිපුර්ණ වෙන්නේ නැතිබව හොදින්ම මතක තියා ගන්න. ඔයා ඔයාගේ ජංගම දුරකතය අංකය බැංකුවට දැනටමත් ලබා දි නැතිනමි මෙික බැංකුවෙි Card Center කතා කරලා සක්‍රිය කර ගන්න ඔනි ඔනෑම අන්තර්ජාතික ගණුදෙනුවක් කරන්න කලින්. ඔයාට කෝඩි එකක් ආවෙි නැත්තං ඒ කියන්නේ ඔයා බැංකුවට ඔයාගේ දුරකථන අංකය දීලා නැ. අන්න ඒ නිසා ඔයාගේ බැංකුවෙි කාඩි සෙන්ටර් එකට කථා කරලා මුලින්ම ඒක කරගෙන ඉන්න ඔනි. කථා කරලා කියන්න OTP කෝඩි එක ආවෙි නැ කියලා. එතකොට එයාලා උදවි කරාවි.‍

ඔය ඉහත පිටුවේ මුදල් තැනපත් කළ හැකි ආකාර ගණනාවක් දක්වලා තිබෙනවා ඔයාට පෙන්වා ඇති. ඉතින් ඔයාට කැමති එකක් තෝරාගෙන මුදල් තැනපත් කරන්න පුලුවන්. නමුත් ඔයා භාවිතා කරන්නේ Credit Card , Debit Card (HNB, Seylan) ආදි Card  පත් නමි තුන්වැනි Visa And MasterCard කියන මෙතඩි එක භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඔයාගේ Card එක American Express එකක් නමි මේ ක්‍රමයට සෘජුවම මුදල් තැන්පත් කරන්න බෑ. ඒකට ඔයාට Neteller අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා මුදල් තැනපත් කරන්න වෙනවා. ඔබ ඉහත කාඩි පත් භාවිතා කරන්නේ නමි තැන්පත් කරන මුදල් එවලේම ගිණුමට එකතු වෙනවා වගේම එවලේ ඉදන්ම ගණුදෙනු කරන්න පටන් ගන්නත් පුලුවන්. 

03. Neteller අන්තර්ජාල ගිණුම හරහා මුදල් තැන්පත් කිරීම හෝ ලබා ගැනීම.


Neteller කියන්නේ ජ්‍යාතයන්තර තුල බහුලව භාවිතා වෙන මුදල් හුවමාරැ කීරීමෙි වෙබි අඩවියක්. ඒ කියන්නේ මෙි ගිණුම හරහා පුලුවන් බොහෝ වෙබි අඩවි වලට මුදල් යවන්න, එම වෙබි අඩවි වලින් මුදලා ලබා ගැනීම ආදි දේවල් කරන්න. මෙකේ වාසිය තමයි එකම නෙටිලර් ගිණුමක් භාවිතයෙන් ඔබට බොහෝ ගණුදෙනු එකම ස්ථානයක ඉදලා කරන්න හැකියාව ලැබිම. දැනටමත් ඔබ සතුව මුදල් සහිත Neteller/ Skrill ගිණුමක් තියෙනවනමි පමණක් හෝ ලංකාවෙි හෝ පිටරට බැංකු මගින් නිකුත් කර ඇති Credit card පතක් තියෙනවනමි පමණක් මෙි ක්‍රමය භාවිතා කරන්න. ඒක නිසා ඔබට දැනට ගිණුමක් නැතිනමි පහත පියවරල් පිළිපදිමින් ගිණුමක් විවෘත කරගන්න. කිසිම ආකාරයකින් අසත්‍ය තොරතුරැ ඇතුලත් කරන්න යන්න එපා. 

Neteller ගිණුමක් විවෘත කරන ආකාරය. 

ගිණුමක් විවෘත කරන්න මෙම සබැදියට පිවිසෙන්න. CLICK HERE 
ඉන් පසු ඔබට පහත ආකාරයේ පිටුවක් විවෘත වනු ඇති. 


දැන් ඔබට ලැබෙන පිටුවෙි ඔබගේ First Name, Last Name , Email address පැහැදිලිව පිළිවෙලට ඇතුලත් කරන්න. Password ඇතුලත් කිරීමෙිදි අක්ෂර 8 කට නොඅඩු, කැපිටල් , විශේෂ අක්ෂර හා අංකයක් සහිත ශක්තිමත් පාස්වර්ඩි එකක් ඇතුලත් කළ යුතුයි. ඇතුලත් කරන පාස්වර්ඩි එක අනිවාරයෙන්ම මතක තබා ගන්න. Register Now කිලික් කර පසු පහත ආකාරයේ පිටුවක් ලැබෙවි. 


මෙතැනදි ඔබ ලියාපදිංචි වෙන රටෙි සිලෙක්ටි කර, මුදල් වර්ගය ලෙස ඩොලර් සදහන් කරන්න. (වෙනත් මුදල් වර්ග ඇතුලත් කරන්න යන්න එපා.). Save කිලික් කරන්න. මෙයින් පසු විවෘත වන්නේ වැදගත්ම පිටුවකි. 


මෙහි ඇතුලත් කිරීමට තියෙන සියළුම තොරතුරැ ඉතා නිවැරදිව ඇතුලත් කිරීම අනිවාර්යය බව මතක තබා ගන්න. අවශ්‍යනමි ලිපිනය ඇතුලත් කිරීමෙදි ඔබගේ නමට ලැබෙන කිසියමි බිලක ඇතුලත් ලිපිනයක් ඇතුලත් කළ හැකිය. විශේෂයෙන්ම ඔබගේ දුරකථන අංකය නිවැරදිව ඇතුලත් කිරීම කළ යුතුය. සියලුම තොරතුරැ ඇතුලත් කර නැවත සියල්ල නිවැරදිදැයි බලා, CONTINUE කිලික් කරන්න.


දැන් ඔබ ඇතුලත් කරන ලද දුරකථන අංකය සහතික කිරිම සදහා එයට කොඩි එකක් පැමිණ ඇත. එම කෝඩි එක මෙහි සදහන් කර Verify කිලික් කරන්න. ඉන්පසු විවෘත වෙන්නෙත් ඉතා වැදගත් පිටුවකි. 


මෙම පිටුවෙිදි ඔබ විසින් අංක 6 ක් සහිත රහස්‍ය අංකයක් ඇතුලත් කළ යුතුවෙි. මෙ අංකය ඉදිරි ගණුදෙනු වලදි අතිශයින්ම වැදගත් වෙන බැවින් මතක තබා ගන්න. එය ඇතුලත් කිරීමෙන් පසු SAVE කිලික් කරන්න. මෙම පියවරෙන් පසු ඔබ සෘජුවම ඔබගේ නෙටිලර් ගිණුමට පිවිසෙනු ඇත. 


ඉන් පසු එහි ඇති Unverified කිලික් කර (පහත රෑපයේ දක්වා ඇති ආකාරයට)  ගිණුම සහතික කර ගැනිමට අදාල ඩොකියුමන්ටි ලබා දි ඉදිරියට යන්න.



ගිණුම සහතික කර ගැනීම සදහා රියදුරැ බලපත්‍රය හෝ පාස්පොර්ටි පමණක් භාවිතා කරන්න. පළමු පියවරයේදි එවායේන් ලබා ගන්නා ලද පැහැදිලි පින්තුර අප්ලොඩි කල හැකියි. මෙි පියවරයෙන් පසු ලිපිනය සහතික කිරීමට සිදුවනු ඇති අතර ඒ සදහා ඔබ කලින් පියවරේදි ඇතුලත් කල ලිපිනයට ලැබෙන මාස 3 කට වඩා පරණ නොවන බිලක් ඇතුලත් කළ යුතු වෙි. මෙි සියල්ල සහතික කිරීමෙන් පසු ඔබ ඔබගේගිණුමට මුදල් තැන්පත් කිරීමට හා භාවිතා කිරීමට සුදානම්. 

  • මුදල් තැන්පත් කිරීම සදහා Money IN භාවිතා කරන්න. මෙහිදි ආදාල කාර්ඩි වර්ගය භාවිතා කර ඔබට මුදල් ගිණුමට තැන්පත් කර ගත හැකියි.

නෙටිලර් ගිණුමට මුදල් තැන්පත් කරගත් පසු Nordfx වෙත ඩිපොසිටි කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. Nordfx ඉහත සදහන් කල මුදල් තැන්පත් කරන ස්ථානයට ගොස් එහි Deposit බටනය කිලික් කරාම එන පිටුවෙි "

  • Type of Transaction - Deposit / Withdrawal
  • Transfer Funds From: Neteller
  • Transfer Funds To: MT4 Balance

මෙි විස්තර සිලෙක්ටි කරාම ඊළගට එන පිටුවෙි එයි ඔබෙි Neteller ගිණුමි අංකය, Secure ID (Neteller ID (ඉහත පින්තුරයේ Unverified ස්ථානයට ඉහළින් ඇති අංක පෙල ඔබගේ ගිණුමි අංකයයි.) , Secure ID (ගිණුම විවෘත කිරීමෙදි ඇතුලත් කල රහස්‍ය අංකය.) එක හා තැන්පත් කරන මුදල් සදහන් කරන්න. ඒ විස්තර ඇතුලත් කරලා සබිමිටි කරන්න. එපමණයි. 

Bank Wire හරහා මුදල් සෘජුවම ඔබෙි බැංකු ගිණුමට ලබා ගැනීම

Local Withdrawal ක්‍රමය නැතිව සෘජුවම බැංකුවට මුදල් ලබා ගැනිමේදි භාවිතා කරන්න ඔනි ක්‍රමය තමයි මේ. සාමානයනේ දින 5 ක් පමණ ගත වෙනවා මෙි ක්‍රමය අනුව මුදල් ලබා ගන්න මම කලින් සදහන් කරා වගේ. මෙකට අනුව මුදල් ලබා ගැනිම සදහා මුලින්ම කරන්න ඔනි දේ තමයි ඔයාගේ MT4 ගිණුමෙන් Account Balance ඒකට මුදල් ඉස්සෙල්ලාම Withdraw කරගෙන ඉන්න එක. ඒකට මුලින්ම ඔයාගේ නොර්ඩි ගිණුමට ලොග් වෙලා මුල්ම පිටුවෙි තියෙන ඔයාගේ ගිණුම් අංකය සහිත තීරැවෙි ඇති Withdraw කියලා එකක්. ඒක කිලික් කරන්න. ජංගම දුරකථන වලින් යන අය පිටුව එහාට මෙහාට කරලා බලන්න ඒ කොටස එනවා. එහේම නැත්තං වෙඩි අඩවියේ දකුණු පස ඉහලට වෙන්න තියෙන පර්ස් අයිකනය සහිත එක කිලික් කරලා එකේ Trading Accounts යටතේ තියෙන Withdrawal funds කියන බටනය කිල්කි කරලා උනත් පුලුවන්. දැන් මෙි විදියට කරාම එන පිටියේ මුලින්ම ඔබ ලබාගන්න කැමති ගාණ ඇතුලත් කරලා Continue කරන්න. ඒ විදියට ගියාම ඔයාගේ MT4 Balance එකෙන් අදාල මුදල අඩුවෙනවා එවලේම. හැබැයි ඒ අඩුවෙන මුදල Account Balance එකට වැටෙන්න ටික වෙලාවක් යනවා. සතියේ දිනවල පැය 3 ක් 4 ක් යාවි. එ විදියට Account Balance එකට සල්ලි ආවම තමයි අපිට අපේ බැංකුවට මුදල් ලබා ගන්න හැකි වෙන්නේ.

ඉතින් ඔයාට තියෙන්නේ MT4 Balance එකෙන් මුදල් ගන්න Request කරාට පස්සේ පැය කිහිපයකින් හෝ දවසකින් නැවත ගිණුමට ලොගේ වෙලා බලන එක Account Balance එකට සල්ලි වැටිලද කියලා. එහේම සල්ලි වැටිච්ච ගමන් පිටුවෙි මැද Your Personal Account වලට යටින් පෙන්වයි.

දැන් කරන්න තියෙන්නේ එතනම තියෙන Deposit බටන් එක කිලික් කරලා එකේ Type Of Transaction කියන එකට Withdrawal කියන එක සිලෙක්ටි කරලා, Transfer Funds From: කියන එක ඒ විදියටම තියලා, Transfer Funds To: මුලින්ම එන Bank Wire කියන එක තෝරන එකයි. මෙි බැන්ක් වයර් කිලික් කරපු ගමන් ඔයාට එයි පිටුවක් බැංකු ගිණුමෙි විස්තර යොදන්න. ඒ තොරතුරැ ඇතුලත් කරන්න පහත පරිදි. 

දැන් මෙතනදි ටිකක් කල්පනාවෙන් පුරවන්න ඔනි. වැරදි , නොගැලපෙන විස්තර දාන්න බෑ. මොකද මුදල් ගෙන්වා ගැනීමක් නිසා එයාලා සියලුම විස්තර හරිද කියලා බලනවා. වරද්දලා දැමිමොත් සල්ලි එන එකක් නැති වෙයි. අනික දාන්න ඔනි ගිණුම අයිති පුද්ගලයාගේ විස්තර. වෙනත් අයගේ බැංකු ගිණුමි විස්තර දාන්න එපා. පහත උපදෙස් බලන්න. 


දැන් මෙතනදි ටිකක් කල්පනාවෙන් පුරවන්න ඔනි. වැරදි , නොගැලපෙන විස්තර දාන්න බෑ. මොකද මුදල් ගෙන්වා ගැනීමක් නිසා එයාලා සියලුම විස්තර හරිද කියලා බලනවා. වරද්දලා දැමිමොත් සල්ලි එන එකක් නැති වෙයි. අනික දාන්න ඔනි ගිණුම අයිති පුද්ගලයාගේ විස්තර. වෙනත් අයගේ බැංකු ගිණුමි විසිතර දාන්න එපා. පහත උපදෙස් බලන්න. 

  • Account Name - : ඔබගේ bank account ගිණුමේ සදහන් වෙලා තියෙන නම. මේ නමි ඔයාගේ nordfx ගිණුමේ නමටත් සාමාන වෙන්න ඔනි. වෙනත් අයගේ නමි දාන්න හෝ භාවිතා කරන්න යන්න එපා. 
  • Account Number  - :  Bank Account Number එක. 
  • Address -: ඔයාගේ ලිපිනය.  
  • Bank Name - : HNB / Sampath / Seylan /Bank Of Ceylon .......etc 
  • Bank Address - : HNB bank , colombo (තමන්ගේ බැංකුව තියෙන ශාඛාවෙි ලිපිනය. බැංකුවෙි නම හා නගරය දැමිමම ඇති.)
  • Swift Code - : මෙක ජ්‍යාත්‍යන්තර මුදල් හුවමාරැ වලදි බැංකුවක්  හදුනා ගන්නා සුවිසේෂි කෝඩි එක. ඔයා ඔයාගේ බැංකුවෙන් ඇහුවොත් එයාලා කියාවි ඔයාට මේ Swift Code එක. ඒක අවහ්‍ය වෙනවා. 
  • Amount - : ගන්න ප්‍රමාණය. මතක තියා ගන්න bank Wire වලදි අවම ලබා ගත හැකි ප්‍රමාණය $ 200 
  • Currency - : කියන එකට USD කියලම තියන්න. 
  • Comment - : මුකුත් අවශ්‍ය නැ. 

මෙි සදහන් කළ ආකාරයට නිවරැදි තොරතුරැ දාලා SUBMIT කලාම ඔයා SMS code verification Active කරලා තියෙනවනං දුරකථනයට එන අංකයත් ඇතුලත් කරන්න ඔනි. නැත්තං අවහ්‍ය නැ. මෙි විදියට කරාම ඔයාගේ Withdrawal request එක හරි. දැන් දින 3- 5 ක් වගේ ඇතුලත වගේ මුදල් ඔබගේ බැංකු ගිණුමට ලැබිලා තියෙවි.

ඔබට $200 ට වඩා අඩු මුදලක් ලබා ගන්නවනං හොදම ක්‍රමය තමයි Local withdrawal system එක. මෙි ක්‍රමයට අනුව අන්තර්ජාතික බැංකු සේවා ගාස්තු නොමැතිවම ඉක්මනින් මුදල් ලබා ගන්න පුලුවන්. සාමානයෙන් බැන්ක් වයර් වලදි $25 ක මුදලක් අන්තර්ජාතික බැංකු විසින් අය කරන්න පුලුවන් සේවා ගාස්තු හැටියට. 

Comments