Forex Course

Basic Level Articles + Medium Level Articles +
  1. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  2. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  3. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  4. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  5. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  6. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  7. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  8. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  9. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  10. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  11. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Advance Level Articles +
  1. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  2. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  3. Economic Calendar භාවිතා කර ගණුදෙනු යොදා ගන්නා හැටි
  4. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  5. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  6. Candlestick Pattern - සදහා ආරමිභයක්
  7. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  8. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  9. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  10. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  11. Thechnical Analysis සදහා ඇරඹුමක්
  12. Support and Resistance
  13. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  14. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  15. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  16. Fibonacci Retracements භාවිතා කිරීම
  17. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  18. Chart Pattern 01
  19. Inside Bar Trading
  20. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  21. Price Action With Trend Line
Basic Trading - 3 (Lots , Leverage , Margin)

මෙි ලිපියට එනකොට බොහෝ දෙනෙක්ට අඩුම ගානේ ඉක්මනින් ගණුදෙනුවක් විවෘත කරගන්නවත් හොද පුහුණුවක් අවබෝධයක් තිබිය යුතුමයි. ඔබට එහේම නැත්තං වෙලා තියෙන්නේ මම කියලා දීලා තියෙන කාරණා ටික නිසි පරිදි අවබෝධයට ඇරගෙන හෝ පුහුණු වෙලා නැ කියන කාරණය. හැමවෙලේම කියනවා වගේ ඔයා Forex Trading වලින් මුදල් උපයන්න හිතාගෙන ඉන්නවනං මෙි කියන ඒවා හරියට පුහුණු වෙන්න. අපි අද මාතෘකාවට ගියොත් මම තවදුරටත් ගණුදෙනු කළමණාකරණය කර ගන්නා ආකාරය පැහැදිලි කරලා දෙනවා. කියවලා අවබෝධයට ගන්න. 

දැන් ඔයාට ගණුදෙනු යෙදවීම හා ඒවා Close කර ගැනීමෙි ඉදලා ගණුදනුවලට Stop Loss , Take Profit සකසන ආකාරයත් ඒ ආශ්‍රිතව මම පෙන්වලා දීපු කරැණු කාරණාත් හොදින්ම දන්නවනේ.  මෙවාත් එක්කම අපිට ගණුදෙනු කරන්න යද්දි තවත් අත්‍යාවශ්‍යම වෙන කාරණා ටිකක් තමයි මම පහතින් පෙළගස්වලා තියෙන්නේ. නැවතත් කියනවා මෙි කරැණු සරලයි වගේම ආධුනිකයෙක්ට අතිශයින්ම වැදගත්. ඒක නිසා කිසිම අවස්ථාවක මෙි තොරතුරැ මග හැරලා ඉදිරි ලිපි කියවන්න හිතන්නවත් එපා. ඒක ඔබටම කරගන්න විශාල පාඩුවක් වෙයි පස්සේ. 

Lots කියන්නේ මොනාද ?

මෙි අපි කරන Forex Trading තියෙන තවත් වැදගත් දෙයක් වගේම මෙි වචනේ ඔයාට Trading කරද්දි ගොඩක් තැන්වලදි හමිබවන වෙන වචනයක්. ඔයා Trading එකක් Open කරන්න යනවනමි අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඔනි. මතක ඇති අපි Trading එකක් විවෘත කරන කොට අපිට හමිබවුනා Volume = 0.1 , 0.2 , 0.3 ආදි වශයෙන් තියන ඒවා වගයක්. අමතක නමි නැවත වතාවක් MT4 Software එක විවෘත කරලා අර Order Window එක open කර ගන්න. එකේ Volume කියන එකේ තමයි මෙවා තියෙන්නේ. හොදින් මතක තියා ගන්න මොවාට තමයි Lots කියලා කියන්නේ. දැන් ඔයාට හිතෙනවා ඇති ඇයි මෙි ලොටිස් මෙචිචර වැදගත් වෙන්නේ කියලා. 

මෙි Lots ගැන නොදැන සිටියොත් වෙන්නේ විශාලම විනාශයක්. හිතන්න ඔබ ඔබගේ සත්‍ය ගිණුමට තැන්පත් කරනවා $100 ක්. දැන් ඔබ Lots ගැන අවබෝධයක් නැතිව හිතු හිතු ආකාරයට විවිධ වොලුයුමි අගයන් යොදලා ගනුදෙනු කරොත් වෙන්නේ කලින් කිවිවා වගේම විශාල විනාශයක්. ඒකට හේතුව Lots වලින් තමයි අපි යොදවන ප්‍රධාන මුදල් ප්‍රමාණය කුඩා ප්‍රමාණයක ඉදලා විශාල ප්‍රමාණයකට කොටස් වලට කඩලා ගණුදෙනු කරන්න පහසුවෙන්න හදලා තියෙන්නේ. මොකද අපි කවිරැත් $100 ක මුදලක් යෙදෙවුවිවොත් එක වරම $100 ම භාවිතා කරන්නේ නැ ගණුදෙනු වලට. සාමානයෙන් කරන්නේ මෙි $100 න් සුළු ප්‍රමාණයක් භාවිතා කරලා ගණුදෙනු යොදන එක. මම ඔබ අපි හැමෝම කරන්නේ මෙන්න මෙි දේ. 

උදාහරණයක් විදියට ගත්තොත් ඔබ කොටස් වෙළද පොළෙ රැපියල් ලක්ෂ 10 ක් තැන්පත් කරලා ගණුදෙනු ආරමිභ කරන්න සුදානමි වෙනවනං ඔබ එක පාරම මෙි ලක්ෂ 10 ම යොදලා කොටස් මිලදි ගන්නැ. මුලින්ම ලක්ෂයක් හෝ දෙකක් වගේ තමයි භාවිතා කරන්නේ. Forex Market එකේ Lots වලින් වෙන්නෙත් මෙන්න මෙි දේම තමා. 

තවත් උදාහරණයක් විදියට දැන් අපි EUR/USD මුදල් වර්ගය (Currency Pair ) ගමු. . දැන් මෙකේ ප්‍රධාන මුදල් වර්ගය (Base Currency ) එක EUR  නේ. ඒ වගේම අනිත් Currency එක (Quote Currency) USD.  හරි දැන් ඔය කිලෝ එකකට ග්‍රෑරැමි 1000 ක් කියනවා වගේ තමයි Lots එකකට යුනිටි 100,000 ක් තියෙනවා. මෙතනදි මතක තියා ගන්න Lot 1 කියන්නේ අර 0.01 ක් නෙමේ. 0.01 කියන්නේ Lot 1 නුත් 100 න් පංගුවක්. 

Lot 1 = 100,000 යි. ( 100,000 කියන්නේ සමිමත් යුනිටි. දැන් ඔයාලා මේක ගැන දහඅතේ කල්පනා කරන්න එපා මොකක්ද මේ යුනිට් වර්ග කියලා. මෙක මේ විදියට මතක තියා ගත්තම හොදටම ඇති.) 

දැන් මේකට සාමාන්‍යෙයන් අපි භාවිතා කරන වචනය තමයි Standard Lot කියන එක. හැබැයි තියෙන්නේ මේක විතරක් නෙමේ. තව Mini Lot , Micro Lot , Nano Lot කියලත් තියෙනවා. හරියට බර මනිනකොටෙ ග්‍රෑරැමි , කිලෝ , රාත්තල් , ටොන් ආදි වශයෙන් විවිධ මිනුමි ක්‍රම හමුවෙනවා වගේ. පැහැදිලි නේද ? පහතින් දාලා තියෙන විස්තර ටික බලන්න.  

                    Lot               =       100,000
                    Mini Lot       =       10,000
                    Micro Lot     =       1,000 
                    Nano Lot     =        100 

දැන් පැහැදිලි නේ. ඔය සමහර A/C දාලා තියෙන ශාලා වල තුන්වෙළටම කෑමත් දීලා රැ 5000 ක් විතර ඇරගෙන මහ උජාරැවට Forex Trading පාඨමාලා කරන උදවිය හා ඒවට යන අය ඇත්තටම මේකවත් දන්නේ නැ. ඉතින් Forex වල Loss වෙන එක අහන්න දෙයක්ද ? දැන් මේ මම උඩින් දාලා තියෙන ප්‍රමාණයන් අපි අපේ Trading වලට යොදාගෙන බලමු මොකක්ද වැදගත් කම කියලා. දැන් ඔයා හිතන්න මේ වෙලාවේ EUR/USD මිල 1.1085 කියලා. දැන් ඔයාට මෙතනදි Buy Order එකක් හරි Sell Order හරි දාන්න ඔනි. එහේම දාන්න ඔනිනමි ඔයා අනිවාර්යෙන්ම Lot කීයක් හරි ගන්න වෙනවනේ. නැත්නමි Trading Open වෙන්නේ නැති නිසා. දැන් මේ 1.1085 දි EUR Lot 1 ක් ගන්න ඔයාට USD කීයක් ඔනි වෙනවද (අපි ජ්‍යාත්‍යන්තර ගණුදෙනුවලදි භාවිතා කරන්නේ USD . හරියට ලංකාව ඇතුලත ඔයා රැපියල් වලින් යමි භාණ්ඩයක් ගන්නවා වගේ.)  එතකොට ඔයාට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය වෙන්නේ, 

                     Lot 1 = Unit 100,000 

100,000 x 1.1085 = USD 110,850 ක් අවශ්‍ය වෙනවා. ආපොයි Trading කරනවා තියා හිතන්නවත් බැරි ගාණක් නේද ? මොකද රැපියල් වලින් බැලුවොත් ලොකු ගාණක් යනවා Lot 1 ක් ගන්න. ඔන්න ඔයාට Leverage කියන එක මෙතනදි අදාල වෙනවා. මේ Leverage කියන දේ නැතිනමි අපට Forex Market එකේ ගණුදෙනු කරනවා කියලා හිතන්නවත් බෑ. 

Leverage කියන්නේ මොනවද ? 
             
අපි ඉහළින් දැක්කා Forex Market එකේ සෘජුව ගනුදෙනු කරන්න ගියොත් Lot 1 ගන්න අතී විශාල මුදලක් වැය වන බව. ඒත් ඔයාලා දන්නවා අපිට පුලුවන් අවම $ 100 ක් වගේ පොඩි ගාණක් දාලත් Trading කරන්න. එහේනමි ඒ කොහෝමද ?  මෙන්න මෙ කියන  Leverage  එක නිසා තමයි අපිටත් මෙකේ ගණුදෙනු කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඔය Leverage කියන එවා 500:1,  400:1 , 200:1 , 100:1 , 50:1 ආදි වශයෙන් අපිට Forex Broker ආයතනයන් සපයනවා. සාමාන්‍යෙයන් හොදම Leverage එක තමයි මේතන තියෙන 200:1 නැත්තං 500:1 කියන එක. දැන් ඔයාට ප්‍රශ්ණයක් ඇවිල්ලා ඇති මොකක්ද මේ කියලා. මේකෙන් කරන්නේ අර විශාලව ගෙවිය යුතු අගය තවත් කුඩා කර පෙන්වීම. පහත උදාහරණය බලන්නකෝ.

අපි හිතමු ඔයාගේ Leverage 500:1 කියලා. දැන් වෙළද පොලේ EUR/USD තියෙන මිල 1.1085 නමි ඔයාට EUR Lot 1 එකක් ගන්න අවශ්‍ය වන USD කීයද ? 

Lot 1 = Unit 100,000
100,000 x 1.1085 (EUR/USD Current Price)
USD 110,850 /-
නමුත් මෙ එන USD මුදල් ප්‍රමාණය Leverage කළ විට 
110,850 බෙදීම 500 = USD 221.7 යි. 

දැන් ඔයාට 500:1 Leverage යටතේ EUR/USD පවතින මිල යටතේ සමිපුර්ණ Lot 1 ගන්න සත්‍ය වශයෙන්ම වැය වන USD ප්‍රමාණය 221.7 යි. ඒ කියන්නේ රැපියල් වලින් කීයද හිතාගන්න පුලුවන්නේ. නමුත් අමතක කරන්න එපා අපි කවදාවත් Lot 1 ක් එකපාර ගන්නේ නැ. ඒ විදියට ගන්නේ ලොකු ගණන් සල්ලි මුල්‍ය වෙළද පොලේ ආයෝජනය කරලා තියෙන කාරයෝ. එ කියන්නේ හරියට $10000 න් ඉහළ ගීනුමි සහිත අය. සාමානයෙන් අපි ගන්නේ Lot 0.01 ඉදලා ඉහළට 0.3 වගේ වෙනකං.

ඉතින් මෙි ලොටි 1 කට යන ගාණ බැලුවම Demo Account වලදි අපිට අවම  0.01 Lot Size එක ගන්න සත්‍ය වශයෙන් ඩොලර් 2.21 වගේ වැය වෙනවා. හැබැයි අමතක කරන්න එපා මෙි ගාණ ස්ථිර නැ. ඔනෑම මුදල් වර්ගය මිල ගණන් ඉහළ පහළ යන්න යන්න ලොටි 1 කට එන ප්‍රමාණයත් එහා මෙහා යනවා. ඉහත සමිකරණයෙන් ඔයාට ඒක හොදින්ම පේනවා ඇති. ඒවගේ ලැවරෙජ් එක්ක ගණුදෙනු කරද්දි තවත් විශේෂ දෙයක් හැමෝම මතක තබා ගත යුතුයි. කලින් කිවිවා වගේ සාමාණයෙන් 200:1, 500:1 කියන දෙක තමයි මම අනුමත කරන්නේ. මීට වඩා අඩුවට හෝ වැඩි ඒවා භාවිතා කරන්න යන්න එපා. මොකද ලැවරෙජ් එක අඩු උනොත් අපි භාවිතා කරන ලොටි සයිස් එකකට වැටෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. ලැවරෙජ් එක වැඩි වෙන්න වෙන්න වැටෙන ප්‍රමාණය අඩු වෙනවා. සමහරෙක් හිතන්න පුලුවන් එහේනං උපරිම 1000:1 ගොඩක් වාසිනේ කියලා. ඔවි වැටෙන මුදල් ප්‍රමාණය අතින් ගත්තොත් වාසියි. හැබැයි ලොකු ලැවරෙජ් වලට යද්දි එත් එක්කම කොන්දෙසි සහා මාර්ජින් කොල් කියන එකත් වෙනස් වෙනවා. ඒක ටිකක් පස්සේ කියන්න ඔනි කාරණයක්. නමුත් මතක තියාගන්න. උපරිම 500:1 පමණක් භාවිතා කරන්න. දැන් ඔයා විවෘත කරගත්ත සත්‍ය ගිණුමෙි ලැවරේජ් එක මතක නැත්තං  වෙබි අඩවියියෙන් ලොග් වෙලා. (www.nordfx.com ) Personal Setting වලට ගියාම බලා ගන්න පුලුවන් ඔයාගේ ගිණුමට ලැබිලා තියෙන Leverage එක මොකක්ද කියලා.

Margin කියන්නේ මොකක්ද ?
 
මෙි වචන දැනට ටිකක් හුරැ පුරැදු නැති උනාට ටික ටික ඉස්සරහට යනකොට හොදින් වැටහෙන්න ගයි. ඒක නිසා දැනට මෙවයින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක විතරක් අවබෝධයේ තියාගෙන ඉන්න. දැන් මොකක්ද මෙි මාර්ජින් කියන්නේ. මම කලින් කිවිවා වගේ අපි අපේ ගිණුමට $100 ක් ආයෝජනය කරොත් අපි එක පාරම මෙි $100 භාවිතා කරන්නැ. ලොටි සයිස් භාවිතා කරලා ටික ටික තමයි ගණුදෙනු වෙනුවෙන් භාවිතා කරන්නේ. මාර්ජින් කියන එකෙන් අදහස් වෙන්නේ අපි යොදන ලද ආයෝජනයයි, දැනට විවෘත කරලා තියෙන ගණුදෙනු වෙනුවෙන් වෙළද පොලට වැටිලා තියෙන මුදල් ප්‍රමාණයයි අතර වෙනස. දැන් සමහර අහන්න පුලුවන් Forex වලට අවම දාන්න පුලුවන් $100 ද කියලා. නැ. $50 ක් උනත් දාන්න පුලුවන්. හැබැයි එකෙන් කිසිම වැඩක් වෙන්නැ. අනිවාරයෙන්ම අවමය $100 ක්වත් තිබිබොත් තමයි සාර්ථකව මෙික කරන්න පුලුවන් වෙන්නේ. දැන් මෙි මාර්ජින් කියන එක තව දුරටත් තෙරැමි ගන්න පොඩි ගාණක් හදලා බලමු.

මුලික ආයෝජනය  =  $ 100  
Lot Size එක Trading එකක් සදහා = 0.01 (මෙ කියන්නේ Order Window එකේ volume එකේ අවම ප්‍රමාණය)
EUR/USD වෙළද පොල පවතින මිල = 1.1085
ගිණුමෙි ලැවරෙජ් එක - 500:1

දැන් ගාණ හදමු 

Lot 1 = 100,000
100,000 x 1.1085 = USD 110,850
110,850 බෙදීම 500 (500:1 නිසා) = USD 221.7 
අපේ Lot Size එක 0.01 නිසා = USD 221.7 බෙදීම 100 = USD 2.21 යි. 

දැන් අපිට 0.01 Lot Size එකෙන් එක Trading එකක් දාන්න USD 2.21 ක් වැය වෙනවා. මෙක ආපහු අපිටම ලැබෙනවා අපි විවෘත කරපු ගණුදෙනුව Close කරාට පස්සේ. ඒ කියන්නේ අපි $ 100 ක් දාලා එකෙන් $ 2.21 ක් භාවිතා කරලා Trading එකක් open කළාට පස්සේ මෙක ලාභ පිට හෝ ආලභ පිට Close කරාට පස්සේ අපිට මේ ආයෝජනය නැවත අපේ ගිණුමට ලැබෙනවා. දැන් අපේ මෙ ලොටි සයිස් එක යටතේ ගනුදෙනුවක් දැමිමා කියලා හිතමු. එතකොට අපේ ගණුදෙනුව නිසා ගිණුමෙි බැලන්ස් වෙනස් වෙන්නේ පහත විදියට

Balance     =    $ 100
Equity       =     (Trading එක Close කරන තුරැ ඔබ ලබලා තියෙන ලාභය හෝ අලාභය ප්‍රධාන Balance එකෙන් අඩු කරලා හරි එකතු කරලා හරි පෙන්වන එක. )
Margin       =     $ 2.21 (ගණුදෙනු වෙනුවෙන් ප්‍රධාන ආයෝජනයෙන් අඩුවු මුදල)
Free Margin      = $100 - $2.21 - (දැනට තියෙන ලාභය හෝ අලාභය) 

ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. මං හිතනවා හැමෝටම ඉතාමත් හොදින් පැහැදිලි වෙන්න ඇති කියලා. එහේම නැත්තං නැවත නැවත කියවලා පුහුණු ගිනුමි වලින් ගිණුදෙනු යොදන ගමන් හරියට මතකයට ගන්න උත්සහ කරන්න. මොකද මෙි පොඩි තැන අතපසු කරගත්තොත් වැඩක් වෙන්නේ නැති හින්දා.

කොහෝම හරි අපි කොචිචර Trading දැමිමත් මේ Free Margin එක අපි මුලිකව යොදවපු මුදලෙන් (ඒ කියන්නේ ඩොලර් 100) 50% කට වඩා අඩුවෙන්න හොද නැ. මෙික තමයි හරියට ගණුදෙනු කරන කෙනෙක් තුල තියෙන්න ඔනි ප්‍රබලම නීතිය. කවිරැත් දන්නවා අපි හිතු හිතු හැටියට ගණුදෙනු යොදලා ඒ යොදපු සියලුම ගනුදෙනු වලට වැටෙන මුදල් ප්‍රමාණය අපේ මුලික ආයෝජනයයෙන් එහාට ගිය ගමන් සමිපුර්ණ ගිණුමම නැති වෙන්න පුලුවන් නිසා. ඒක නිසා $ 100 ක් නෙවෙයි ඔනෑම මුදලක් ගිණුමට ආයෝජනය කරන අය තමන් ආයෝජනය කරපු මුදලින් 50% ක් නොයන්න ගණුදෙනු යොදන එක අනිවාර්යය කාරණයක්. මෙිකට කරන්න පුුලුවන් හොදම දේ එක Trading එකක් ඉවර වුනාට පස්සේ තමයි තව එකක් දාන එක. ඒ කියන්නේ එකක් හැර එකක්.

ඔය Real Account වලට ගියාට පස්සේ මේ උපදේශය අනිවාර්යෙන්ම තදින්ම පිළිපදින්න ඔනි. නැත්නමි Loss Sure. එහෙම ලොස් වෙන්න අකමැති අය ඉන්නවනමි වැඩි මුදලක් Deposit කරන්න ඔනි.  දැන් ඔයාලා නැවත පාරක් මේ ලිපිය හොදින් කියවලා තනියම අවබෝධ කර ගන්න උත්සහ කරන්න ප්‍රශ්ණ තියෙනවනමි කෙමෙන්ටි කරන්න. මම පිළිතුරැ දෙන්නමි. එ වගේම මේ ලිපිය බොහෝම වැදගත් එකක්. මෙක හරියට අවබෝධ කර ගෙන Trading වලට ගලපා ගන්න ආකාරය අත්හදා බලන්නකෝ. ඒත් එක්කම දැන් ඔබ දන්න වැටහෙන විදියට පුහුණු ගිණුමෙනුත් ගණුදෙනු කරන්න ඔනි. ඒකත් අමතක කරන්න එපා. ලාභ හෝ ආලාභ ආවට කිසිම ගැටලුවක් නැ තාම. අවශ්‍ය වෙන්නේ ගණුදෙනු කරන එක.

මෙම ලිපිය ගැන ඔබගේ දැනුම මැනලා බලන්න.

  • Forex Trading වලදි වැඩිපුර භාවිතා වන Lots , Leverage, Margin පිළිබදව ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද ? 



Comments