Forex Course

Basic Level Articles + Medium Level Articles +
  1. Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
  2. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
  3. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
  4. Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
  5. EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
  6. GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
  7. News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
  8. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  9. Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Advance Level Articles +
  1. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  2. Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  3. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  4. Candlestick Pattern - සදහා ආරමිභයක්
  5. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  6. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  7. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  8. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  9. Thechnical Analysis සදහා ඇරඹුමක්
  10. Support and Resistance
  11. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  12. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  13. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  14. Fibonacci Retracements භාවිතා කිරීම
  15. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  16. Chart Pattern 01
  17. Inside Bar Trading
  18. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  19. Price Action With Trend Line

News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය

මතක ඇතිනේ කලින් ලිපියේදි මම කියලා දුන්නා මුල්‍ය වෙළද පොළ විවෘත වන වේලාවන් හා වසා දමන වෙලාවන් අපිට ඇයි වැදගත් වෙන්නේ කියන එක ගැන. මං හිතනවා ඒක ඔයාලට හොදට වැටහෙන්න ඇති කියලා. මොකද ඒක තමා අපේ මුලික ආරම්භය. ඉතින් ඒ ලිපියෙන් පස්සේ අප සුදානම් වෙන්නේ තව ටිකක් ගැඹුරට යන්න. ඒ කියන්නේ අද අපි කථා කරන්නේ ලෝක සිදුවීමි (ආර්ථිකමය ආදි) කොහෝමද Forex Market එකට සෘජුව හෝ වක්‍රකාරව බලපැමි කරන්නේ, අපි කොහොමද ඒවා අදුන ගන්නේ , ඒ මත කොහෝමද ගණුදෙනු යොදන්නේ  කියන එක ගැන. හොදින් අවධානයෙන් කියවගෙන යන්න. මෙික තමයි වැදගත්ම දේ.

මොනවද මේ Forex News කියන්නේ ? 

කලින් ලිපිය කියෙවිවනමි ඔයාලා ඉතා හොදින්ම දන්වා Forex News කියන්නේ මොනවද කියලා. ඒක නිසා මම නැවත වතාවක් ඒ ගැන කියන්නේ යන්නේ නැ. හැබැයි මෙි News Trading වලට අවශ්‍යනම් fundamental analytics කියලත් කියන්න පුලුවන්. Fundamental කියන වචනය ගත්තත් ඇති, ඉතා හොදින් පැහැදිලි වෙනවා මුල්‍ය වෙළද පොළ ගණුදෙනු වලට අත්‍යාවශ්‍යම දෙයක් බව. අපිට පුලුවන්නමි මෙි ලොකේ විවිධ මුදල් වර්ග වලට ආදාලව නිකුත් වෙන නිවිස් වල ප්‍රතිඵලය හරියට හදුනා ගන්න ඉතා හොදින් ලාභ ලැබීම ඒක හේතුවක් වෙනවා. ඒක නිසා කිසිම කෙනෙක් මෙි කොටස මග හැරලා යන්න උත්සහ කරන්න එපා. ටිකක් අමාරැ වෙන්න පුලුවන් තෙරැමි ගන්න යනකොට, නමුත් එහේමයි කියලා අතැරියොත් වෙන්නේ අපරාදයක් මිසක් වාසියක්නමි නෙවෙයි. මෙික මම විශේෂයෙන්ම කිවිවෙි Indicator, Signals වලින්ම ගණුදෙනු කරන්න බලාගෙන ඉන්න අයට. 

නිවිස් නිකුත් වෙන්නාවු ආකාරය -

සාමාණයෙන් මේ වෙළද පොළ ප්‍රවෘත්ති අපිට ආකාර 4 කට ඇත්තමට බෙදලා පෙන්වන්න පුලුවන්. ඒ කියන්නේ මොනව හරි නිවිස් එකක් එනවනමි මෙන්න මේ ආකාරය 4 න් එකක් යටතේ තමයි එන්නේ. එහේම ආවම එම සිදුවීමේ ඇති බලපෑම මත අපිට තිරණයකට එන්න පුලුවන් මොකක්ද වෙළද පොළ දැන් ඊළගට වෙන්න යන්නේ කියන එක සමිබන්ධව. හැබැයි මේක එක පාර කියන්න බැ. ඔබට කාලයක් මේ නිවිස් අධ්‍යනය කරලා Forex එක්ක පුහුණු වෙවි ඉන්න වෙනවා ඒ අත්දැකිමි ගන්න. මොකද මෙවා හිතලා කරන දේවල් නිසා ඒක එක්කෙනාගේ තීරණ වෙනස්. ඒ අනුව එක අයෙක් ගන්න තිරණය තව කෙනෙක්ට නොඑන්න පුලුවන්. ඒ කොහොම උනත් අවශ්‍ය වෙන්නේ හරිම තිරණය. මෙකේ තෙරැම පුලුවන් තරමි තමන්ම අධ්‍යනය කරලා ගන්න දැනුමක් තමයි මෙකෙදි ඔබට වටින්නේ. මට කරන්න පුලුවන් එ අවශ්‍ය දැනුමි දෙන එක. අධ්‍යනය කරලා පැහැදිලි කර ගන්න එක ඔයාගේ යුතුකමක්. හරි කොහෝම උනත් මේ Forex නිවිස් නිකුත් වෙන ආකාරය තමයි මම පහතින් දාලා තියෙන්නේ. මේ තමයි ප්‍රධාන කොටස් 4. 

  • බැංකු කටයුතු
  • දේශපාලන හා ආර්ථික සිදුවිමි
  • සාමාජිය සිදුවිමි
  • ස්භාවික සිදුවිමි

දැන් අපි මේ එකින් එක පැහැදිලි කරගෙන බලමු මොනවද මෙවට අයිති වෙන්නේ කියන එක සමිබන්ධව. හොදින් මතක තියා ගන්න අපි තාම ගැඹුරටම ගියේ නැ. මෙ යන්නේ ටිකින් ටික. අපි මේ සිදුවිමි කථා කරන්නේ මෙවා තමයි මුල්‍ය වෙළදපොලට බලපෑමි කරන්න පුලුවන් සෑම සිදුවිමකම මුලිකම හා ප්‍රධානම මුලාශ්‍රය. එ කියන්නේ මෙන්න මේ ප්‍රධාන කොටස් 4 යටතේ තමයි මුල්‍ය වෙළද පොළට බලපෑමි සිද්ධ වෙන්නේ. අනික අපි හිතන්න ඔනි ඇයි මේ සිදුවීමි මෙ විදියට මුල්‍ය වෙළද පොට බලපාන්නේ කියන එක. එහේම හිතන්න පුරැදු උනාම මෙික හරිම සරලයි. මුදල් කියන්නේ ලොකේ අද අත්‍යාවශ්‍ය දෙයක් වෙලා. සමහර අවස්ථාවන් වලදි මිනිසුන්ගේ ජිවිත තිරණය කරන්නෙත් , සාමාජය රදා පවතින්නෙත් මුදල් මත කියන එක කණගාටුවෙන් වුවත් කියන්න වෙනවා. අන්න ඒ කාරණාව නිසා තමයි මේ ලොකේ සිදුවන ගොඩක්ම වැදගත් හැම සිදුවීමක්ම මුදල් වෙළද පොළට සෘජුවම හෝ වක්‍රාකාරව බලපාන්නේ. පහතින් විස්තර කරලා තියෙන්නේ මේ සිදුවිමි විස්ථරාත්මකව.

බැංකු කටයුතු

කවිරැත් දන්නවා මුල්‍ය වෙළද පොළ ගණුදෙනු සියල්ලම වගේ හසුරවන්නේ ලොව ප්‍රධාන බැංකු මගින් කියලා. විශේෂයෙන්ම ප්‍රබල රටවල බැංකු පද්ධති. මෙි නිසා තමයි මම බැංකු කටයුතු කියන එක මුලටම දැමිමෙි. විශේෂයෙන්ම Forex Market එකට බලපැමි කරන්න ප්‍රධාන ඝණයේ සිදුවිමි ප්‍රමාණයක් මෙින්න මෙි කාණ්ඩයටත් අයිත් වෙනවා ආර්ථික හා දේශපාලනික සිදුවිමි අත්හැරලා බැලුවොත්. ඒකට හේතුව බලවත් රටවල මහ බැංකු විසින් ගන්නා තීරණ සෘජුව මුල්‍ය වෙළද පොලට බලපාන නිසා.

දැන් සමහර අය මීට කලින් Forex News දැකලා තියෙනවනමි මෙි සමිබන්ධව සුළු අවබෝධයක් ඇති. පැහැදිලිව කිවිවොත් ඇමෙරිකාව, යුරොපය, ඔස්ට්‍රෙලියා, ජපානය, මෙි ආදි රටවල ප්‍රධාන බැංකු මගින් මාසිකව, සතියකට සැරයක් ආදි වශයෙන් විවිධ වාර්ථා නිකුත් කරනවා. තම කලාපයේ හෝ රටෙි මුදල සමිබන්ධයෙන් විවිධ තින්දු තිරණ ගන්නවා. එවගේම තම මුදල් වර්ගයේ ශක්තිමත් භාවය රැකගන්නත් විවිධ උපාය මාර්ග භාවිතා කරනවා. මෙන්න මෙිවා තමයි බැංකු කටයුතු කියල අදහස් වෙන්නේ. උදාහරණයකින් පැහැදිලි කරගත්තොත් වෙන්නේ මොකක්ද කියන එක ගැන, ලංකාවෙි මහ බැංකුව විසින් අපේ රටෙි මුදල ශක්තිමත්ව හා ස්ථාවරව තබා ගැනීම සදහා පොලි අනුපාත අඩුකිරීම, වැඩි කිරීම, විවිධ විණිමය පාලන නීති පැනවිම හෝ ලිහිල් කිරීම, මුදල් නිකුත් කිරීම ආදි කටයුතු සිදුකරන බව දන්නවා ඇති. මෙකෙන් අපෙක්ෂා කරන ප්‍රධාන බලාපොරොත්තුව තමයි තම රටෙි මුදල රටතුලදි හෝ විදේශ මුදලකට සාපෙක්ෂව ස්ථාවර භාවය තබා ගැනීම. මෙන්න මෙි ස්ථාවර භාවය නැති උනොත් ඒක රටක් වශයෙන් විශාල පාඩුවක්. සරලවම හිතන්න රැපියල ඩොලරයට සාපෙක්ෂව මිල වැඩි උනොත් වෙන්නේ, ලංකාව තුල ඉදලා විදේශ රටවල කරන මිලදි ගැනීමි සදහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය වැඩි වීම. මෙක මෙහේම වැඩි උනා කියන්නේ ලංකාව තුල භාණ්ඩවල මිල ගණන් ඉහල යනවා. විශේෂයෙන්ම ආනනික භාණ්ඩවල. උදාහරණයක් විදියට මෙිවැනි අවස්ථාවක බොරතෙල් ගෙන්වුවවොත් එ සදහා ලංකාවෙි මුදලින් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා ලංකාව තුලදි තෙල් මිල ඉහල යනවා, තෙල් මිල ඉහල යාම නිසා අනෙක් භාණ්ඩ විශාල ප්‍රමාණයක මිලත් ඉහල යනවා. මෙක ඊළගට බලපානේනේ සෘජුවම ආර්ථිකයට. ඒක නිසා මහ බැංකු විසින් මෙින්න මෙි ස්ථාවර භාවය රදවා ගන්න විවිධ තින්දු තිරණ ගන්නවා. ඒ කියන්නේ විදේශ මුදල් වල සැපයුම හා ඉල්ලුම. මෙි ලංකාවෙි තත්වය. හැබැයි බලවත් රටවලත් මෙවැනි දේවල් සිද්ධ වෙනවා. ඒ අනුව  

  • බැංකු මගින් සිදුකරන විනිමය අනුපාත තිරණ - Exchange rate decisions
  • බැංකු මගින් සිදුකරන පොලි අනුපාත තිරණ - Interest rate decisions
  • බැංකු මගින් සිදුකරන ඉදිරි ආර්ථික තිරණ වන සමුළු - Central banks Meetings
  • බැංකු මගින් මුදල් මත පනවන විවිධ නෛතික කාරණා ආදි සිදුවිමි මුල්‍ය වෙළද පොළට සෘජුවම බලපාන සාධක ලෙස හදුනා ගන්න පුලුවන්. - 

දේශපාලන හෝ ආර්ථික සිදුවිමි.

Forex Market එකට බලපෑමි කරන්න පුලුවන් තවත් ඉතා වැදගත් සිදුවිමි පෙළක් තමයි මේ දෙශපාලනික හා ආර්ථික සිදුවිමි කියන්නේ. මොකද රටක ආර්ථිකයන් පිළිබදව මෙන්ම සාමජිය තත්ව පිළිබදවත් තිරණ ගන්නේ මේ දෙශපාලන ව්‍යුහයක් මත. ඒක නිසා දේශපාලනික වශයෙන් සිදුවන ඉතා වැදගත් කරැණු , හා තින්දු තිරණත් ආර්ථික වශයෙන් මුල්‍ය වෙළද පොළට බලපැමි කරනවා වක්‍රාකාරයෙන් හෝ සෘජුවම. මොකද අපි දන්නවා රටක ආර්ථිකය පාලනය කරන්නත් මේ දේශපාලන තින්දු තීරණ ඉතාම වැදගත් විදියට බලපානවා කියලා. සාමාණයෙන් රටක ජානාධිපතිවරණයක් , මැතිවරණයක් , හෝ ආර්ථික මය වශයෙන් ගන්නා තින්දු තිරණ , නිති සකස් කිරීමි මෙවට බලපාන්න පුලුවන්. මේ මොක බලපෑවත් හොදින් මතක තියාගන්න අවසානයේ බලපෑම එල්ල වෙන්නේ මුදල් වලට කරන ඉල්ලුම සැපයුමි වලට කියන එක. අන්න ඒ හේතුව නිසයි මෙ සිදුවිමි මතත් මුදල් වෙළද පොළ වෙනස් වෙන්න ගන්නේ. මෙි කාණ්ඩයට අදාල සිදුවිමි පෙළක් ගත්තොත්

  • ආනයන හා අපනයන දර්ශක - Import and Export
  • රටක නිශ්පාදන හා සේවා දර්ශක - Manufacturing and services
  • බලවත් රටවල පවත්වන මැතිවරණ - elections
  • රට තුල හෝ රටට සමිබන්ධ අන්තර්ජාතික විකුණුමි - domestic sales and international trade 
  • රජයන් විසින් ආර්තියන් පාලනය කිරීමට ගන්නා තින්දු හා නිති සැකසීම - New Economical plans, Rules, Controls laws 

සාමාජිය සිදුවිමි 

තවත් මුල්‍ය වෙළද පොලේ ඉහල පහළ යැමි වලට බලපෑමි කරන්න පුලුවන් වැදගත් සිදුවිමි පෙළක තමයි මේ සමාජිය සිදුවිමි කියන්නේ. හැබැයි මෙ සිදුවිමි නිතර සිද්ධ වෙන්නේ නැ. ගොඩක්ම වැඩි වශයෙන් බලපාන්නේ ඉතා ප්‍රබල සිදුවිමි නමි පමණයි. උදාහරණයක් වශයෙන් සිවිල් යුද්ධ (Civil War) , රටවල් රටවල් අතර ඇතිවිය හැකි යුද්ධ (International War) , දැවැන්ත උද්ගොශණ ආදිය නිසා නිශ්පාදනයන් අඩාල වීම මෙවට හේතු වෙන්න පුලුවන්. මොකද යමි Forex Market එකට සමිබන්ධ රටක දැවැන්ත යුද්ධයක් නමි අනෙක් රටවල් ඒ රටේ මුදලට කරන ඉල්ලුම අඩු වෙනවා. මොකද එ රටේ යුද්ධයක් නිසා. මෙි නිසා නිශ්පාදන, සේවා හා විවිධ කේෂ්ත්‍ර වල ආඩාලවීමි, විදේශ ආයෝජනයන් අඩුවිම මත එ රටෙි මුදල් වරගයේ වටිනාකම ඉතා පහල බහින්න පුලුවන්. මොකද කිසිම රටකට බැහැ තවත් රටක මුදල් වර්ගයක බලෙන් ලබා ගන්න හෝ මුද්‍රණය කරන්න. මෙ මුදල් සැපයුම රටක් තුලට එන්නේ ප්‍රධාන වශයෙන් වෙළද , ආයෝජන හා සේවා කටයුතු මත. මෙයාකාරයන්ගෙන් ලැබන මුදල් මත තමයි ආදල රටෙි මුදලේ අගය අනෙක් මුදල් වලට සාපෙක්ෂව තිරණ වෙන්නේ.

ස්භාවික සිදුවිමි

සැම අවස්ථාවකම නොවුනත් දැවැන්ත ස්භාවික අනතුරැත් Forex Market එකට බලපැමි කරන්න පුලුවන්. උදාහරණ වශයෙන් විශාල ජල ගැලීමි , භූමි කමිපා , කුණාටු ආදි තත්වයන් මගින් යමි යමි රටවල නිශ්පාදන හෝ සේවා අඩුවීම, දේපල විනාශ විම නිසා Forex Market එක තුල වෙනස් විමි සිද්ධ වෙන්න පුලුවන්. අපිට ගන්න පුලුවන් හොදටම උදාහරණය තමයි 2020 කොරෝනා වෛරස් වසංගත තත්වය. හොදින් ජ්‍යාත්‍යන්තරය දිහා බැලුවොත්, රටවල් විශාල ප්‍රමාණයක් කාලයක් පුරා වාසා දැමිමක් කරා. මෙකෙන් නිශ්පාදනය, සේවා සැපයිම, ජ්‍යාතන්තර වෙළද ගණුදෙනු සමිපුර්ණයෙන්ම වාගේ අකර්මර්ණය උනා. එකේ ප්‍රතිපලය උනේ සියලුම මුදල් වර්ගයන් මුල්‍ය වෙළද පෙළ තුල කඩා වැටීම. මෙන්න මෙි තත්වය මෙි ආකාරයෙන් වෙයියැයි ඉතා හොදින් අවබෝද කරගනෙ හිටපු නිසා වසංගත තත්වයක් ලෙස නමි කරන්නත් කලින්, මම ලබා දිපු බොහෝ සිග්නල් ඉතා හොදින් ක්‍රියාත්මක උනා. 

මෙි සදහන් කල සියලුම කරැණු කාරණා මුල්‍ය වෙළද පොළට සෘජවුම බලපෑමි කරන බව දැන් ඔබට ඉතා හොදින් පැහැදිලි වෙනවා ඇති. මෙි පැහැදිලි වීම තමයි අත්‍යාවශ්‍යම දෙය. අපි කරන්න ඔනි මෙි නිකුත් වන සිදුවිමි වල බලපෑම කොතරමිද කියලා මුලින්ම අවබෝධයට අරගෙන, ඒ සිදුවීම ආර්ථිකයට මොනවගේ බලපෑමක් කරයිද කියන එකත් අවබෝධයට අරගෙන ගණුදෙනු සදහා භාවිතා කරන එක. මෙන්න මෙි විවිධ නිවිස් මොන ආකාරයෙන් බලපානවද කියන එක ගැන Economic calendar ලිපියෙන් පැහැදිලිව දක්වලා තියෙන නිසා එකත් කියන්න.  

මේ අපි කථා කලේ දැනට Forex Market එකට ආදාලව නිකුත් වෙන ප්‍රධාන නිවිස් මුලාශ්‍රයන් ගැන. ඒක නිසා අපි ගැඹුරට Forex Market එක අධ්‍යනය කරන්න යන්න කලින් මුලික සැකැස්ම දැනගෙන ඉන්න එක අනිවාරයයි. එහේම නැතිව අපිට බැ එකේ අතුරැ ප්‍රථිපල පිළිබදව අධ්‍යනය කරන්න. ඉතින් ඔයාලත් කිහිප සැරයක් හරි කියවලා මේ මුලික සැකැස්ම අවබෝධ කර ගන්න උත්සහ කරන්න. මොකද එක තනියම කරන තරමට හොදයි. මට පුලුවන් වෙන දෙ කියලා දෙන්න. ඒක අධ්‍යනය කරලා ඔලුවට දා ගන්න එක ඔයාගේ වගකීමක්. මම පහළින් දාලා තියෙන්නේ මුල්‍ය වෙළද පොළ පිළිබදව නිවිස් නිකුත් කරන වෙබ අඩිවි කිහිපයක්. ඒවා අධ්‍යනය කරන්න ඔයාලට කාලයක් තියෙන අතරතුරදි.

Forex News සහ Forex Market අතර සමිබන්ධය

හරිම සරලයි. මම මේ ලිපියේ උඩින් කිහිප අවස්ථාවකදිම එක මකත් කලා. නමුත් ආයෙත් වෙනම මතක් කරන්න හිතුවේ තවත් පහසු වෙන්න. හොදින් මතක තියා ගන්න Forex Market එක සමිබන්ධ මොන විදියේ නිවිස් එකත් එ එ නිවිස් නිකුත් කරන වෙබි අඩිවි වලින් නිකුත් වුනත් මම උඩින් කියපු ආකාර 4 න් මොන එකක් යටතේ නිකුත් උනත් එවා සෘජුවම සමිබන්ධ වෙන්නේ මුදල් ගණුදෙනු එක්ක. ආදාල නිවිස් එකෙන් වෙළද පොළයට විය හැකි බලපෑම අඩුවැඩි වෙන්න පුලුවන්. නමුත් මුල්‍ය වෙළද පොළ සමිබන්ධව නිකුත් වෙන නිවිස් එකක්නමි සුළු ප්‍රමාණයකින් හරි බලපානවා. ඉතින් අපි නිවිස් එකක් දැක්ක ගමන් කරන්න ඔනි ගිහිල්ලා ගණුදෙනු දාන එක නෙවෙයි. ඉස්සෙල්ලා අපි හොදට බලන්න ඔනි මෙ නිවිස් එකෙන් මොවගේ බලපෑමක් වෙයිද, නිවිස් එක කොතරමි ප්‍රබලද , මොන මුදලට මෙි නිවිස් එක අදාල වෙන්නේ කියන කාරණා. 

නිවිස් නිකුත් උනේ EUR/USD සදහා නමි

  • අපි හිතමු යමි නිවිස් එකක් නිකුත් වෙනවා EUR මුදල් වර්ගය වෙනුවෙන්. ඉතින් අපි හොදින් කරන්න ඔනි ඉස්සෙල්ලාම මෙ නිවිස් එකෙන් EUR මුදල් වරගයට අදාල ඉල්ලුමට සැපයුමට කුමන ආකාරයේ බලපැමක්ද වෙන්නේ කියන එක සමිබන්ධව. එක නිවිස් එක හොදට කියවලා අධ්‍යනය කරන්න දැනට සාමාන්‍ය වශයෙන්. මොකද ඉදිරියෙදි අප මේ ගැන වැඩි දුර කථා කරන නිසා. හරි අපි හිතමු මේ නිවිස් එක නිසා EUR මුදල් වර්ගයේ ඉල්ලුම පහළ යන්න බලපැමි කරයි කියලා. එකතොට වෙන්නේ ඉල්ලුම පහළ ගිහිල්ලා සැපයුමි වැඩි වන එක. අන්න ඒ අවස්ථාවේදි EUR/USD වෙළද පොළද පහළ බහිනවා මොකද EUR මුදල් වර්ගය ඉදිරියෙන් තියෙන ප්‍රධාන මුදල නිසා. මුදලට කරන ඉල්ලුම අඩුවෙනවා කියන්නේ ඒ මුදලේ අගය අඩුවෙන එක. අපි හිතමු මෙ නිවිස් එක EUR වල ඉල්ලුම වැඩි වෙන්න බලපැමි කරනවා කියලා. අන්න ඒ අවස්ථාවේදි ඉල්ලුමට සරලන සැපයුමක් නැති නිසා ඉල්ලුම වැඩි වෙලා වෙළද පොළ EUR/USD ඉහළ යන්න පටන් ගන්නවා. මෙක තමයි සාමාන්‍ සරල සිදුවිම. මෙතනදි මෙ නිවිස් එක USD වලට බලපැමි කරන එකක් නමි ඉල්ලුම අඩි වෙදිද් USD පහළ බහින නිසා EUR/USD වෙළද පොළ ඉහළ යනවා. නිවිස් එක නිසා USD ඉල්ලුම වැඩි වෙනවනමි EUR/USD වෙළද පොළ පහළ බහිනනවා. ඒ කියන්නේ EUR වලට සිදුවන එකේ අනිත් පැත්ත තමයි USD වලට ඒදෙම සිදුවුනොත් වෙන්නේ. ඒකට හෙතුව USD තියෙන්නේ EUR වලට දෙවනුව මුදල් වර්ගය නිසා. මෙක හොදට මතක තියා ගන්න. මොකද මෙ මම අවසානයට පැහැදිලි කරේ ඔනෑම නිවිස් එකකින් වෙන්න පුලුවන් සරලම තියරිය. හැබැයි මෙික වටහා ගන්න එක සරලයි කියලනමි හිතන්න එපා. ඒකට උනන්දුවෙන් උවමනාවෙන් අධ්‍යනය කිරිම ඉතාම වැදගත් බව මතක තියා ගන්න. 

Forex News website 

ඔන්න මම පහතින් දාලා තියෙනවා දැනට නිවිස් අපිට බලා ගන්න පුලුවන් හොදම වෙබි අඩිවි කිහිපයක්. හොදින් මතක තියා ගන්න. ඔයා Forex  කරන වනමි බලන්න ඔනි Forex News මිසක් සාමාන්‍ය නිවිස් නෙවෙයි. 

දැන් මෙි ලිපියෙදි අපි වැදගත් කරැණා කාරණා රාශියක් ඉගෙන ගත්තා. දැන් ඔබට හැකියාවක් ලැබෙන් ඔනි නිවිස් හදුනාගන්න, ඉහත සදහන් කල වර්ග වලින් මොන වර්ගයට නිවිස් එක ආදාල වෙන්නේ කියන එක වටහාගන්න, වැදගත්ම දේ නිවිස් මගින් මුලළ වෙළද පොල තුල විශාල වෙනසක් ඇතිකල හැකියි කියන එක හදුනා ගන්න. ගැටලු තියෙනවනමි අහන්න පුලුවන් පහතින්. 

Comments