මොනවද මේ Crypto Currency කියන්නේ ?
Cryptocurrency යනු කියන්නේ ඩිජිටල් කල එසෙත් නැතිනං සම්පුර්ණයෙන්ම පරිඝණක ගත කල මුදල් වර්ගයක්. විශේෂයෙන්ම අපි එදිනෙදා භාවිතා කරන භෞතික මුදල් වගේම තමයි හැබැයි මෙම මුදල් අපට භෞතිකව භාවිතා කරන්න බැහැ. භාවිතා කරන්න පුලුවන් එකම ක්‍රමය තමයි අන්තර්ජලය හරහා කරන භාවිතා කිරිම. එවෙග්ම වර්තමානය වන විට අතිශයින්ම ජනප්‍රිය මෙම මුදල් වර්ගයන් ඔබට සාමාන්‍ය මුදල් භාවිතයෙන් කරන බොහෝ ගෙවිම් කරන්න, එක තැනකින් තව තැනකට මුදල් යවන්නත් පහසුවන් භාවිතා කරන්න පුලුවන්.
හරියට බැංකු හරහා කරන මුදල් ගෙව්ම්, මුදල් යැව්ම් වගේම තමයි. හැබැයි අපි කවිරැත් නොහිතන පැහැදිලි වෙනසක් මේ අකාරයෙන් ක්‍රිප්ටෝ මුදල් භාවිතෙයේ තියෙනවා. ඒක තමයි අපි සාමාන්‍ය පරිදි බැංකු හරහා ගෙවිම් කිරිමෙදි එකට කිසියම් හෝ බැංකුවක් සම්බන්ධයි. බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක්. නමුත් ක්‍රිප්ටෝ මුදල් එක්ක ගනුදෙනු කරද්දි අපිට එහේම විශේෂ ආයතනයක් අවශ්‍ය වෙන්නැ. හරියටම කියනවනං අතරමැදි මුල්‍ය ආයතනය සහය අපිට කිසිසෙත්ම අවශ්‍ය වෙන්නැ. ඒ කියන්නේ ඔයා සතුව ක්‍රිප්ටෝ මුදල් තියෙනවනං ඒක පාලනය කරන්නේ ඔයාම මිසක් වෙන කිසිම ආයතනයක් නෙවයි. හරියටම කියනවනං මෙතැනදි ඔයාගේ බැංකුව ඔයාම තමයි. දැන් එතෙකාට හැමෝට එන ලොකුම ගැටලුව තමයි ඇයි ක්‍රිප්ටෝ මුදල් මෙචිචර වැදගත් කියන දේ ?
01. කාගෙන්වත් අවසර අවශ්‍ය නැත - තෙරැම තමයි ක්‍රිප්ටෝ මුදල් භාවිතා කරන්න ඔයාට කිසිම අයෙක්ගෙන් කිසිදු අකාරයක අවසරයක් අවශ්‍ය නොවිම. උදාහරණයක් විදියට ගත්තොත් සාමාන්‍ය මුදල් භාවිතා කරන අපට, අපේ බැංකු ගිණුමි, කාඩි පත් ඔනැම අවස්ථාවක අවහරි කරන්න, මුදල් බිලොක් කරන්න බැංකු හෝ ආදාල මුල්‍ය ආයතන වලට හැකියාව තියනවා. හැබැයි ක්‍රිප්ටෝ වලදි ඒ දේ කරන්න බැ කාටවත්. කිසිම අයෙක්ට ඔයා කරන ගණුදෙනු බලන්න බැහැ. හොයන්න බැහැ. අඩුම ගානේ ඔයාගේ විස්තරවත්.
02. ආරක්ෂිතයි - ඔබ මේ ඉගෙන ගන්න ක්‍රිප්ටෝ මුදල් හුවාමරැ සිද්ධ වන ඩිජිටල් පද්ධතිය කිසිම අකාරයකින් කිසිම හැකර් වරයෙකුට හැක් කරන්න බැ. ඒක නිසා කාටවත් මේ පද්ධතිය විනාශ කරලා දාන්න බැහැ.
03. ලාභදායකයි - සාමාන්‍ය බැංකු හරහා කරන ගණුදෙනුවලදි අයකරන අමතර ගාස්තු වලට වඩා ඉතාමත් අඩු ගාස්තුවකින් ඔයාට ලෝකේ ඔනෑම තැනකට ක්‍රිප්ටෝ මුදල් යවන්න පුලුවන්. ලබා ගන්න පුලුවන්.
ඒ වගේම මට හොදටම විශ්වාසයි මෙ ලිපිය කියවන ඔබ ක්‍රිප්ටෝ ගනුදෙනු පිළිබදව කිසිම දෙයක් නොදැන සිටියත් Bitcoin පිළිබදවනං අනිවාරෙයන්ම අහලා ඇති. එහේම නේද ? ඒ තරමට බිටිකොයින් අද ලෝකෙය් ජනප්‍රියයි. ඇයි ඒ ? අද වන විට විශාල ප්‍රමාණයක ක්‍රිප්ටෝ මුදල් වර්ග තිබුනට බිටිකොයින් තමයි මෙ බොහෝ මුදල් වර්ගවල මුලික අඩිතාලම උනේ. 2008 දි Satoshi Nakamoto කියන නමින් පිටු 9 ක වාර්ථාවක් නිකුත් කරනවා මේ මුදල් වර්ගය කොහාමද Digital ආකාරයෙන් ක්‍රියා කරන්නේ කියන ආකාරය පිළිබදව. ඊට පස්සේ 2009 දි පලමු මෘදුකාංගය එළියට එනවා. මෙතැනින් තමයි බිටිකොයින් වල ආරමිභය සිද්ධ වෙන්නේ. හැබැයි එක දෙයක්. මේ Satoshi Nakamoto කියන්නේ කවුද, ඉන්නේ කොහේද කියල ලෝකෙය් කවුරැත් දන්නැ. නම දිහා බැලුවම ජපානයේ නමක් වගේ උනාට, මෙ නමවත් අඩුම තරමේ ඇත්ත එකක්ද නැත්තං ෆෙක්ද කියලා කව්රැත් දන්නැ. සමහර විට මේ එක පුද්ගලයෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තං කණ්ඩායමක් වෙන්න පුලුවන්. එ ගැන අද වන තුරැ කිසිම සදහනක් නැ. කොහෝම උනත්, Satoshi Nakamoto විසින් නිකුත් කරපු ඩිජිටල් මුදල් පද්ධතිය සම්පුර්ණයෙන්ම විවෘතයි. ඔනැම අයකෙුට ඒක වැඩ කරන අකාරය බලන්න පුලුවන්. ඒ නිසාම තමයි මේ බිටිකොයින් සිස්ටම් එක ලෝකය පුරා පිළිගැනිමට ලක් උනේ හා ඉදිරියටත් එහේමම පවතින්නේ.
ක්‍රිප්ටෝ ආයෝජනයේ වාසි
ඔබ හිතනවාට වඩා ක්‍රිප්ටෝ ආයෝජනයේ ලොකු වාසි ගනනාවක් තියෙනවා.
1. ඔබට හැකියාව තියෙනවා ස්ටෝක් ගණුදෙනු වගේ ක්‍රිප්ටෝ මුදල් ඇරගෙන තියාගන්න ආනාගතයේදි මිල වැඩි උනාම විකුණන්න. (උදා- බිටිකොයින් (BTC), එතිරියමි (ETH), සහ මෙිහා සාමාන අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් වර්ග.)
2. එහේම නැත්තං මෙි කතාව Spot Trading විදියට දිනපතා කරලා අමතර ආදායමක් උපයා ගන්නත් ඔබට පුලුවන්. (මොකද මෙි ක්‍රිප්ටෝ වල උනත් වටිනාකම සෑම තත්පරයකම වෙනස් වෙනවා. අපිට කරන්න තියෙන්නේ මිල අඩුවුනු වෙලාවක් බලලා යමි ප්‍රමාණයක් අරගෙන, මිල වැඩි උනාම විකුණන එක. )
3. මෙි ලිපිය ලියන අවස්ථාව වෙනකොට BTC (Bitcoin) එකක මිල ඩොලර් 48000 යි. හැබැයි බොහෝ විශේෂඥයන් අනුමාන කරන විදියට බිටිකොයින් තව අවුරැදු 5 ක් යනකොට ඩොලර් ලක්ෂ දෙකක් දක්වා වැඩි වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. හිතන්න අද ඔබට ඩොලර් 100 ක හෝ 1000 ක බිටිකොයින් තිබුනොත් ඉදිරි අවුරැදු 5 න් පස්සේ කීයක්ද ලැබෙනවද කියන එක.
4. ඒක නිසා ආනාගත ආයෝජනයක් විදියට හා දෛනික ආදායමක් විදියට ස්පොටි ගණුදෙනු කියන්නේ ඉතාමත් හොද ක්‍රමයක්.
දැන් මෙතැනි එහාට තව දුරටත් අපි මේ කොහොමද වෙන්නේ හැදිලා තියෙන්නේ කොහෝමද කියන ප්‍රශ්ණ කතා කරලා ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඇවිල්ලා ක්‍රිප්ටෝ මගින් මුදල් උපයන ආකාරය දැන ගන්න මිසක්, එකේ අඩිතාලම කොහෝමද හැදිලා තියෙන්නේ කියලා දැන ගන්න නෙවෙයිනේ. නේද. ඒක නිසා ඊළග ලිපියේ ඉදලා අපි කෙලින්ම ක්‍රිප්ටෝ ගණුදෙනු කරන ආකාරය ගැන කතා කරනවා.
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.