Support and Resistance

තවත් අපි දැන ගත යුතු වැදගත් දෙයක්. එ වගේම බොහෝ දුරට හැම ප්‍රස්ථාරයකම වගේ අපිට පේන දෙයක්. සරලවම හිතන්න හරකෙක් හා වලහෙක් අතර කරට කර සටනක් ගැන. හරකා (මිලදි ගන්නා buyer) , වලහා (විකුණන්නා Seller). හරකා මිල ගණන් ඉහළට තල්ලු කරන අතර වලහා මිල ගණන් පහළට තල්ලු කරයි. මෙි අනුව Buy හා Sell අතර සටනේ දිනුම තීරණය වෙන්නේ ඇත්තටම වෙළද පොළ යන දිශාව අනුව. ඔක සරල සිද්ධාන්තයක් වුනාට බොහෝම වැදගත් සංකල්පයක් අපිට Trading වලදි. Support and Resistance කියන එකේ තෙරැම තමයි සහයෝගය හා ප්‍රතිරෝධය කියන එක.  ඒ වගේම තමයි Support and Resistance  කියන එක point වෙන්නේ ඉල්ලුම සැපයුම හමිවන ස්ථානයන් වලදි. ඔය ඉල්ලුම සැපයුම කොහෝමද වෙළද පොළට බලපාන්නේ කියන එක මම කලින් ලිපියක ඉතා හොදින් කියලා ඇති.

දැන් අපි මෙහේම හිතමු, යමි කිසි භාණ්ඩයක මිල අඩුවෙනකොට අපි කවුරැත් කැමති ඒක මිලදි ගන්න. සාමාන්‍ය වෙළද පොලෙදිත් ඔක තමා වෙන්නේ. බොහෝ භාණ්ඩ වලට. ඉතින් මෙ ආකාරයෙන් මිල අඩුවෙන්න අඩුවෙන්න අපි එ භාණ්ඩයට කරන ඉල්ලුම වැඩිවෙලා තවත් මිල පහළ යනවා. හැබැයි මේක හැමදාම එක විදියට වෙන දෙයක් නෙවෙයි. මොකද භාණ්ඩයත් නිශ්පාදනය කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවනේ. මෙයාකාරයෙන් ඇතිවන විශාල ඉල්ලුමට සැපයීමට තරමි ප්‍රමාණවත් භාණ්ඩ නොමැති වුනාම මිල ආපහු හැරෙන්න ගන්නවා ඉහළයට. ඒ කියන්නේ මිල වැඩිවෙනවා. මෙන්න මේ හැරෙන ස්ථානය තමයි අපි Support කියලා හදුන්වන්නේ. දැන් ආපහු මේහේම මිල වැඩිවීගෙන යනකොට අර කලින් තිබිබ ඉල්ලුම කෙමෙන් කෙමෙන් අඩුවෙලා තවත් එක් ස්ථානයක් එනවා ඉල්ලුම බොහෝම අඩු තැනක්. මොකද මිල වැඩි වෙනකොට අපි උනත් එක ගන්න කැමති නැනේ වැඩි මිලක් දීලා. අන්න ඒ අවස්ථාව තමයි අපි Resistance කියලා හදුන්වන්නේ. මේ Resistance අවස්ථාවෙිදි ආපහු විකුණුමි කරැවන් තම භාණ්ඩයේ විකුණා ගන්න උත්සහ කිරිම වැඩි කිරිම සදහා වැඩි වශයෙන් විකුණා දැමිමි කරනවා. එකතොට මොකද වෙන්නේ ආපහු අර මුලින් විදියට භාණ්ඩයේ මිල අඩුවෙනවා. ඔය මම පහතින් දාලා තියෙන්නේ Support and Resistance  ස්ථානයන් අපිට ප්‍රස්ථාරයක හදුනා ගත හැකි ආකාරය.

ඉහත ඡායාරෑපයේ R අකුරෙන් දාලා තියෙන්නේ Resistance , S අකුරෙන් දාලා තියෙන්නේ Support කියන ස්ථානයන්. තවත් සරලවම කියනවනමි ඔය උඩට පහළට ගිහිල්ලා තියෙන එකේ මුල්‍ය වෙළද පෙළ ඉහළටම ගිය අවස්ථාව Resistance කියලා තමයි අපි හදුන්වන්නේ ඒ කියන්නේ නැවත මෙම වෙළද පොළ පහළට තල්ලු වෙන්න පෙර අවස්ථාව. මෙකේම අනිත් පැත්ත තමයි Support කියලා කියන්නේ. ඒ කියන්නේ මුළ්‍ය වෙළද පොළ පහළට ගිහිල්ලා නැවත උඩට යන්න පෙර අවස්ථාව. පැහිදිලි නේද ? 

Support and Resistance ලකුණු කිරීම. 

දැන් හොදටම පැහැදිලිනේ මොකක්ද Support and Resistance  කියන්නේ කියලා. හැබැයි මේක විතරක් දැන ගත්තට වැඩක් නැ. අපි දැනගෙන ඉන්න ඔනි කොහෝමද මේක ලකුණු කරන්නේ කියන එකත් ගැන. එතනදීත් වැදගත් ගත් දෙයක් තියෙනවා. ඒක තමයි Support and Resistance  කියන්නේ හරියටම සංඛ්‍යා නෙවෙයි. 

ඒ වගේම හොදටම මතක තියා ගන්න ඔනි දෙයක් තමයි.  බොහෝ විට වෙළද පොළ Support and Resistance  ආරමිභ වෙන්නේ කැඩුනු වෙළද පොල තත්වයකින්. ඒක ගොඩක් වෙලාවට අපිට ප්‍රස්ථාර දිහා බලපුවම පේන දෙයක්. හොදින් බලන්න ප්‍රස්ථාරයක් ඇරගෙන ඔය Support and Resistance  ස්ථානයන් තියෙන තැන් වල තියෙන්නේ Candlestick Shadow එකක්. ඒ කියන්නේ අර ඉරක් වගේ තියෙන එකට. හැබැයි පොඩිඩක් ඉහළට හෝ පහළට ගිය ගමන් නැවත සුපුරැදු කැන්ඩිල් වලට වෙළද පොළ යනවා. ඒ කියන්නේ වෙළද පොළ නැවත හරියට සැකසේනවා කියන එක. මේ හරියට සැකසෙන්න කලින් වෙළද පොළ කරන වෙනස් කිරීම තමයි අපිට ඔය ඉරි වගේ පෙන්නේ. ඒ කියනනේ ෂැඩෝවි වලින්.


දැන් ඔය ඉහලින් මම දාලා තියෙන රෑපය බලන්න. එකේ අපිට ඔය සුදු පාට ඉරක් පෙන්නේ Support Level එක. ඒ වගේම දැන් ඔබට හොදට පේනවා ඇති ඉහළට ගිය වෙළද පොළ නැවත Support Level එකට එන්න උත්සහ කරනවා කියන එක ගැන. ඒ කියන්නේ 1.5112 ට එන්න උත්සහ කරනවා කියන එක. මෙ Support ලෙවල් එක මම ලබා ගෙන තියෙන්නේ ඒ වෙළද පොළ තතවය මත මට අවසානයට හමුනුවු කැඩුනු Support ස්ථානයන් දෙකක් භාවිතා කරලා. හැබැයි මේ Support Level ට භාවිතා කරන කැඩුනු වෙළද පොළ Support ස්ථානයන් හරියටම වෙළද පොළ කැඩිලා නිසා සිදු වුනා කියලනමි කාටවත් කියන්න බැ. බොහෝ අවස්ථාවල අපිට බලා ගන්න පුලුවන් එහේම නැතිව වෙළද පොළ ඉහළ පහළ යන අවස්ථා පවා. 

 

සාමාන්‍යෙයන් මේ වෙනස් වන විදිය බලාගන්න අපි භාවිතා කරන චාර්ටි වලින් අපිට පහුසුවෙන්ම භාවිතා කරන්න පුලුවන් චාර්ටි තමයි Candlestick Cart. මොකද මෙම චාර්ටි වර්ග අපිට හරි පහසුවෙන් උපරිම හා අවම මිල ගණන් පෙන්නන නිසා. 


ඉහත ඡායාරෑපය බලන්න. එකේ පෙන්නුමි කරලා තියෙන්නේ අපිට ගන්න පුලුවන් Resistance Level එක ගැන. දැන් ඒක දිහා පැහැදිලිව බලද්දි පේනවා Resistance ස්ථාන දෙකක් සමිබන්ධ කරලා තමයි මේ Resistance Level එක හැදිලා තියෙන්නේ කියන එක. දැන් මේ චාර්ටි එකේ Resistance ස්ථාන දෙක දිහා බලපුවම මොකද පෙන්නේ. ඒ වගේම මොකද හිතෙන්නේ වෙළද පොළ ගැන. Resistance කියන්නේ මිල වැඩිමි ස්ථානයක් කියලා මම උඩින්ම කිවිවනේ. එහේම මිල වැඩි වෙලා දැන් මේ හදන්නේ වෙළද පොළ විසින් මිල අඩු කරන්න. අපි මෙහේම හිතමුකෝ, එක් වරක් සාමාන්‍ය දුරට මිල අඩුකරන්න වෙළද පොළ විසින් උත්සහ කරන අතර හැබැයි වෙළද පලේ ඉන්න ගැනුමි කරැවන් තවත් ඉන්න නිසා වෙළද පොලේ මිල නැවත ඉහළ යනවා. නැවත ඉහළ ගිහිල්ලා හැරෙන්න හදන ස්ථානය නිසා තමයි ඔය Resistance  ස්ථාන දෙකක් තියෙන්නේ. දෙවැනි පාරනේ පසුව වෙළද පොලේ මිල අඩුවේගගෙනම ගිහිල්ලා කියලා පේනවා නේද? සාමාන්‍ය විදියට බැලුවොත් , Resistance ස්ථාන දෙකක් හමිබෙනවාවනමි ඉදිරිය බොහෝ තුරට පහළට යාමට හැකි වෙයි කියලා අපිට සාමාන්‍ය විදියට නිගමනය කරන්න පුලුවන්. 


ඉහත ඡායාරෑපය බලන්න. එකේ ඔබට පෙන්වා ඇති Resistance Level දෙකක්. මෙන්න මේ වගේ ඒවට තමයි අපි කියන්නේ Resistance Zone (කලාප) කියලා. මේ වන විට මම හදුනා ගෙන තියෙන දත්ත හා අවධාරණය කර ගෙන තිබෙන තොරතුරැ අනුව Resistance Zone එකක් ඇතුලේ බොහෝ විට මිල ගණන් පහළ යන ප්‍රවණතාව වැඩියි කියන එක. ඒ කියන්නේ අපිට Sell කරන්න පුලුවන් අවස්ථා ව වැඩි කියන එක. ඒක ඉහත රැපය දිහා බැලුවමත් හොදට පේනවා. මොකද Resistance Zone එකේ ඉන්නැද්දි මිල පහළට තල්ලු කරන හින්දා. බොහෝවිට Support Zone එකේදි වෙන්නෙත් මේ වගේ දෙයක්ම තමා. 


දැන් ඉහත ඡායාරෑපය බලන්න. එකෙන් පෙන්නලා තියෙනවා ප්‍රධාන Resistance වර්ග හා Support වර්ග. ඒ වගේම දැන් මේ ලිපියෙන් මම බොහෝ දුරට ඉතා සරලව මෙම Support and Resistance කියන්නේ මොනවද එකෙන් වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දුන්නා. වැටහුනේ නැත්තං නැවත නැවත කියවලා අවධානයට ගන්න උත්සහ කරන්න ඔනි. මොකද අපි දැන් ඉදිරියට තවත් බොහෝ ගැඹුරැ මාතෘකා කථා කරන හින්දා ටික ටික අමාරැ වෙන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. එ කොහොම අමාරැ වුනත් පුලුවන් උපරිම සරලව පැහැදිලි කරලා දෙන්න තමයි මම උත්සහ කරන්නේ. අවශ්‍ය වෙන්නේ ඔබ කැපවීමෙන් කරන අධ්‍යනය. දැන් හොදින් බලන්න මේ ලිපියෙන් Support and Resistance භාවිතා කරලා අපිට එන්න පුලුවන් නිගමන මොනවද කියලා. ඔය මම පහතින් දාලා තියෙන අනුමාන කිරිමි මම අත්දැකීමෙන් වටහා ගත්ත නිගමන කිහිපයක්. මං හිතනවා ඒක ඔයාලටත් වැදගත් වෙයි කියලා.

1. මිල ගණන් Support මටිටමේ තියෙනවනමි බොහෝ දුරට Resistance වෙත යැමේ ඉඩ කඩ වැඩියි.

2. මිල ගණන් Resistance මටිටමේ තියෙනවනමි බොහෝ දුරට Support වෙත යාමට ඇති ඉඩ වැඩියි.

3. ඒ වගේම Support Zone එකක් තුල වෙළද පොළ දෝලනය වෙනවනමි Support අවස්ථා කිහිපයක් සමග Resistance වෙත යාමේ ඉඩ කඩ වැඩියි.

4. Resistance Zone එකක් තුල වෙළද පොළ දෝලනය වෙනවනමි අවම Resistance ස්ථාන දෙකක් වගේ ඇතුලත වෙළද පොළ නැවත Support මටිටමට යාමේ ඉඩ කඩ වැඩියි.

5. බොහෝ විට Support and Resistance ස්ථාන අනුසාරයෙන් දින ගනන් පවතින්න යොද ගනුදෙනු වලට වඩා කුඩා ප්‍රමාණයේ ගණුදෙනුවලට භාවිතා කරන්න පුලුවන්.

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.