ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස

හොදයි මෙතින්න එහාට මම කියලා දෙන්නේ කොාහෝමද අපි අපේ ගිණුමි අලාභයකට නොයවා ඉතා පහසුවෙන් හා සුක්ෂම ලෙස ලාභයට හරවා ගන්නේ කියලා. කවිරැත් දන්නවා Forex Trading වලදි වැදගත්ම දෙයත් ඒක. ඉතින් මතක ඇතිනේ මම කලින් ලිපියෙන් සරල ක්‍රමවේදයක් හදුන්වලා දුන්න ආකාරය. මං හිතනවා ඔයා ඒක ටිකක් පුහුණු කරන්න ඇති කියලා. ටිකක් නෙවෙයි හරිනං ගොඩත් පුහුණු වෙන්න ඔනි. මොකද පුහුණුව තමයි අත්‍යාවශ්‍ය කරන කාරණය. ඒක නිසා දන්නැ හෝ තෙරැන්නැ කියන එකට වඩා ඔබට තෙරෙන විදියට පුහුණු ගීණුමෙන් ගනුදෙනු යොදන එකයි අනිවාරයෙන්ම කරන්න ඔනි දේ. 

හොදින් මතක තියාගන්න. ඔයාට අවශ්‍යනමි සත්‍ය මුදල් තැන්පත් කරගන්න පුලුවන් හැබැයි, තාම Real account වල Real Trading දාන්න කිසිම ලෙසකින්වත් උත්සහ කරන්න යන්න එපා. මොකද තව දේවල් ගොඩක් තියෙනවා දැන ගන්න. ඒ දේවල් ගැන හරි හැටි දැනුමක් නොමැති සත්‍ය ගිණුමි වල වැඩ කරන්න යන එක හරි අවදානමි. ඔය තැන් තැන් වල ගිහිල්ලා අරක මේක ඉගෙන ගෙන ඇවිල්ලා හිතු මානාපෙනට කවුරැ හරි ගනුදෙනු කරනවනං දැන්මම එක නවත්තලා කියලා තියෙන විදියට යන්න පාඩු නැතිව ලාභ ගන්න ඔනිනං. මම පෙන්වලා දෙන විදියට පුහුණු වෙන්න.  එතකොට ඔයාටම තමයි පහසු. හරි අපි ලිපියට යමුකෝ. දැන් ඔය කලින් ලිපි වල අපහැදිලි තැන තියෙනවනමි කරැණා කරලා help@lakforex.com ඉමෙල් ලිපිනයෙන් හරි Viber/IMO චැටි වලට ඇවිල්ලා පැහිදිලි කර ගන්න. එහේම නැතිව නොදැන යන්න එපා. මොකද මම කැමති නැ මේ වෙබ් අඩවිය භාවිතා කරන කිසිම කෙනෙක් Lost වෙනවට. 

අවදානම බැහැර කර ගන්නා ආකාරය. 

මේ අවදානමි කලාපය ගැන පැහැදිලි කර ගැනිමෙදි දැන් ඔයා හිතන්න ඔනි අපි වෙළද පොලේ ගණුදෙනු කරන්නේ පහත විස්තර වලට අනුව කියලා. හැබැයි මෙි මාතෘකාව රියල් ගිණුම් වලට සමිබන්ධ වුනාට අපිට පුහුණු වෙන්න පුලුවන් පුහුණු ගිණුමි වලදි විතරයි. 

Account Leverage - 500:1 
Main Invest  - $ 100
Buy Price - 1.2800
Volume - 0.01 (Lot Size)

මම ඔයාලට කලින් ලිපියේ කියලා දුන්නා Mountain System කියලා ක්‍රමයක්. ඒක කවුරැත් හොයා ගත්ත ක්‍රමවේදයක් නෙමෙයි. මමම අත්දැකීමෙන් දන්න දෙයක් ඒක. සරලයි, හැබැයි 90% අවස්ථාවන් වල වෙන්නේ ඒ දේ. පුහුණු ගිණුමි වලින් පුහුණු වෙන්න භාවිතා කරන්න පුලුවන් සරල හා හොදම ක්‍රමයක් මුලික වශයෙන්. 

දැන් අපි මේ ලිපියෙන් කථා කරන්නේ කොහෝමද අපේ ගිණුමේ අපි දාලා තියෙන Invest එකට අනුව අවදානම නැති කර ගන්නේ කියන එක. මෙක හරිම පහසු දෙයක්. ඒ වගේම Real Trading කරන කෙනෙකුට ඉතාම වැදගත් මාතෘකාවක් නිසා අනිවාර්යෙන්ම මේ ගැන හොද අවධානයක් යොමු කරන්න. 

මුලින්ම මේ ගැන කථාකරන්න කලින් මතක කරන්න ඔනි දෙයක් තියෙනවා. ඒක තමයි අපි Demo Account භාවිතා කරලා Trading කරන කොට Volume විදියට භාවිතා කරන්න ඔනි ගාන තමයි 0.01. මෙිකට ඔනිනං Lot Size කියලත් කියන්න පුලුවන්. මෙක තමයි අපිට මුල්‍ය වෙළද පොලේ ගණුදෙනුවලදි භාවිතා කරන්න තියෙන අඩුම ගාන. පොඩි ආයෝජන වලින් ගණුදෙනු කරන අයට ගොඩක් වාසියි. 

දැන් මේ 0.01 කියන්නේ අපි යමි කිසි ගණුදෙනුවක් විවෘත කරනකොට අපේ ප්‍රධාන Invest එකෙන් Market එකට වැටෙන ප්‍රමාණය. ඒ කියන්නේ රැපියල් ලක්ෂ 10 ක් කොටස් වෙළද පොලට ආයෝජනය කරලා එකෙන් ලක්ෂ  1 ක විතරක් කොටස් ගන්නවා වගේ වැඩක්. එතකොට තව ලක්ෂ 9 ක් අපිට ඉතුරැයි අවශ්‍යනමි වෙනත් සමාගමක කොටස් මිලදී ගන්න. මෙි දේම තමයි අපි මුල්‍ය වෙළද පොලෙදි කරන්නේ.

සාමාන්‍යෙයන් මුල්‍ය වෙළද පොළ ගණුදෙනු වලදි අපි ආරමිභ කරන්නේ $100 ඉදලා නිසා අපිට ඉතා වැදගත් අපිට භාවිතා කරන්න පුලුවන් අවම 0.01 ලොටි සයිස් එකෙන් ගණුදෙනුවක් යෙදුවම කොචිචර ප්‍රමාණයක් වෙළද පොළට USD වැටෙනවද බලන්න. මතක තියාගන්න මුල්‍ය වෙළද පොල ගණුදෙනු වලට ආවට පස්සේ ගණුදෙනු යොදන්න අපි භාවිතා කරන්නේ USD. අපි මෙහෙන් යොදන මුදල් අපේ Forex ගිණුමට වැටෙන්නෙත් USD විදියට. තවත් විදියටක් කිවිවොත් Deposit ,Withdraw කරන්න භාවිතා කරන්නේත් USD. රැපියල් භාවිතා වෙන්නේ මෙහෙන් මුදල් අපේ ගීණුමට තැන්පත් එහේමත් නැත්තං Invest කරනකොට පමණයි.  හරි එහේනමි අපි බලමු අර කොටස් වෙළද පොළට වැටෙන ලක්ෂ 01 වගේ මුල්‍ය වෙළද පොලේ 0.01 භාවිතා කලොත් කොපමණ ඩොලර් ප්‍රමාණයක් වැටෙනවද කියලා. ඒක බලන්න පුලුවන් අපිට පහත ආකාරයෙන්. 

අපි හිතමු දැන් GBP/USD කියන Currency Pair එක වෙළදපොලේ තියෙන්නේ 1.2800 ට කියලා. 
USD Lot 1 =  100,000 (මතකයිනේ කලින් ලිපිය. Lot පිළිබදව මම එතන දාලා ඇති) 
100,000 x 1.2800  = $ 128,000 ක් අවශ්‍ය වෙනවා මේ Lot 1 ක් ගන්න. (මෙ Leverage නොකළ විට.) 

දැන් අපි මේ ගිණුමි විවෘත කරලා තියෙන්නේ Leverage 200:1 කියන එකෙන්නේ. එකතොට
එකතොට ඔයාට Lot එකකට ගෙවන්න වෙන හරිම ගාන වෙන්නේ , 
$ 128,000 බෙදීම 500 (ගිණුමෙි ලැවරේජ් එක 500:1 නිසා)  = $ 256 (අපේ ගිණුමි වලින් මේ Lot 1 ක් ගන්න දැන් $ 256 ක් ඇත්තටම අවශ්‍ය වෙනවා. නමුත් අපි ගන්නේ Lot 1 නුත් 0.01 ක්. ඒ කියන්නේ 100 න් 1 ක්. )
$ 256 බෙදීම 100 = $ 2.56 ක්. 
(100 න් බෙදන්නේ ලොටි 1 කකට 0.01 ඒවා 100 ක් තියෙන හින්දා)


හරි දැන් ඔයාට පැහැදිලිනේ මේ 0.01 ට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය අපි හොයා ගත්තේ කොහෝමද කියන එක. මේ ගාණ වටහා ගන්න කලින් ලිපියේ Lot කියන එක අවබෝධ කර ගැනීම අවශ්‍යයි. දැන් ඔයාට ප්‍රශ්ණයක් ඇති ඇයි අපි මේ ගාණක් හැදුවේ මේ වෙළාවේ කියලා. අපි මේක හැදුවේ අපි අපේ ගිණුමට යොදවන මුලික ආයෝජන හා අපි යොදන ගණුදෙනු වලින් අපේ අවදානමි කාලාපය දැන් ගන්න අවශ්‍ය වෙන අත්‍යාවශය දෙයක් නිසයි. හේතුව ලිපිය අවසානයට ඔයාට පැහැදිලිවම වැටහේවි. ඒවගේම වැදගත්ම කාරණය තමයි මුදල් වර්ගයක මිල එහා මෙහයා යන්න යන්න එ මුදල වෙනුවෙන් 0.01 කට අපිට වෙළද පොළට යොදවන්න වෙන මුදල් ප්‍රමාණයත් එහා මෙහා වෙනවා. ඔයාට යමි කිසි අවස්ථාවක 0.01 වැය වෙන ඩොලර් ප්‍රමාණය හොයාගන්න අවශ්‍යනමි කරන්න තියෙන්නේ ඉහත ගනනට දැනට වෙළද පොලේ තියෙන නිවරැදි දත්ත ඇතුලත් කරලා බලන එක. මෙික හැම අවස්ථාවකම ගණුදෙනුවක් යොදන්න කලින් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. සතියකට සැරයක් විතර කරත් ඇති. අවශ්‍යනමි නොකරම ඉන්න පුලුවන්. නමුත් ගිණුමෙි පාලනයක් ඇති කර ගන්න මෙිවා පිළිබදව අවබෝධයක් තියෙන එකත් ඉතා වැදගත්. දැන් මේ ගාණ පොඩිඩක් ඔහෝම තියලා අපිට යන්න වෙනවා ආපහු Pips කියන එක පැහැදිලි කර ගන්න. මොකද මේ අවදානමි කලාපය දැන ගැනීමෙදි මේ පිප්ස් කියන එකත් අපිට ගොඩක් වැදගත් නිසා. 

හරි දැන් ඔයා දන්නවනනේ Pips කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැතිනමි Basic Trading - 2 ලිපිය නැවත වතාවත් කියවන්න. එම ලිපියේ අවසානයට මම Pips කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරලා තියෙනවා. ඔය අපි ආයෝජනය කළ මුදල ඒ කියන්නේ $ 100(මීට වඩා යොදවන අය වැඩි කරලා හාදා ගන්න). ඉතින් අපි මුලින්ම හොයා ගන්න ඔනි අපි මේ යොදවන මුදලේ ඇතුලත කොචිචර Pips ප්‍රමාණයක ඒරියා එකක් අපිට තියෙනවද කියලා. දැන් ඔයාලා බලයි ඇයි මේ Invest කරපු මුදලේ Pips හොයන්නේ කියලා. මොකද අපේ අවදානමි කලාපය අපිට හොයා ගන්න මේ Pips කියන එක අතිශයින් වැදගත්. හේතුව අපි මේ ගණුදෙනු කරන Forex Market එකේ මිල ඉහළ පහළ යැම් පෙන්වන්නේ Pips වලින් නිසයි. 

ඉතින් අපි මේ එක Pips එකකට තියෙන $ ප්‍රමාණය හොයාගත්තනමි අපිට අපේ Invest එකේ තියෙන සමිපුර්ණ Pips ප්‍රමාණය ඉතා පහුසුවෙන් හොයාගන්න පුලුවන්. දැන් අපි එකකට තියෙන ඩොලර් ප්‍රමාණය හොයාගන්නේ කොහෝමද ? මේක ඔයාලට අමාරැයි වගේ පෙනුනට හරිම ලේසි. ටිකක් කල්පනා කරලා බල්නනකෝ ලේසි නැද්ද කියලා. 

සාමාන්‍යෙයන් ඔයා දැන් Trading දාලා ඇතිනේ Demo account එකෙන් හරි. අපි මේ 0.01 කියන Lot Size එක භාවිතා කරලා Trading එකක් open කලොත් ඒ දාන ගිණුමේන් අපිට එක Pips එකකට $ 0.1 ලාභයක් හෝ අලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි GBP/USD , 0.01 Lot Size එකෙන් මිල 1.2800 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. දැන් මේක Market එකට වැටිලා තියෙන Trade එකක්නමි ඔයාට පේනවා ඇති Software එකෙන් ලාභය හෝ අලාභය පෙන්වන ආකාරය. ඒ කියන්නේ වෙළද පොළ 1.2800 ඉදලා 1.2830 දක්වා ඉහළ ගියානමි ඔයා Pips 30 ක් ලාභ ඇරගෙන තියෙනවා. මොකද අපි ගණුදෙනුව විවෘත කරලා තියෙන්නේ 1.2800  දි නිසා. ඒ දාලා තියෙන්නේ Buy Order එකක් නිසා මිල ඉහළ ගියාම තමයි ලාභ ලැබෙන්නේ. මෙි නිසා අපි භාවිතා කරලා තියෙන්නේ 0.01 නමි pips එකකට $ 0.1 ක ලාභයක් ඉහළ ගියානම් හෝ පහළ ගියානමි අලාභයක් විදියටත් ලැබෙනවා. සරලව හිතුවොත් ඔයා මේ ගනුදෙනුවෙන් Pips 30 ක ලාභයක් ඇරගෙන තියෙනවා තියෙනවා කියලා එහේනමි සමිපුර්ණ ලාභය $ වලින් කීයක්ද කියලා කියන්න පුලුවන්ද ? හරිම ලේසි. ඔයා දැන් හරියටම $ 3 ක ලාභයක් ඇරගෙන තියෙනවා අර පිප්ස් 30 ක ගනුදෙනුවෙන්. ඒ කියන්නේ

$ 0.1(එක පිප්ස් එකකට ලැබෙන ලාභය හෝ අලාභය) x Pips 30 = $ 3

මේක මේ විදියටම තමයි වෙන්නේ.  ඔයාටත් බලන්න ඔනිනමි 0.01 Lot Size එකෙන් ගණුදෙනුවක් දාලා බලන්න ඇත්තටම එක Pips 1 ට $ 0.1 නෙමේද ලාභ හෝ අලාභ එන්නේ කියලා. එතකොට ඔයාටම බලාගන්න පුලුවන් මේක වෙන්නේ මේ විදියටමයි නේද කියලා. හරි දැන් මේක හොයා ගන්න පුලුවන්නේ. ඒ වගේම තමයි ඔයා මේ දාපු ගණුදෙනුවන් ආපස්සට ගිහිල්ලා Pips 30 ක් ආලාභයක් ඇවිල්ලානමි එත් ඔයාට $ 3 ක් පාඩුයි. පැහැදිලිනේ. අපි මේ ඔක්කෝම හොයාගෙන අපි යන්නේ අපි දාලා තියෙන මුදලට අපිට ගණුදෙනු කරන්න පුලුවන් කලාපය (Trading Area ) එක දැන ගන්න. දැන් අපි බලමු මොකක්ද මේ ගනුදෙනු කලාපය කියන්නේ කියලා. 

ගණුදෙනු කලාපය (Trading Area) 

ඇත්තටම මේ කියන්නේ අපි යොදවන Invest එකට සාපෙක්ෂව අපිට ගණුදනු කරන්න පුලුවන් කලාපය. මේ කලාපය ඇතුලේ අපට බය නැතිව ගනුදෙනු කරන්න පුලුවන්. ඉතින් ඔය අලුතෙන් යන අය අනිවාර්යෙන්ම මේ පිළිබදව දැනගෙන ඉන්න එක බොහෝම වැදගත්. එතකොට කිසිදු ලොස් එකක් නැතිව බොහෝම පහසුවෙන් අපිට ගණුදෙනු කරන්න හැකියාව ලැබෙනවා. හොදයි දැන් අපි උඩ පැහැදිලි කිරීම වලදි 0.01 Lot Size එකට වෙළද පොළට වැටෙන USD ප්‍රමාණයත් , එක පිප්ස් එකකට අපිට ලැබෙන ලාභය හෝ අලාභය USD වලිනුත් හොයා ගත්තා. මෙතනදි අපිට මේ දෙකම ඉතා වැදගත් වෙනවා. අපි බලමු එහේනමි අපේ Trading Area එක මොකක්ද කියලා. දැන් ඔයා මුලින් යොදවලා තියෙන්නේ $ 100 ක් නමි අපි බලමු අර එක පිප්ස් එකකට ලැබෙන ඩොලර් අගය භාවිතා කරලා මේ දාලා තියෙන මුලු මුදලේම ඇතුලේ අපිට කීයක් Pips Area එකක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ අපේ කලාපය. 

0.01 ලොටි සයිස් එකෙන් එක පිප්ස් එකකට අපිට $ 0.1 ලැබෙනවනමි $ 100 ක් වෙන්න අපට Pips කියක් ඔනි කරනවද ? ඒ කියන්නේ අර පිප්ස් 30 කට $ 3 ක් වගේ තමයි $ 100 ට කියක්ද කියන එක. 

$ 100 බෙදීම $ 0.1  = 1000 (මේ 1000 කියන්නේ අපේ මුලු මුදල ඇතුලේ අපිට ලැබෙන Pips ප්‍රමාණය)

ඔන්න දැන් අපිට අපේ Trading Area එක පහසුවෙන් හදුනා ගන්න පුලුවන්. දැන් ඔයාට පැහැදිලිනේ අපි යොදවලා තියෙන $ 100 ඇතුලේ අපට ගණුදෙනු කරන්න පුලුවන් Pips 1000 ක් තියනවා කියලා. දැන් මෙකේ වටිනාකම අපිට පහත පරිදි බලාගන්න පුලුවන්. 

අපි හිතමු ඔයා 1.2800 දි Buy Order එකක් දාලා තියෙනවා කියලා. ඉතින් ඔයාට මේ ගණුදෙනු ඇතුලේ Pips 1000  කලාපයක් තියෙනවා ගණුදෙනුව ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපේ මුලික ආයෝජනය $ 100 යි නමි අපි දාලා තියෙන Buy එකෙන් පහළට ආසාමාන්‍ය විදියට වෙළද පොළ පහළ ගියොත් ඔයාගේ ගණුදෙනුව රැදිලා තියෙන්නේ මේ Pips 1000 ඉවර වෙනකමි විතරයි. මොකද අපි දැන් දන්නවා Buy Order එකක් Lost වෙන්නේ ගත්ත ගානට වඩා වෙළද පොළ පහළ ආවොත් කියලා. ඒක නිසා 1.1800 වෙනකමි අවස්ථාව තියෙනවා වෙළද පොලේ රැදි ඉන්න මේ මුලික ආයෝජනය අනුව. ඒ කියන්නේ යොදන ලද ගණුදෙනුව වැරදුනොත් ඔයාගේ ගිණුම සමිපුර්ණයෙනම් Lost වෙලා යන්න වෙළද පොළ 1.1800 දක්වා පහළ බහින්න ඔනි වෙනත් කිසිදු ගණුදෙනුවක් නැතිව එක් ගණුදෙනුවක් පමණක් යොදලා තියෙනවනම්. මෙහේම සිදුඋනේ නැත්නම් ඔයාගේ ගිණුම Lost වෙන්නේ නැ කවදාවත්. 

හැබැයි ලාභ පැත්තට මෙ කලාපය අදාල නැ. මොකද ලාභ ලැබෙන්න ලැබෙන්න ගිණුමට මුදල් එකතු වෙනවා වගේම අපිට වාසි නිසා. මතක තියාගන්න අපි යොදන ලද ගණුදෙනුවෙන් කොතරමි ප්‍රමාණයක් ලාභ ලැබුනත් වැඩක් වෙන්නෙ නැහැ අපි ඒ ගණුදෙනු අවසන් කරලා ලැබුනු ලාභය අපේ ගිණුමට එකතු නොවන තාක් කල්. මෙි ලැබිලා තියෙන ලාබය අපි ගත්තේ නැත්තං වෙළද පොළ නැවත පහලට ගිහිල්ලා ලාභය නැති වෙලා ආලභ පැත්තට උනත් යන්න පුලුවන්. ඒක නිසා යොදන ලද ඔනෑම ගණුදෙනුවකින් ලාභයක් ඇවිල්ලා තියෙනවනං වෙළද පොළ තව දුරටත් ලාභ පැත්තට යයි කියලා විශ්වාසයක් තියෙනවනමි පමණක් ගණුදෙනුව අවසන් නොකර තියන්න. එහේම විශ්වාසයක් නැතිනමි කිසිම අවස්ථාවක් හිත හිත ඉන්නේ නැතිව ලැබිලා තියෙන ලාභය ගන්න ගණුදෙනුව අවසන් කරන්න. මොකද මුල්‍ය වෙළද පොලේදි වැරදීමි වලට සාමාවක් නැ. Loss නම් Loss. profit නම් profit. No chance for a mistake. 

ඉතින් මේ හේතුව නිසා අපි කිසිම අවස්ථාවක $ 100 ක් නම් ගිණුමට දාලා තියෙන්නේ ගණුදනෙු දෙක තුන එක පාර දාන්න යන්න එපා ගණුදෙනු කරන්න ආරම්භ කරපු මුල් කාලයේදි. මොකද එහේම දාන අය තමයි ඉක්මනට ගිණුම නැති කර ගන්නේ. ඇයි එහේම වෙන්නේ ?. මම උඩින් කියපු Pips 1000 ක අවදානම් කලාපයක් ලැබෙන්නේ දාන එක Trade එකකට විතරයි. දෙකක් දැමිමොත් Pips 1000 , 500 වෙනවා. ඒ කියන්නේ තවත් කලාපය අඩුවෙලා අවදානම වැඩි වෙනවා කියන එක. ඔයා ගණුදෙනු දෙකක් දාලා තියෙනවනමි දැන් ඔයාට ලැබෙන්නේ Pips 500 ක කලාපයක් විතරක් නිසා අර 1.2800 ට දාලා තියෙන ගණුදෙනු ආපස්සට ඇවිල්ලා 1.2300 දි Lost වෙළා යනවා. දැන් ඔයාට පේනවා නේද ඇයි ඔය ගොඩක් අය ටික දිනකින්ම තමන්ගේ ගිණුිමි නැති කර ගන්නේ කියලා. මෙන්න මේකට තමයි තියන්නේ අපේ ගිණුමේ අවදනාමි කලාපය කියලා. මේ අනිවාර්යෙන්ම ඔයා දැන ගෙන ඉන්න ඔනි දෙයක් .

ඒ වගේම තමයි තව සමහරැ Forex වලින් ලාභ ගන්න පුලුවන්ද කියලා බලන්න මුලින් දාන්නේ $ 50 ක් හෝ ඊට වඩා අඩුවෙන්. ඉතින් මේ ප්‍රමාණය ඉතා පොඩි ආයෝජනයක් නිසා ඔබට ලැබෙන අවදානමි කලාපය ඉතා අඩුයි කියලා පැහැදිලි කරලා දෙන්න අමුතු වර්ණනා හෝ කතන්දර අවශ්‍ය නැහැ. යොදවන මුදල අඩුවෙන්න වෙන්න ගිණුම අවදානම වැඩිවෙනවා. යොදවන මුදල වැඩි වෙන්න වෙන්න අවදාම අඩුවෙනවා. මෙික අනිවාරයෙන්ම දැන් ඔයාට වැටහෙන්න ඔනි කාරණාවක්. මොකද $ 50 ක ගිණුමකට ලැබෙන්නේ Pips 500 කලාපයක් විතරනේ. ඒතකොට එවැනි ආයෝජනයක් සහිත ගිණුමකින් ගනුදෙනු දෙකක් දැමිමොත් මෙි 500 ක අවදානමි කලාපය 250 කට බහිනවා. යොදවන මුලික මුදලට අනුව එක ගණුදෙනුවක් යෙදීම සදහා අවදානම් කලාප ලැබෙන ආකාරය පහතින් බලන්න. 

$ 50 ක් නමි  = 500 
$ 100 ක් නමි  = 1000
$ 200 ක් නමි  = 2000
$ 500 ක් නමි  = 5000
$ 1000 ක් නමි = 10,000 යි. 

දැන් ඔයාට වැටහෙනවා නේද අවදානම පිළිබදව. ඒකයි මම කියන්නේ යොදවන්න පුලුවන් පුලුවන් උපරිම මුදල යොදවන්න. මං දැක්කා සමහරැ දාලා තියෙනවා මුලින් $10 ක් දාන්න. 20 ක් දාලා බලන්න ආදි වශයෙන්. එහේම දාන්න පුලුවන්. නමුත් අවදානමි ඉතා අධකයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ. මුල්‍ය වෙළද පොලේ ගණුදෙනු කරද්දි අපි කරගන්න ඔනි ප්‍රධානම දේ අපේ ගිණුමෙි අවදානම අඩු කරගන්න එක මිසක් වැඩි කරගන්න එක නෙවෙයි. එහේම නැති ඉතා කුඩා ආයෝනයන් දාලා මුදල් නැති කරගත්තම පස්සේ එවැනි අය කියන්නේ මෙික කරන්න බැරි දෙයක් කියලා. විශාල පල්ලමක් සහිත ස්තානයක පල්ලම ආසන්නයේම ඉන්නවට වඩා ඈතින් ඉන්න එක අවදානම් අඩුයි නේද ? ඒක නිසා ඔයාලම තමයි ඉහත ගණන් හොදට අධ්‍යනය කරලා තිරණය කරන්න ඔනි අඩු ගාණක් දාලා අවදානමි වැඩි කරගන්නවද වැඩි ගානක් යොදවලා අවදානමි අඩු කරගන්නවද කියලා. මට කියන්න පුලුවන් එකම දේ දානවනමි $100 ඉහලට දාන්න. ඔයා සමහර විට මෙික අලුතෙන්ම ආරමිභ කරපු කෙනෙක් වෙන්න පුුලුවන් නමුත් මම පෞද්ගලිකව Forex Trading දැන් අවුරැදු 12 ක විතර ඉදලා කරනවා. මෙි අපු කාලයේ සාමාජිකයන් 10000 කට වැඩි ප්‍රමාණයක් එක්ක කටයුතු කරපු නිසා මට 100% ක් අවධාරනයෙන් කියන්න පුලුවන් මෙි දේ.  

ප්‍රශ්ණ හා අපහැදිලි තැන් තියෙනවනමි කෙමෙන්ටි කරන්න. 

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.